කන්න බොන්න කලින් එන්න

Udumbara Caters – Thibirigasyaya ( උදුම්බරා කේටර්ස් )

banner

අගනුවර තිබෙන සම්ප්‍රදායී කෑම කඩ අතර ඉතා කාලයක් තිස්සේ නමක් තබාගෙන සිටින රසවත් කෑම පිරිනමන කේටරින් සේවාවක් තමයි උදුම්බරා කේටර්ස් කියන්නේ.ඔවුන් කෑම සපයන්නට ආරම්භ කරන්නේ 1974 වර්ශයේ.ඒ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරයක් විදියට.එහි ආරම්භිකාවක් තමයි උදුම්බරා මහත්මිය. ඇගේ නමිනුයි ඔවුන්ගේ කේටරින් සේවාව නම් කරලා තියෙන්නේ.ඒ කාලේ ඉඳන් අද වෙනතුරු ඔවුන් තමුන්ගේ නාමය එක ලෙසින් පවත්වාගෙන ඇවිත් තිබෙනවා. ඔවුන් දිවා ආහාරය තිඹිරිගස්යායේ සපයනවා.අපේ මේ කතා බහ උදුම්බරා කෑම රස ගැන.

වටපිටාව

මෙතන වාහන් ශබ්ධ වලින් තොර නිදහස් තැනක්.ටිකක් සැඟවිලා වගේ තිබෙන්නේ. ඉතාමත් පිරිසිදුයි. ආහාර ගන්න තිබෙන තැන නම් ටිකක් කුඩායි. ගොඩ දෙනෙක් ට එක වර කෑම කන්න නම් ඉඩක් නෑ.අරන් ගෙනිහින් කනව නම් තමයි වඩා හොඳ.ලීයෙන් සැදූ කුඩා මේස සහ පු‍ටු වලින් ආහාර ගන්න කොටස යුක්තයි.වාහන ශබ්ද එහෙමත් නැහෑ. ඒ පාරෙන් ටිකක් ඇතුලට වන්න තිබෙන නිසා.ඒත් ටිකක් කලබල ගතියක් දවල් දොලහේ ඉඳන් එක හමාර වෙනතුරු පමන තිබෙනවා.. ඒ කෑම අරන් යන පිරිස ටිකක් වැඩි නිසා.

බඩජාරි මෙනුපත

අපි කලිනුත් කිව්ව මෙහි කෑම වඩාත්ම රස රයිස් ඇන්ඩ් කරිය. කෑම ඉතාම ප්‍රනීතයි.ගොඩ දෙනෙක් වයස අවුරුදු 50ට එහා පුද්ගලයන් මෙතන සුලභ දසුනක්. ඒ සියල්ලන්ම එන්නේ මෙහි රයිස් ඇන්ඩ් කරිය රස විඳින්න.ඔබට මස් මාලු බිත්තර විදියට කැම ලබාගන්න පුලුවන්. සාමන්‍යයෙන් එලවලු වර්ග 4ක් කෑම වේලට ඇතුලත්. බිත්තර සහ මාලු කෑම එකක් 160යි. චිකන් කෑම එකක් ගන්නව නම් 170ක් වෙනවා. විශේශයෙන් කියන්න ඕනි මේ කෑම වලට රස කාරක එකතු කර නැහෑ. ගෙදර හදපු කෑම වේලක් වගේ රසයි. ඒ නිසයි ගොඩ දෙනෙක් මෙතනට එන්නේත්.udumbara1

ඔවුන්ගේ බත් එකත් ඉස්තරම් සුදු හාලක්. ලැබෙන මාලුව අතර ගමේ රසට රසවත් මාලුපිනි දිනෙන් දින වෙනස් වෙනවා.

ඒ වගේමයි ඔවුන්ගේ කෑම අතරට දිනපතා දවස් තුනකට මරුවෙන් මාරුවට බුරියානි කහ බත් සහ ෆ්‍රයිඩ් රයිස් පිරිනමනවා. ඒකක් 220යි.ඉතින් මෙතනට දෙන්නෙක්ට රුපියල් 500කින් හොඳ හැටි සප්පායම් වෙන්න පුලුවන්.කොහොම උනත් පිඟනට ලැබෙන ප්‍රමානය සාමාන්‍යයි. බඩේ ගොඩක් ඉඩ ඇති බඩජාරියෙක්ට නම් ඒ ප්‍රමානය පොඩ්ඩක් විතර මදි..ඒත් මදි හරියට ගන්න ඩෙසර්ට් මෙහි තිබෙනවා.
සේවාව

මෙහි වේටර් වරු කියා වෙනම පිරිසක් සේවයේ නැහැ.කෑම ගෙනෙන්නෙත් පිටින් උයලා.ඒ නිසා අපිට විශේශිත සේවාවක් නැහැ. මෙහි ඔබ ආහර සඳහා බිල්පත ගෙවන මොහොතේ ඊට නියමිත අංකයක් ලැබෙනවා. ඒ අංක පිලිවෙලට තමයි ඔබට කෑම එක ලැබෙන්නේ..12 ටවත් ගිහින් මෙහි අංකයක් ලබාගන්නව නම් හොඳයි.එවිට ඉක්මනින් ඔබේ කෑම එක ලබාගන්න පුලුවන්.නැත්නම් 1.30 පසු වී ලඟාවෙමයි වඩා සුදුසු.මෙහි කාර්‍ය මන්ඩලය ඉතා වේගවත්. කාර්යශීලී. පිඟානට බත් බෙතන වේගය මදක් වෙලා එක දිගට බලා හිඳිය හැකි තරම්.
මග

මෙතනට කොලඹ සිට එනවා නම් 138 බස් පාරේ ඇවිත් තිඹිරිගස්යාය හංඳියෙන් වමට හැරිලා පන්සල එහෙමත් පහු කරලා එන්න ඕනි. හඳියේ ඉඳන් මීටර් 400ක් වගේ දුරක් ඇති.එතන ඔබට හමුවෙයි ජයරත්න මාවත. ඒ කියන්නේ හරියටම ෆැබ් එකට ඉස්සරහි. ඒ පාරේ වමට හැරුනු ගමන් ඔබට පෙනේවි උදුම්බරා නම සහිත ගොඩනැගිල්ල.
අපි කලිනුත් මතක් කලා වගේ මෙතනට එනව නම් 12 ට වගේ ඇවිත් බිලක් දාල කෑම් එකක් කන්න බලාගෙන එන්න. ගොඩ දෙනෙක් දුරක් ගෙවාගෙන මෙතනට ඇවිත් දිවා ආහාරය අරන් යනවා. ඒ මෙහි කැම වල රස නිසා. එහි අනවශ්‍ය තෙල් රසකාරක නැහැ.බඩටත් හොඳයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *