කන්න බොන්න කලින් එන්න

අම්බලන්තොට නගර මැද පිහිටි සුපිරි අවන්හලට ගොඩ වෙමු – Ruhunu Resort Ambalanthota

banner

දකුනු මුහුදු තීරය දිගේ ගාල්ල මාතර පහු කරලා කතරගම පැත්තට යනකොට කටට රසට කෑම වේලක් ගන්න ඉස්තරම් තැනක් හොයනවා නම් අපූරු අවන්හලක් ගැන හෝඩුවාවක් දෙන්නයි අපේ මේ සූදානම.අම්බලන්තොට නගරයේ පිහිටි මෙ අවන්හල නමින් රුහුනු රෙසෝට්.දෙස් විදෙස් කෑම වර්ග ගනනාවක් හොඳ විවිදත්වයක් යටතේ කන්න ගන්න ගොඩ වෙන්න පුලුව්න් තැනක් විදියට මේ අවන්හල නම් කරන්න පුලුවන්.

වටපිටාව

පිටතින් බලනකොට අවන්හල හොඳ පෙනුමකින් යුක්ත නැතත් පහලින් පිහිටි පඩි පෙල දිගේ අවන්හලට ඇතුලු උනොත් නවීන පන්නයේ අවන්හලක අත්දැකීමක් ලබාගන්න ඔබට හැකිවනු නො අනුමානයි.අවන්හල ඇතුලත සැපවත් ලීයෙන් කල මේස පු‍ටු එකිනෙක අතර හොඳින් ඉඩ පහසු තියෙන විදියට අසුරලා තියනවා.මෙහි ඇතුලත ඒසී කරලා තිබෙන්නේ.ඇතුලත පිහිටි විශාල රූපවාහිනී තිරයකින් සමන්විතයි.අඳුරු ආලෝක දාරා වලින් අවන්හල තුලට ටිකක් වෙනස් විදියේ පෙනුමක් ලැබිලා .නගරය මැද පිහිටි අවන්හලක් උනත් මෙහි ඇතුලත තිබෙන්නේ ඉතා නිදහස් වාතාවරනයක්.ඒ වගේම අවන්හල ඇතුල ඉතා පිරිසිදුයි.

 

මෙනුපත

මේ අවන්හල අපි කලිනුත් කිව්ව වගේ ලොකු විවිදත්වයකින් යුක්තව ආහාර සපයනවා.ඉතාලියානු කෑම , චීන කෑම වගෙම දේශීය ආහාර වර්ගත් මෙතනට ආවොත් කන්න ගන්න පුලුවනි.මේ අවන්හල වැඩියෙන්ම ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ඔවුන් සතු සී ෆුඩ් මෙනු නිසාවෙන්.ඉතා නැවුම් සීෆුඩ් වර්ග විවිද රසයෙන් මෙහි සකස් වෙනවා.ඒ සඳහා පලපුරුදු කෝකි වරුන් මෙහි සේවයේ යෙදිලා ඉන්නවා.ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ සහ විවිද මාලු වර්ග වලින් විවිද රසයෙන් හැදෙන මේ සි ෆුඩ් මෙනු ඉස්තරම් රසයෙන් යුතුයි.ඔබ මෙහි ආවොත් Hot Butter Squid එකක් චිලී ‍ෆිශ් වගේ කැම එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක රස බලනවා නම් එය හොඳ ‍තෝරාගැනීමක් වේවි.ඒ වගෙම මේ සී ෆුඩ් මෙනු එකක් එක්ක චයිනීස් නූඩ්ල්ස් එකක් උනත් රාත්‍රී වරුවකට නියමෙට ගැලපෙනවා.රස අතිනුත් උපරිමයි.

මෙහි ෆ්‍රයිඩ් රයිස් එක ඉතා රසවත් එකක්.අපි කලින් කිව්ව වගේ සි ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් වගෙම චිකන් ‍ෆිශ් මේ ඕනි එකක් එක්ක ෆ්‍රයිඩ් රයිඩ් කන්න ගන්න පුලුවන්. ඒවගේම චිකන් බිරියානියත් ඉතා රසයි.මේ කෑම ඕනි එකක් මේසයට එන්නේ ඉතා අලංකාරවත් විදියටකට.මෙනු එකේ ඇති කෑම වර්ග එක්ක ඇස පිනා යන විදියට කෑම පිඟාන සරසන්න්ටත් මේ කෝකිවරුන් ලක ලෑස්ති වෙලා ඉන්නවා.

මේ චීන කෑම වලට අමතරව හොඳ විවිදත්වයකින් යුක්තව දේශීය ක්‍රමයට ආහාර ගන්නත් ඔබට මෙහි ආවොත් පුලුවන්.පොල්සම්බෝලයක් ,රසවත් පරිප්පු හොද්දක් එක්ක,ඌරු මස් කරියක්,බ‍ටු මෝජුවක්,රසවත් කොල මැල්ලුමක් වගේ කටට රහට හොන්දින් ලුනු ඇඹුල් එක් වුනු කෑම වේලක රස බලන්න ඔබට රුහුනු රෙසෝට් අවන්හලට ගොඩ උනොත් පුලුවන්.මේ කෑම රස වගේම ප්‍රමාන්යෙනුත් හොඳ තත්වයේ තියනවා.මේ එක පෝශන් එකක් තුන්දෙනෙකුට වගේ ඇති වෙන්න තියනවා.ඒ නිසා ටිකක් විතර මිල වැඩි උනත් ගෙවන මිලට සාධර්නයක් වෙනවා.

සේවාව

මේ අවහලේ සේවක මහතුන් ඉතා සුහදශිලිව කටයුතු කරන බවක් හොඳින්ම පේන්න තියනවා.ඔබගේ රුචි අරුචි කම් මත තමන්ට ගැලපෙන කෑම ‍තෝරගන්න මේ අවන්හලේ සේවකයක් උදව් කරනවා.සමස්තයක් විදියට සේවාව හොඳ මට්ටමේ පවතින්නක්.

මග

රුහුනු රෙසෝට් අවන්හල පිහිටන්නේ අම්බලන්තොට නගර මැදට වෙන්නටයි.ඉතින් කාට උනත් තැන හොයාගන්න එක නම් අපහසු කාරනාවක් නෙවෙයි.නගරයේ මහ වීදියේ  බස් නැවතුම් පලේ ඉඳන් මීටර් සීයක පමන දුරක් හම්බන්තොට පැත්තට වෙන්නට හමුවෙන මේ අවන්හල පිහිට්න්නේ දෙමහල් ගොඩනැගිල්ලක පලමු මහලේ.ප්‍රධාන පාර දිගේ එනකොට දෙමහල් ගොඩනැගිල්ලේ ඉහල මහලේ රුහුනු රෙසෝට් නමින් සවි කර ඇති නාමපුවරුව දැකගන්න පුලුවන්.

Ruhunu resort ambalanthota අවන්හල කුඩා ප්‍රමානයේ සාද වලට වගේම වියාපාරික හමු ,සුහද හමු වගේ දේවල් වලටත් පහසුකම් සපයනවා.මෙහි එක වරකට පනස් දෙනෙකුට ඉඩ පහසුකම් තිබෙනවා.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0472223221.ටිකක් වැඩි දෙනෙක් එක්ක මේ අවන්හලට එනවා නම් ඔය අංකෙට කතා කරලා කලින් වෙන් කරගන්න එක හොඳයි.මේ අවන්හල විවුර්ථ වෙන්නේ උදේ එකොලහේ ඉඳන් රාත්‍රී එකොලහ වෙනතෙක් පමනයි.ප්‍රදාන වශයෙන් දවල් සහ රාත්‍රී කෑම සඳහා.ඔබත් අම්බලන්තොට නගරය පසු කරමින් සංචාර්යක යෙදෙනවා නම් රුහුනු රෙසෝර්ට් අවන්හලට ගොඩ වෙලා අමතක නොවන රසවත් කෑම වෙලක රස විඳගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *