කන්න බොන්න කලින් එන්න

නැගෙනහිර වෙරලේ අසිරිය දකිමින් රසවත් ආහාර වේලක් ගන්න එන්න Sea Breeze Restaurant – Kalmune

නිවාඩුවකට කොහේ හරි යන්න හිතුනොත් නැගෙනහිර පැත්තට සංචාරයක් යන්න ගොඩ දෙනෙක් පෙලබෙන්නේ අඩුවෙන්.ඒ කොහොම උනත් සංචාරකයෙක්ට නිදහසේ සංචාරයේ යෙදෙන්න හොඳම පලාතක් විදියට නැගෙනහිර පලාත නම් කරන්න පුලුවන්.නැගෙනහිර පලාතේ සංචාරයකට ආවොත් මෙහේ ආහාර ගන්න තැන් නම් ටිකක් විතර අවමයි.ඒ කොහොම උනත් කල්මුනේ පැත්තේ සංචාරයකට එන සංචාරකයෙක්ට කටට රසට හොඳ කෑම වේලක් කන්න යන්න හොඳ තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල සී බ්‍රීස් අවන්හල.පිහිටන්නේ කල්මුනේ නගරයට කිට්‍ටුවෙන්.
වටපිටාව
 seabreeze34
මේ අවන්හලට එන ඕනිම කෙනෙක්ගේ සිත්ගන්නේ ඉදිරිපසින් පෙනෙන නැගෙනහිර වෙරල තීරය.මේ අවන්හල මහල් තුනකින් යුක්ත ගොඩනැගිල්ලක්.ඉහල මාලයට ගොඩ උනොත් නිල්වන් මුහුදු තීරය දර්ශනීයව දර්ශනය වෙනවා.අපි දැනගත්තු විදියට මෙහි නවාතැන් පහසුකම් පවා තිබෙනවා.අවන්හලේ වාහන පාක් කරන්න ලොකු ඉඩක් තිබෙනවා.අවන්හල ඇතුලත නිදහසේ හොඳින් ආහාර ගැනීමේ වටප්ටාවක් සකස් කරලා තියෙනවා.ඔබ මෙහි ආවොත් පලමු මහලේ ආහාර ගන්න තැන ඉඳන් කෑම ගන්නවා නම් හොඳයි.එතනට මුහුදේ දර්ශනය හොඳින් පෙනෙනවා.මෙතන සියයකට උනත් එක වර ආහාර ගන්න පුලුවන් තැනක් .ඒක නිසා ගොඩ දෙනෙක් එක්ක ඔබ මෙතනට ආවත් ඉඅකඩ ගැන නම් ප්‍රශ්නයක් ඇතිවෙන්නෑ.
seabreeze3
මෙනුපත
seabreeze2
මෙහි මෙනුපත ටිකක් දිගු එකක්.මෙහි ඉන්දියානු සහ චීන ආහාර වර්ග තමයි කන්න තියෙන්නේ.රයිස් මෙනු එකේ විවිද වර්ගයෙන් බත් වර්ග මිලට ගන්න පුලුවන්.ඒ අතරට සි ෆුඩ් රයිස් මට්න් රයිස් ඉස්සෝ රයිස් වගේම මැලේශියන් රයිස් එකත් විශේශයි. ඒ වගෙම නාසියක් තායි ෆ්‍රයිඩ් රයිස් එකක් මොන්ගෝලියන් රයිස් එකක් උනත් රස බලන්න පුලුවනි.මේ අවන්හලේ බිරියානි එකත් විශේශිතයි.ඒ නියම බිරියාන් එකක රස මේ අවන්හලට ගොඩ උනොත් රස බලන්න පුලුවන් වන නිසා.චිකන් වගේම බීෆ් ඉදියටත් බිරියානි කන්න ගන්න මෙහි ආවොත් පුලුවන්.මේ රයිස් වර්ග 200-400 අතර මිලකට ගන්න පුලුවන් නිසා සාක්කුවටත් පහසුයි.
seabreeze1
රයිස් වර්ග වලට අමත්‍රව ‍තෝසේ පරාටා නාන් වගේ කෑමත් ,ග්‍රිල් කරපු චිකන් ෆ්ශ් වගේම ඉස්සෝත් කන්න ගන්න මෙහි ආවොත් පුලුවන්.රාත්‍රී වරුවකට නූඩ්ල්ස් උනත් හොඳ ‍තෝරාගැනිමක් කියන්න පුලුවනි.ඒ වත් සීෆුඩ් බීෆ් චිකන් වගේ රස ‍රැසකින් ඔබට මෙහ් ආවොත් ‍තෝරාගන්න පුලුවන්.
seabreeze
සේවාව
මෙහි සේවාව නම් එතරම් හොඳ මට්ටමක නෑ.මෙහි වැඩකරන අයට සිංහල භාශාව වගේම ඉංග්‍රීසි භශාවත් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු ගතියක් තියෙනවා.ඒ වගේම ටිකක් විතර කෑම මේසයට එන එක සෙමින් තමයි සිදුවන්නේ.
මග

මේ අවන්හල පිහිටන්නේ කල්මුනේ නගරයෙන් ටිකක් දුරකට බැහැරට වන්නටයි.මේ හරියට කියන්නේ සායින්තමරුතු කියලා.කල්මුනේ නගරයේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ බීච් රෝඩ් එකේ යනකොට පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.නගරය මැද්න් ඇති මාකලපු ප්‍රධාන පාරෙන් එනවා නම් කිලෝමිටර් තුනක් විතර අක්කරේපත්තු පැත්තට ඇවිත් නගරයේ රෝහල් පාරෙන් වම් අත පැත්තට බීච් රෝඩ් එක හමු වෙනකන් ගියා නම් ඒ පාරවල් දෙක හමුවන තැනින් පොඩ්ඩක් වම් අත පැත්තට ගියා නම් මේ අවන්හල දැකගන්න පුලුවනි.
මේ අවන්හල සෙනසුරාදා සහ ඉරිහා දිනයන්ට නම් ටිකක් කාර්‍ය බහුල ස්වරුපයක් උසුලනවා.මේ වන්හල පැය විසිහතරම විවුර්ත නිසා මෙහි ඕනි වෙලාවක යන එන කෙනෙක්ට කන්න කෑම බීම තියනවා.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0672222864. ඔබත් කල්මුනේ පැත්තේ ආවොත් Sea Breeze  Restaurant – Kalmune ගොඩ වෙලා කටට රසට කෑම වේලක් ගන්න අමතක කරන්න එපා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan