කන්න බොන්න කලින් එන්න

සීගිරිය බලන්න ඇවිත් කටට රසට කන්න එන්න Royal Sigiriya Restaurant

banner
සීගිරිය බලන්න ගොඩ දෙනෙක් දෙස් විදෙස් සංචාරකයන් ඇදී එනවා.එහෙම ආපු වෙලාවක පාඩුවේ කටට රසට කැමති විදියට කෑම වේලක් කන්න යන්න හොඳ තැනක් තමයි රෝයල් සීගිරිය අවන්හල කියන්නේ.දේශීය කෑම ඉතා රසට කැමති විදියට බෙදාගෙන කන්න කියාපු තැනක් විදියට මේ අවන්හල හඳුන්වාදෙන්න පුලුවනි.
වටපිටාව
sigiri2
මේ අවන්හල පිහිටන්නේ ප්‍රධාන පාරෙන් සීගිරියට යන පාරේ.වාහනයකින් යනවා නම් ලොකු පාකිං පහසුකමක් මේ අවන්හ්ල සතුයි.ඇතුලත හෝල් එකක් වග විශාල ඉඩක් තියනවා.වන්හලේ ඇතුලත වගේම එලියේ ඉඳන් උනත් කන්න ගන්න පුලුවනි.දවල් වරුවට නම් ඇතුලත ඒ සී එකේ ඉඳන් කන එක තමයි හොඳ.මොකද මේ අවට දවල් වරුවට ගොඩක් රස්නෙ නිසා.මෙහි පු‍ටු එක ලඟින් අසුරලා තියන නිසා ටිකක් ඉඩ නම් ඇහිරිලා වගේ.ලීයෙන් කල මේස සහ පු‍ටු 8-10 ක් උනත් එකට ඉඳැන කන්න පුලුවන් වෙන විදියට අසුරලා තියනවා.බිමට ටයිල් අල්ලලා .ඇතුලත ඉතාම පිරිසිදුවට පවත්වාගෙන යන බවක් හොඳින්ම පේනවා.අවන්හලේ බාහිර සහ ඇතුලත වෙන් වෙනේ වීදුරු බිත්තියකින්.ඉතින් ඉවුර්ථ පරිසරයක ඉඳන් ආහාර ගන්නවා වගේ හැඟීමක් මෙහි ආවොත් ලබාගන්න පුලුවනි
මෙනුපත
royalsigiriya1
මෙහි ප්‍රධාන වශයෙන්ම දිවා බුෆේ එක තමයි ප්‍රධානතම ආහාරවේල වන්නේ.ඒ සඳහා දේශීය විදියට හදාපු මාලු පිනි 10කට එහා ප්‍රමානයකින් කෑම්ති විදියට ‍තෝරලා බෙදාගෙන කන්න පුලුවනි.කැමත් විදියට රතු හෝ සුදු කැකුලු එක්ක ගමේ විදියට හදපු මාලු පිනිත් එක්ක ආහාර වේල රසම රසයි.පවුලක් එකතු වෙලා ඉතාම ප්‍රනීත විදියට මේ කෑම වේල පිරිනමන බවක් පේන්න තියනවා.
මීට අමතරව ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස් වගේ කෑමත් කන්න මෙහි ආවොත් ඔබට පුලුවනි.උදේ වරුවටත් දේශීය ආහාර වර්ග ගනනාවක් මේ අවන්හලට ඔබ ගොඩ උනොත් රස බලන හැකියාව තියනවා.
sigiri3
අපි කලින් කීව බුෆේ එකක් 850ක් වගේ මිලක් වෙනවා.අනික් කෑම නම් 500ට අඩුවෙන් තමයි කන්න ගන්න තියෙන්නේ.ලැබෙන කැම පෝශන් එක ගොඩක් ලොකුයි.රසත් එක්කත් අලකලා බලනකොට මේ ගෙවන මිලට කැම ඉතාම සාදාරනයි කියලා කියන්න පුලුවනි.
සේවාව
මෙහි සේවාව හොඳ මට්ටමක තියනවා.මෙහි වැඩ කරන අය හැම වෙලේම මෙහි යන එන අයගේ රුචි අරුචි කම් ගනේ හොයා බලනවා.සුහදහීලී සේවාවක් මෙහි ආවොත් ලබා ගන්න පුලුවනි
මග
මේ අවන්හල පිහිටන්නේ ඉනාමලුව හංදියේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ දුරින්.පාරෙන් වම් අත පැත්තට වෙන්නටයි මේ අවන්හල පිහිටන්නේ.හොයාගන්න එක ඒතරම් අපහසුවක් වෙන්නේ නෑ
මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0662286999.ඔබ වැඩි පිරිසක් එක්ක එනවා නම් මේ අංකයට කතා කරලා අවශ්‍ය විදියට කෑම වෙන් කරගන්න පුලුවනි.ඔබත් සීගිරිය බලන්න ඇවිත් ගමේ රසට රසවත් කෑම වේලක් ගන්න හිතුනොත් Royal Sigiriya Restaurant අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *