කන්න බොන්න කලින් එන්න

Pizza House – Kaluthara කලුතර කලපුව අයිනේ පිහිටි නියම ඉතාලියානු පීසා අවන්හල

banner

අද අපි කියන්න යන්නේ කලුතර පැත්තෙ තියන පුන්චි පහේ පීසා අවන්හලක් ගැන තොරතුරුයි.මේ අවන්හලේ නම පීසා හවුස්.දැව උදුනක හදන රසම රස පීසා කන්න මෙතන කදිම තැනක්.ඒවගෙමයි එක පැත්තකින් මුහුදට මුහුනලා තමයි මේ පොඩි පහේ අවන්හල පිහිටන්නේ.ඉතින් හොඳ අත්දැකීමක් ගන්න එන්න පුලුවන් තැනක් විදියට මේ අවන්හල හඳුන්වන්න පුලුවනි

වටපිටාව

pizzahouse

මේ අවන්හල පිහිටන්නැ කලුතර නගරයට කිට්‍ටුවෙන් ගාලු පාර අයිනේමයි.ඉතින් මෙතන වාහන පාකිං පහසුකමක් නම් නෑ.ඉතින් මෙතන්ට එනවා නම් පයින් තමයි එන්න වෙන්නේ.මේ අවන්හල ඇතුලත චාම්ව සකස් කරලා තියන්වා.අවන්හලේ බිත්ති පුරාවට පීසා වල පින්තූර අලවලා තියනවා.තනියෙන් වාඩි වෙලා ආහාර ගන්න උස ස්ටූල් වගෙම 4 දෙනෙක්ට එකට වාඩිවෙලා ආහාර ගන්න පුලුවන් විදියට ලීයෙන් හදාපු මේස මෙහි අසුරලා තියනවා.

මේ අවන්හල තට්‍ටු දෙකකින් යුක්තයි.එහි වෙනම බිමට කොන්ක්‍රීට් අතුරලා ඉහලට පොල් අතු සෙවිලි කරලා මේස සහ බංකු තියලා තියනවා.ඔබ මෙහි ආවොත් මෙතන ඉඳන් ආහාර ගන්න එක හොඳයි.මොකද වටපිටාව මෙතන්ට සුන්දර දසුන් මවනවා.

බඩජාරි මෙනුපත

pizzahouse3

මෙහි මූලිකවම පිරිනමන්නේ සම්ප්‍රදායි ඉතාලි කෑම.දැවයෙන් පුච්චන රසම රස පීසා වර්ග මේ මෙනුපතේ ඇතුලත්.පීස වලට අමතරව සුප්,සලාද,බර්ගර්,පැස්ටා,පාන් වර්ග,සැන්ඩ්විච් වගේ කැමා මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.සලාද විදියට සී ෆුඩ්,ග්‍රිල් චිකන් සැලඩ්,ග්‍රීන් සැලඩ් කන්න ගන්න පුලුවනි.ඒවා 350-500 අතර මිලක් වෙන්නේ.සුප් වර්ග විදියට ක්‍රීම් චිකන් මශෲම් සුප් වගේම සී ෆුඩ් සුප් එකක් තියනවා.මෙහි පැස්ටා වර්ග 5ක් 6ක් කන්න් අගන්න පුලුව්නෛ.ඒවාඅ 600-900 මිල සීමාවේ තමයි පවතින්නේ.සැන්ඩ්විච් වර්ග විදියට චීස් ටොමැටෝ සැන්ඩ්විච්,එග් සැන්ඩ්විච්,චිකන් සැන්ඩ්විච්,ක්ලබ් සැන්ඩ්විච් සහ චිකන් ව්‍රැප් විදියට කන්න් අගන්න පුලුවනි.ඒවා 200-700 අතර මිලකට කන්න් අගන්න පුළුවන්.

pizzahouse1

මේ ඉහත කිව්ව කෑම වලට වඩා ඔබ මෙහි ඇවිත් පීසා එකක් කන එක තමයි හොඳම තේරීම.දැවයෙන් පිලිස්සෙන පෝරනුවේ හැදෙන පීසා නියම සම්ප්‍රදායී ඉතාලියානි පීසාවක රසයෙන් යුක්තයි.මේ පීසා අතරින් ග්‍රිල් චිකන් එක හැදෙන්නේ Chicken breast අල සහ සෝස් එකත්වෙන්.ඒඅ පීස එක වගෙම බබකිව් චිකන් පීසා එකත් රසයෙන් එකකට එකක් දෙවෙනි වෙන්නේ නෑ.පොදුවේ ගත්තොත් මේ පීසා එකේ පිටි සහිත කොටසා මෙලෙක්ව නියම පදමට පිලිස්සිලා තියනවා.මේ සඳහා එකත් වෙලා තියන අමුද්‍රව්‍ය නැවුම්.සෝස් එක්ක එකත්වෙලා කැවෙනකොට ඉමිහිරි රසයක් ගෙන දෙනවා කියන්න පුළුවන්.

මේ කෑම වර්ග වල ප්‍රමාන ගැන කිව්වොත් සාධාරන කොටසක් ගෙවන මිලට ලැබෙනවා.දෙන්නෙක්ට ඇතිවෙන්න කන්න රුපියල් 2000ක් වගේ හොඳට්ම ඇතිවේවි.

සේවාව
මෙහි අයිතිකරු ඇතුලු සේවක මහතුන් මෙහි ඔබට සේවය සපයනවා.අයිතිකරු ඉතාම කාරුනිකයි කියන්න පුක්ලුවනි.සේවාව ගැන වරදක් කියන්න බෑ.කොහොම උනත් මේ පීසා මේසයට එන්න නම් ටිකක් වෙලා යාවි.එවෙලේ පිසින නිසා ඉතින් මේ වෙලාව කොහොමත් යනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ කලුතර නගරයට කිලෝමීටරයක් විතර මෙහායින්.කොලඹ ඉඳන් යනකොට කලුතර විද්‍යාලය එහෙම පහු කරලා හමු වෙල හොලි ක්‍රොස් පාසල පහු කරනවත් එක්කම පාරෙන් වම් අත පැත්හ්ටේයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 0729536370.ඔබත් ගාලු පාර දිගේ කලුතර නගරය පසු කරමින් යනවා නම් රසවත් පීසා එකක් කන්න නවතින්න Pizza House Kaluthara හොඳ ‍තෝරාගැනීමක් වෙනවා නො අනුමානයි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *