කන්න බොන්න කලින් එන්න

අඩු මිලට රසවත් චීන ආහාර වේලක් ගන්න – Red Lantern Restaurant Maharagama

banner

කොලඹ අවට චීන කෑම සපයන අවන්හල් ගත්තොත් ගොඩක් ඒවගේ කෑම වල ගනන් ටිකක් වැඩි පැත්තට බරයි. චීන කෑම කියන නමත් එක්ක ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ වැඩි ගානකට උනත් චීන කෑම ගන්න.ඒ කොහොම උනත් අපි අද කියන්න යන අවන්හල චීන කෑම අඩු මිලට ගන්න පුලුවන් තැනක්.මේ අවන්හල Red Lantern Restaurant .පිහිටන්නේ මහරගම නගරයට කිට්‍ටුවෙන්න.චීන කෑම වගේම දේශීය කෑම වර්ගත් ගන්න ඔබට ගොඩ වෙන්න පුලුවන් රස නවාතෑනක් විදියට රෙඩ් ලැන්ටර්න් අවන්හල හඳුන්වන්න පුලුවන්.

වටපිටාව

රතු පාට පුවරුවේ ඇති ඔවුන්ගේ අවන්හල් නාමය මේ ලගින් ගමන් කරන ඕනි කෙනෙක්ගේ ඇසේ ඇ‍ඳෙන ගතියක් තියනවා.ලොකුවට පාකිං එකක් නැතත් ඔබ මෙහි වාහනයකින් ආවොත් පාක් කරගන්න ලොකුවට කරදර වෙන්න ඕනි නම් නෑ.
මෙහි TakeAway විදියට කෑම ගන්න පුලුවන් විදියට ඉදිරිපස සකස් වෙලා තියන්වා.
ඇතුලත වෙනම කොටසක මෙහි ඉදගෙන කෑම ගන්න පුලුවන් වෙන විදියට හොඳින් පහසුකම් සපයලා දීලා තියන බව පේනවා.ඉතා පිරිසිදුවට ඇතුලත පවත්වාගෙන යන බව අපිට දකින්න පුලුවන්.මෙහි පු‍ටු හොඳ සැප පහසුවෙන් යුක්තයි.

මෙනුපත

මෙහි ඇවිත් කෑම ‍රැගෙන යන්න වගේම ඇතුලේ ඉඳන් කාලා යන්න පහසුකම තියනවා.Take Away විදියට රයිස් ඇන්ඩ් කරි ,ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම 200-250 මිල සීමාවේ කන්න ගන්න පුලුවන්.අපි මුලින් කිව්ව වගේ මේ අවන්හලේ චීන කෑම ගොඩක් මෙනු එකට ඇතුලත් වෙලා තියනවා.

සුප් එකෙන් පටන් අරන් ප්‍රදාන ආහාර වේලේ ඉඳන් ඩෙසර්ට් එක දක්වාම හොඳින් විසිරුනු ලොකු මෙනු එකකින් මේ අවන්හලේ මෙනු එක සමන්විතයි.ඒ වගෙම කට්ල්‍ෆිශ්,ප්‍රෝන්ස් වගේ සීෆුඩ් වලින් හදන එක එක වර්ගයේ කෑම මෙහි ආවොත් රස බලන්න පුලුවන්.මෙහි මෙනු පතේ ලොකු තැනක් නූඩ්ල්ස් වලටත් හිමියි. කුඩා සහ විශාල ප්‍රමාන වලින් කැමති විදියට කන්න ගන්න මෙහි ආවූත් හැකියි.
පෝශන් එක අතින් ගත්තොත් ඔබ හිතනවාට වඩා ලොකුවට විවිද වර්ගයේ ආහාර මේසයට ගෙන්න ගන්න පුලුවන්.

කෑම වල රස අතින් ගත්තොත් ඒක එක එක කෑම වලට වෙනස් වෙනවා. පෙලක් ආහාර වර්ග ඉතාම රසවත් වගේම පෙලක් කෑම නම් සාමාන්්‍යයි.ටිකක් තෙල් ගතිය වැඩි කෑම තමයි මෙහි තියෙන්නේ.පෝක් කන්න කැමැත්තක් තියන ඔබට මෙහි ආවොත් රසවත් මෙනු කිහිපයක්ම තිය්නවා අත්හදා බලනවා නම්.දෙන්නෙක් ඇවිත් බඩ පිරෙන්න කන්න 1000-1500 කට පුලුවන්.

සේවාව
මෙහි සේවාව සාමාන්්‍ය මට්ටමක එකක්.අපි ආහාර ඇනවුම් කරලා වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කෑම ටික මේසයට ලැබෙනවා. මෙහි ඉන්න කාර්්‍ය මංඩලය ලොකුවටම සුහශශීලී නැති උනත් ඔවුන්ගේ කාර්්‍ය හොදින් ඉ‍ටු කරන බවක් පේනවා.
ඔවුන් ලබාදෙන සේවාව වෙනුවෙන් සේවා ගස්තුවක් අය වෙන බවත් කියන්න ඕනි.

මග

මේ අවන්හලේ ලිපිනය වෙන්නේ නොම්බර 166 අවිස්සාවේල්ල පාර මහරගම. මහරගම නගාඅයේ කූල් ප්ලැනට් රෙදි අලෙවෙසිලට ඉදිරියෙන් පාරෙන් අනික් පසට වෙන්නයි Red Lantern Family Restaurant පිහිටන්නේ.

මෙහි දුරකතන අංකය 0114801090. ඔවුන්ගේ තවත් අවන්හල් ජාලයක් Red Lantern නමින් පවත්වාගෙන යනවා.දවල් කාලයට උදේ 11.30 සිට සවස 3 වෙනකනුත් ,රාත්‍රී කාලයට සවස 5.30 ඉඳන් රාත්‍රී 10.30 වෙනතුරුත් අවන්හල විවිර්තව පවතිනවා. ඔබත් මහරගම පැත්තේ ආවොත් රෙඩ් ලැබ්ටර්න් අවන්හලට ගොඩ වෙලා කෑම වේලක රස බලන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *