කන්න බොන්න කලින් එන්න

නයි මිරිස් කොත්තුවක රස බලන්න ජීප් එකේ අවන්හලට ගොඩ වෙමු The RoadHouse -Mount Lavinia

banner

හැමදාමත් වෙනසකට අවන්හලකට ගොඩ වෙලා කෑම වේලක් ගන්නවාට වඩා ටිකක් වෙනස් විදියේ රස අත්දැකීමක් ලබා ගන්න පුලුවන් නවාතැනක් ගැන ඔබට කියන්නයි අද අපේ මේ සූදානම.වීදි ආහාර  ප්‍රිය කරන කොයි කාටත් ගොඩ වෙන්න පුලුවන් වෙනස්ම විදියේ තැනක් විදියට අපි අද ඔබට විස්තර ගෙන එන අවන්හල හඳුන්වන්න පුලුවන්.

වටපිටාව

මෙතන නමින් ද රෝඩ් හවුස්. පිහිටන්නේ ගල්කිස්ස නගර සීමාවේ.නමේන්ම පොඩි ඉඟියක් ලැබෙනවා මේ අවන්හල ගැන.ඇත්තටම ඒක රෝඩ් හවුස් එකක්.ඒ කිව්වේ මේ පුන්චි පහේ අවන්හල පවත්වාගෙන යන්නේ නවීන පන්නයේ ජීප් රථයක.මේක නිකම්ම නිකං ජීප් එකක් නෙවෙයි. අලකාර විදියට හැඩගැන්වුනු ජීප් එකක්.ඒ කිව්වේ මේ වාහනය පුරාවටම හැඩගැන්විලා තියෙන්නේ කලු  පසුබිමක සුදු පැහැ අලංකාර ස්ටිකර් වලින්.ඒ අතර ඔවුන්ගේ නාමය, වෙබ් අඩවිය ,මිල ගනන් වගේම විවිද පාඨ දර්ශනය කරලා තියනවා. කලු පැහැ පසුබිමේ සුදු පාටින් ඇදි ඒ සුදු පැහැ රටාවන් මෙතනට අමුතුම එලියක් එකතු කරලා කියන්න පුලුවන්

මෙනුපත

මෙහි කෑම වලට ලොකු මෙනු එකක් නෑ.මෙහි සපයන්නේ රසම රස කොත්තු විතරයි.රසම රස කියලා ටිකක් විශේශ කලාට පාඩු නෑ.මොකද මේ කොත්තු රසයෙන් උපරිමයි.කොත්තු මෙනු එක පුන්චි පහේ එකක්.ඒත් මේකේ තියන පෙලක් කොත්තු මෙනු රසින් අනික් අවන්හලක කෑවට වඩා වෙනස් රසයකින් යුක්ත වෙනවා.විශේශයෙන් නයි මිරි චිකන් කොත්තුව වෙනස් ම රසයක්.උනු උනුවෙන් හැදිලා එනකොට දකින්නත් ප්‍රිඅයෛ.මේ නයි මිරිස් කොත්තුවේ සුවඳත් වෙනස්.. නයි මිරිස් කරලක සුවඳ හොඳට දැනෙනවා.ඒ කොහොම උනත් සැර නම් අඩුත් නෑ වැඩිත් නැ.ඒ වගේම කියන්න ඕනි චිකන් කොත්තුවේ ලෝබ නැතුව චීකන් එකතු කරලා තියනවා. චීස් කොත්තුවක්ම ගත්තා නම් හැම දේම එක්ක ඉතා අනර්ග රසයකින් රසයක් යුක්තයි.විස්තර කරන්න වචන නෑ.ඒ තරම්ම රසින් ඉස්තරම්.ඊට අමතරව ඩෙවල් චිකන් කොත්තු රෝස්ට් චිකන් කොත්තු වගේම චිලී බීෆ් කොත්තුත් එග් ඇන්ඩ් චීස් කොත්තුත් මෙහි ආවොත් කෑම්ට ගන්න පුලුවනි.

මේ කොත්තු වල මිල ගනන් 400-500 ත් අතර මිල සීමාවක තමයි පවතින්නේ.කොත්තුවේ ප්‍රමාන අතින් බැලුවොත් පොඩි බඩගිනිකාරයෝ දෙන්නෙක්ට උනත් ඇති වෙන විදියට ලොකු පෝශන් එකක් ලැබෙනවා.ඉතින් ඔබ ගෙවන මිලට කිසිම පාඩුවක් නෑ.පොඩි අවුලකට තියෙන්නේ මෙතන ඉඳගෙන නම් කන්න අවකාශ නෑ.ඒකත් එක අත්කෛන් බැලුවොත් වෙනස් අත්දැකීමක්.කොහොම උනත් වීදි කෑම නිසා එහෙම කන එකත් අවුලක් නෑ.ඔබට කැමති නම් ටේක් අවේ කරන්නත් පුලුවන්.

 

ජීප් එකේ පිටිපස තට්‍ටුවේ සැදි පුන්චි සීමාව රෝඩ් හවුස් අය හොඳින් කලමානකරනය කරගෙන තියන බවක් හොඳින් පේන්න තියනවා.ඇතුලත පිරිසිදුව පවත්වාගෙන යන බවකුත් හොඳින් දැකගන්න පුලුවන්. රෝඩ් හවුස් අවන්හලට ආවේනික කලු වර්නයෙන් යුත් ඇඳුමෙන් සැරසිලා අඩ අඳුරේ වාහනේ ඇතුලෙන් උඩට වෙලා හරි හර්යට කොත්ත්‍ටු හදන කෝකිවරුන් මේ අවන්හලට අමුතු පෙනුමක් එකතු කරනවා.ඒ වගේම වීදියේ ආහාර වලට හොඳ වටිනාකමක් මේ රෝඩ් හවුස් අවන්හල එකතු කරනවා කියන්න පුලුවන්.

සේවාව

ගොඩක් අඩුම කුඩුම කලින්ම එකතු කරන් එන නිසා ඔබ හිතනවටත් වඩා ඉකමනට කොත්‍ටුවක් ඇනවුම් කරගන්න හැකියාව මෙහි පවතිනවා.ඒ වගෙමයි මෙහි යන එන අයට සුදදශිලී සේවයක් ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා.මේ අවන්හල සවස 6.30 ඉඳන් රාත්‍රී 11 පමන වෙනතුරු විවුර්ථව පවතිනවා.රෝඩ් හවුස් අවන්හලේ දුරකථනය වෙන්නේ077 466 8420.සඳුදා දිනය හැර අනික් හැම දිනකම මේ රූඩ් හවුස් එක විවුර්ථයි.

මග

මෙතනට එනවා නම් කොලඹ ඉඳන් ගාලු පාර දිගේ දෙහිවල පැත්තට එන්න ඕනි.දෙහිවල පාලම පහු කරලා කිලෝමීටරයක් විතර ගියහම පාරෙන් දකුනු අත පැත්තෙයි මේ රෝඩ් හවුස් අවන්හල පිහිටන්නේ.හෛයටම කිව්වොත් ඔඩෙල් එක ගාවින්මයි.ගල්කිස්සේ බීච් සයිඩ් එක පැත්තට දිවෙන හෝටල් පාර පටන් ගනෙත් මෙතනින්මයි.ඉතින් ඕනි කෙනෙක්ට මෙතන හොයා ගන්න අපහසුවක් නෑ.

කදිම වීදි ආහාර වේලක් වගේම රසම රස කොත්තුවක් කන්න ඕනි කාටත් මේ අවන්හල නියම ‍තෝරාගැනීමක්.අදහස් වෙනස් එකක් නිසා ඔබ ලබන අත්දැකීමත් වෙනස් විදියේ එකක්.සමහරක් විට ඔබ මේ කොත්තුව ජීවිතේට කෑමට ගත්තු රසවත්ම කොත්තුව වෙන්නත් ඉඩ තියෙනවා.ඒනිසා The RoadHouse Mount Lavinia ඇවිත්ම රස විඳලා බලන්න.කිසිම පාඩුවක් වෙන එකක් නෑ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *