කන්න බොන්න කලින් එන්න

Treats and Stuff – Wellawaththa බ්‍රවුනීස් කන්න සුපිරිම ට්‍රීට් ඇන්ඩ් ස්ටෆ්

banner

රසවත් බ්‍රව්නීස් කන්න ගොඩ දෙනෙක් ආසයි.අද අපි කියන්න යන අවන්හලත් රසවත් බ්‍රවුනීස් පිරිනමන්නම වෙන් වූ අවන්හලක්.මේ අවන්හල නමින් ට්‍රීට් ඇන්ඩ් ස්ටෆ්.අවන්හලක් නමින් තිබුනත් මෙතනට ඇවිත් කන්න නම් බෑ.ඔබ්ට බ්‍රවුනීස් අවශ්‍ය නම් මෙතනට ඇවිත් ගෙනියන්නයි තියෙන්නේ.නැත්නම් ඔවුන් සතු ටේක් අවේ එකෙන් රසවත් බ්‍රවුනීස් ඕඩර් කරගන පුලුවනි

බඩජාරි මෙනුපත

treatnstuff4

මෙතන ඔබට බ්‍රවුනීස් වර්ග විවිධ වර්ගයෙන් ගන්න පුලුවනි.ගොඩක් බ්‍රවුනීස් චොකලට් උඩින් දැවල්ටිලා ඒ වගේම පෙලක් බ්‍රවුනීස් ස්ටෲබෙරි වලින් වර්න ගැන්විලා.ඒ වගේමයි කජු වලින් ආමන්ඩ් වලින් වගෙම walnuts, pecans වලිනුත් ඇතුලත රස ගැන්විලා තියන්වා.මෙහි ගොඩක් බ්‍රවුනීස් වල ඇතිවෙන්නම යසට චොකලට් වලින් යුක්තයි.

treatnstuff3

සමස්තයක් විදියට මේ බ්‍රවුනීස් වල කිසි අඩුවක් නෑ.අපි කලිනුත් කිව්වා වගේ මෙහි බ්‍රවුනීස් ඉතාම රසවත්. ඒ අතරිනුත් Nutty Browny එක ගොඩ දෙනෙක්ගේ ප්‍රියතම බ්‍රවුනී එකක්.උඩින් ‍රැන්දි කජු වලිනුත් රසම රස චොකලට් ලේයරයකිනුත් මේ බ්‍රවුනි එක රසවත් වෙනවා. Chocolate Ganache එකත් ඉතා රසවත්.එය චිකලට් සහ ක්‍රීම් වලින් එකතුවක් ලෙස සෑදූ රසවත් උඩු පිරවුමකින් යුක්තයි.එහි රසය Nutty browny එකට වඩා ටිකක් වෙනස්.මේ දෙවර්ගයම කෑලි දොලහක් ගන්නවා නම් රුපියල් 1080ක් වෙනවා.තවත් මෙහි තියනවා විවිධ නම් වලින් රසම රස බ්‍රවුනීස් .ඒ වගෙමයි ඔවුන් ඔබට අවශ්‍ය විදියට කැමති රසයෙන් බ්‍රවුනීස් සාදා දෙන්නත් සැදී පැහැදී ඉන්නවා.

treatnstuff1
මේ බ්‍රවුනීස් ඔ‍ෆිස් ට්‍රීට් එකක් දෙනවා නම් හරි කාගේ හරි උපන්දිනයකට තෑගි දෙනවා නම් හරි හොඳ තේරීමක් කියන්න පුලුවන්.ඔබට ඌනි විදියට වෙනස් කම් කරලා බ්‍රවුනීස් වගේම කේක් වර්ගත් මිලට ගන්න මෙතනින් පුලුවනි.කේක් වර්ග 1000-2200 වගේ මිලක් අතර පවතිනවා.

treatnstuff
ගෙවන මිලත් එක්ක මේ බ්‍රවුනීස් එක සාධාරනයි කියන්න පුලුවනි.

සේවාව

මෙහි සේවාවත් උසස් මට්ටමේ කියන්න පුලුවන්.බොහෝ විටෙක මෙහි ගනු දෙනු සිදුවන්නේ ටේක් අවෙ සේවාඅව හරහායි.ඉතින් ඔබ ඇනවුම් කරන බ්‍රවුනීස් ඔවුන්ට හැකි උපරිමයෙන් ඉක්මනින් ගෙනත් දෙන්න ඔවුන් නිතරම කටයුතු කරනවා.ඒ වගෙමයි ඉතාම මිත්‍රශීලි විදියට ඔබේ අවශ්‍යතාවය සපුරාලන්න ඔවුන් වෙහෙසෙනවා කියන්න පුලුවන්.ඔබට ඔවුන්ගෙන් බ්‍රවුනීස් ඇනවුම් කරන්න ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන සඳහාත් ට්‍රීට් ඇන්ඩ් ස්ටෆ් නමින් ඇප් එකක් හදලයි තියෙන්නේ.කෝල් කරලා ඇනවුම් කරනවට අමතරව මේ ඇප් එක හරහාත් ඔබට මේ රසම රස බ්‍රවුනීස් ඇනවුම් කරවා ගන්න පුලුවනි.

මග

ඔබ මෙතනට පැමිනෙනවා නම් වැල්ලවත්ත සිනමා ශාලාව කිට්‍ටුවයි මේ අවන්හල පිහිටන්නේ.වැල්ලවත්ත සැවොය් සිනමා හල අසල ඉඳන් ඇල පහු කරලා කොලඹ දෙසට එනකොට හමුවෙන පලමු හරස් පාරෙන් ඒ කියන්නේ St Peters Pl එක දිගේ වමට හැරිලා පොඩි දුරක් ගියහම නොම්බර 33 කියන තැන තමයි ඔවුන් ඉන්නේ.

ඔබට රසවත් බ්‍රවුනීස් එකක් ඇනවුම් කරන්න හිතුනොත් 0777877166 නම්බරේට කතා කලා නම් හරි.ඔවුන් ඔබගේ සියලුම උත්සව සඳහාත් පෙර ඇනවුම් භාරගන්නවා.Treats and stuff  උදේ දහයේ ඉඳන් සවස 5 වෙනකන් ඔවුන් විවුර්තයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *