කන්න බොන්න කලින් එන්න

New Monis Bakery & Restaurant – Kaluthara ලෝකයේ සතුටුම පුද්ගලයා ඉන්න ලංකාවේ අවන්හලට යමු

banner

අපි අද කියන්න යන්නේ කලුතර පිහිටි බේකරියක තොරතුරුයි.මේ අවන්හල ලංකාවේ ප්‍රසිද්ධ බේකරියක් කිව්වොත් නිවැරදියි.එය නමින් නිව් මෝනිස් බේකරිය.මෝනිස් බේකරිය විදියට 1896 වර්ශයේදි මෝනිස් ෆර්නෑන්ඩු මහත්තයා තමයි මේ බේකරිය මෝනිස් බේකරිය නමින් පටන් අරන් තියෙන්නේ.දැනට මේ අවන්හල කරගෙන යන්නේ මෙහි ආරම්භකයාගේ තුන් වෙනි පරම්පරාව විසින්.ලංකාව පුරා ප්‍රසිද්ධ වෙන්න හේතුව මෙහි බේකරි කෑම වල රසය.ඉතින් එදා ඒ තිබුනු රස අදටත් එහි තියෙයිද බලන්නත් එක්ක අපිත් ගොඩ උනා මෝනිස් බේකරියට

වටපිටාව

monis

මේ අවන්හල පිහිටන්නේ මග්ගොන කියන ටවුමේ.ගාලු පාර අයිනට වෙන්නයි .මහල් දෙකකින් යුත් මේ අවන්හල සතුව තරමක් ලොකු කාර් පාක් එකක් තියනවා.ඒ වගෙම තමයි ලෝකයේ සතු‍ටුම කෙනා විදියට සම්මානයක් ගත්තු සුගතපාල මහත්මයා ඉන්නෙ මේ අවන්හලේ වාහන හසුරවන්නයි.ඔබ මෙහි ආවොත් ඔහුව හමුවෙන්නත් පුලුවන්.ඔහු මෙතන්ට එන වාහන ඉතා සතුටින් හසුරුවනවා.එය බලා ඉන්න අයටත් ටිකක් වෙනස් දෙයක්.monis2

මේ අවන්හල ඇතුලත එතරම් ලොකු පිරිසිදු කමක් නම් නෑ.ඇතුලත ලී මේස සහ ලී පු‍ටු තබා තියෙනවා.ටිකක් මේස දෙකක් අතර ඉඩ නම් ඇහිරිලායි තියෙන්නේ.එක වර ටිකක් ලොකු පිරිසක් උනත් එකට වාඩි වෙලා ආහාර ගන්න පුලුවන් වෙන විදියට උනත් මෙහි මේස පු‍ටු සකස් කරලා ගන්න ඔබට පුලුවනි.මෙහි ඇතුලත බේකරි අයිටම් විශාල ප්‍රමානයක් සහිත අලෙවිහලක් තිබෙනවා.ඒ වගෙම උදේ දවල් හෝ රාත්‍රී කැමට ආහාර ‍තෝරාගන්න වෙනම කොටසක සකස් කරලයි තියෙන්නේ.අවන්හල තුල ටිකක් කාර්‍ය බහුල ගතියක් නම් තියනවා.හැම වෙලේම මෙහි බේකරි කැම වල රස විඳින්න ගොඩක් දෙනා පැමිනෙන නිසයි ඒ.මෙහි ආහාර ඉතාම පිරිසිදුවට හදන බව නම් කිව යුතුමයි.නියම ප්‍රමිතියෙන් රසයෙන් අනූනව මේ බේකරි කෑම වගෙම අනෙකුත් කැම වර්ග සදන්න වෙනම පිරිසක් සිටිනවා.ඒ අතරින් බහුතරය කාන්තාවන්.ගොඩ දෙනා මෙහි කාලයක සිට වැඩ කරන අයයි.ඉතින් ඔවුන් මේ අවන්හලේ කෑම වල රස නියමිතව පවත්වාගෙන යන්න සමත්.

බඩජාරි මෙනුපත

monis6

ඔබ සාමන්‍ය බේකරියක දකින් කෑම වර්ග සියල්ලම පාහේ මේ බේකරියේ තියන්වා.මේ වගෙම උදෙසනට ඉඳි ආප්ප පිට්‍ටු බත් වගේ කැමත් දවල් සහ රාත්‍රියට රාත්‍රියට රසවත්ව දේශීය ක්‍රමේට රයිස් ඇන්ඩ් කරි කන්න ගන්න පුලුවන්.සවස් කාලයට මෙහි කොත්තුත් කන්න ගන්න පුලුවනි.

moniss

බේකරි කෑම වලට අමතර්ව තේ වෙලකට මෙහි උනු උනුවට හැලප කෑල්ලක රස බලන්න .එය රසින් අනූනයෛ.ඒ වගෙම ස්ටීමරයෙන් බාපු ගමන් මේසයට එන්නේ.ඒ වගෙම තමයි රුලං කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් බොන්න . එයත් ඉස්තරම්.ඤානකතා පැකට් එකක් 70ක් වගේ මිලක් වෙනවා.වැඩිදෙනෙක් නමින් ඇඳිරුවත් වැඩිය රස බලලා නැති කැමක් නිසා රස බලන්න හොඳ තේරීමක්.මීට අමතරව විවිද නම් වලින් රසවත් පැනිරස කෑම මෙහි තිබෙනවා.ජෑම් කුකීස් පොල් කුකීස්, රස්ක්,රොකට් බිස්කට් චොකලට් කුකීස්,කිසස් වගෙම පැනි මුරුක්කු ,මිරිස් මුරුක්කු වගේ කෑම වර්ග ඔබට මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.මේ වගේ මිල ගනන් 100 ට අඩුවෙන් තමයි පවතින්නේ.ඒ වගෙම මෙහි මෝනිස් නාමය යටතේ විවිද රසයෙන් කේක් වර්ගත් ගන්න පුලුවනි.චොකලට් කේක් ෆෘට් කේක් ,බටර් කේක් වගේ කේක් වර්ග මෙහි අලෙවියට තියනවා.

monis3

මේ සියලු කෑම වර්ගයක්ම ඉතා රසවත්.ඒ වගෙම පිරිසිදුවට හැදෙනවා.

සේවාව

මෙහි කහ පැහැති කමිස වලින් සැරසුනු සෙවකයින් පිරිසක් සේවයට ඉන්නවා.ඔවුන් එතරම් කාර්‍යශීලි නම් නෑ.කොහොම උනත් ඔබ ඉල්ලන ආහාර මේසයට එනකන් ටික වෙලාවක් ඉවසගෙන ඉන්න වෙන්නත් පුලුවනි.

මග

කොලඹ ඉඳන් මෙහි එනවා නම් කලුතර නගරය පසු කරලා මග්ගොන නගරයට එන්න ඌනි.මග්ගොන නගරයේ පාරෙන් වම් අත පැත්තට වෙන්න ආර්පිකෝ එකට මුහුනුලායි මේ අවන්හල පිහිටන්නේ.

මෙතන් දුරකථන අංකය වෙන්නේ 034 5623631.ඔවුන් සතියේ දිනවල උදේ 7 ඉඳන් රාත්‍රී 9 දක්වා විවුර්ථයි.සති අන්තයට රාත්‍රී දහය වෙනතුරු විවුර්ථයි.ඔවුන් සතුව අධිවේගි මාර්ගයේ සැපයුම් සීමාවේත් New Monis Bakery & Restaurant අවන්හලක් පවත්වාගෙන යනවා.එතනට ගියත් මේ ආහාර රසවිඳින්න පුලුඉවනි.ඔබ ගාලු පාර දිගේ යන අතරමග රසවත් බේකරි කෑම රසවිඳින්න හිතුනොත් මෙතනට ඇවිත් යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *