කන්න බොන්න කලින් එන්න

ට්‍රින්කෝ ඇවිත් වෙනස්ම විදියේ පීසා එකක් කන්න එන්න Park Restaurant – Trincomalee

banner

Trinco ඇවිත් කටට රසට සාක්කුවට ගැලපෙන මිලකට කෑම වේලක් හොයන කොයි කාටත් කදිමට ගැලපෙන රස නවාතැනක් ගැන කියන්නයි අද අපේ මේ සූදානම.මේ අවන්හල නමින් පාක් රෙස්ටෝරන්ට්. ලොකු කුඩා කොයි කාටත් කටට රසට කන්න යන්න කියාපු තැනක් විදියට ත්රීකුනාමල නගරයේ පිහිටි මේ අවන්හල හඳුන්වා දෙන්න පුලුවනි.

වටපිට

මෙහි අවන්හල ඇතුලත වගේම පිටතට වෙන්නටත් ඉඳගෙන ආහාර ගන්න පහසුව තියෙනවා.ඇතුලත් ටිකක් අඳුරු ගතියකින් යුක්තයි..ඒ නිසා හොඳම දේ එලි මහනේ ඇති මේසයක් තෝරාගන්න එක.අවන්හලේ කෑම මෙනු එක ගැන විස්තර අවන්හල පුරාවටම දැකගන්න පුලුවන්.මෙහි එනකොටම අපි දැක්කේ නියම ඉතාලියානු පීසා එකක් අද විශේශයි කියලා.ඒ වගේම මුලු මෙනු එකම මේ අවන්හලේ බිත්තියේ දර්ශනය කරලා තියන නිසා යන එන කාටත් තමන් කෑමති කෑම වේල තෝරගන්න පහසුවෙන් හැකි වෙනවා.

දවල් වරුවකට මෙහි එනවා නම් රයිස් ඇන්ඩ් කරි මෙනු එක වඩා හොඳ තෝරාගැනිමක් කියන්න පුලුවන්.මොකද මේ පලාතේ හැටියට ආවේනික ක්රමයන්ගෙන් හැදුනු රසවත් කෑම වේලක රස බලන්න ඔබට හැකියි.චිකන් බිෆ් මට්න් ෆ්ශ් සහ වෙජි විදියට මේ රයිස් ඇන්ඩ් කරි එක කන්න ගන්න පුලුවනි. යාපනේ විදියට හදාපු එලු මස් කරි එකක් එක්ක කෑම වේලක් කන්න පුලුවන් නම් එය හොඳ අත්දැකීමක් වගේම වෙනස් රසයකට කෑමති කාටත් හොඳ තෝරාගැනීමක් වේවි.මීට අමතරව ෆ්රයිඩ් රයිස් ,සවසකට වගේ නම් කොත්තු,නූඩ්ල්ස් වගේ කෑමත් මෙහි රස බලන්න පුලුවන්.

කෙටි කෑම විදියට මෙහි ඇවිත් බර්ගර් එකක් කනවා නම් ඒක ඉතා හොඳ තෝරාගැනීමක් විදියට හඳුන්වන්න හැකියි.ඒ මොකද කිව්වොත් ඉතා රසවත් ව සහ නැවුම් විදියට මේ බර්ගර් හැදෙනවා.මෙහි ප්රධාන සූපවේදියා වගේම අයිතිකරුත් බර්ගර් වගේම අනෙකුත් කෑම පිලිවෙල කරන්න සම්බන්ද වෙනවා.ඒ නිසා මේ කෑම බිම හැම එකක් කෙරේම හොඳ අවන්දානයක් ලැබෙන බව නම් කිව යුතුමයි.

මේ කෑම වලට අමතරව ප්රනීත පලතුරු බීම වර්ග,තේ සහ කෝපි ,අයිස් ක්රීම් වර්ගත් කන්න ගන්න මෙහි ආවොත් අවස්තාව ඔබට හිමි වෙනවා.ප්රමාන අතින් ගත්තත් ඇති වෙන්න කෑම ඉඟානට ලැබෙනවා.පුන්චි පහේ බඩජාරි දෙන්නෙක්ට මේ කෑම එක පෝශන් එකක් ප්රමානවත් කියන්න පුලුවන්.

සේවාව

මෙහි එලිමහනේ කුඩා ලමයින්ට සෙල්ලම් කරන්න පුලුවන් පුංචි පහේ පාක් එකකුත් හදලා .කුඩා දරුවන් එක්ක එනවා නම් ඔවුන්ට මෙහි ඇති වෙනකං සෙල්ලම් කරන්නත් පුලුවන්.පාක් අවන්හලේ සේවාව නම් සාමාන්්ය මට්ටමේ එකක්.මෙහි ඇතැම් සේවකයන්ට සිංහල යන්තමින් පුලුවන්.ලොකුවටම ඒ දේ නම් ප්රශ්නයක් වෙන්නේ නෑ.

මග

Park Restaurant Trincomalee එනවා නම් නගරයේ ප්රධාන බස් නැවතුම් පල ගාවින් නාවික හමුදා කෞතුකාගාරය තියන පැත්තට ඩොක්යාඩ් පාරේ මීටර් 800ක් විතර එන්න ඕනි.ඒ එනකොට් පාරෙන් වම් අත පැත්තට වෙන්නටයි මේ අවන්හල පිහිටනේ.

මෙහි දුරකතන අංකය වෙන්නේ 0771770761. පාක් අවන්හල දහවල් 12 ඉඳන් රාත්රී 11 පමන වෙනකන් ඉවුර්ථව පවතිනවා.ඔබත් ත්රීකුනාමල නග්රය පැත්තේ සංචාරයකට ආවොත් පාක් අවන්හලට ගොඩ වෙලා රසවත් කෑම වේලක රස බලන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *