කන්න බොන්න කලින් එන්න

යාපනේ විදියට සාක්කුවට පහසුවට රසවත් වෙජ්ටේරියන් කෑම වේලකට නල්ලුර් භවාන් Nallur Bhavan – Jaffna

banner

යාපනේ සංචාරයකට යන එන හැම දෙනෙක්ගේම එක සංචාරක ඉසව්වක් තමයි නල්ලුර් කෝවිල.නල්ලුර් කෝවිල සමීපයේ තියන අවන්හලක් ගැනයි අපි අද ඔබට කියන්න යන්නේ.මේ අවන්හල නමින් නල්ලූර් භවන්.නල්ලූර් කෝවිලට කිට්‍ටුවෙන් පිහිටන මේ අවන්හල යාපනේ විදියට හදාපු වෙජිටේරියන් කෑම කන්න යන්න හොඳ මට්ටමේ අවන්හලක්.

වටපිටාව

nallur5
මේ අවන්හල සතුව ලොකු ප්‍රමානයේ වාහන නැවතුම් පහසුකම් පවතිනවා.අවන්හල කහ පැහැයට හුරු පාටින් වර්න ගන්වලා තියෙන්නේ.පිටින් බලනකොට පැහැදිලිව මේ අවන්හල හොයාගන්න එක ඒ නිසා ඉතා පහසුයි.අවන්හලේ එලියට වෙන්නට නල්ලූර් භවාන් යන්න දෙමල භාහාවෙන් නාම පුවරුවක් සවි කරලා තියනවා.

nallur4

අවන්හල ඇතුලත ඉතා පිරිසිදුයි.ප්ලාස්ටික් පු‍ටු මේස තමයි තියෙන්නේ.ඒවා සැපවත්.50කටත් වඩා වැඩි පිරිසකට මෙහි ආවොත් එක වර කෑම කන්න පුලුවනි.මේ අවන්හලේ බිත්ති යාපනේ ආහාර පාන හදන හැටි චිත්‍ර ගන්වපු අලංකාර චිත්‍ර වලින් යුක්තයි.රසනය අවම කරන්නට ෆැන් සවි කරලයි තියෙන්නේ.ඇතුලත ඒ තරම් නවීන පන්නයේ ගතියක් නම් නෑ.ඒත් අවන්හල ඇතුලත චාම් බවකින් යුක්තයි.ඒ වගෙම මෙහි ඇතුලත කලබල ගතියක් නම් නෑ.

මෙනුපත

මේ අවන්හල වෙජිටේරියන් අවන්හලක්.මෙහි තුන් වේලටම ආහාර සපයනවා.උදේ හතේ ඉඳන් රාත්‍රි වෙනතුරු මේ අවන්හල විවුර්ථයි.දිවා ආහාරය සඳහා අවන්හල විවුර්ථ වෙන්නේ දවල් දොලහට.ඒ වගේම රාත්‍රී ආහාර වේලට අවන්හල සවස 6.30 ඉඳන් විවුර්ථයි.

nallur2

උදේ වරුවට මෙහි ඉඳි ආප්ප පිට්‍ටු වගේ කෑම කන්න ගන්න පුලුවනි.ඉන්දියානු ක්‍රමයට කෙසෙල් කොලයක් උඩට ඉන්දි ආප්ප තියලා ඒක වටේ පුන්චි බාජන තුනක හොදි හම්බවෙනවා.එකක් පරිප්පු හොද්දක්,අනික ටිඅකක් ඇඹුලට බර හොද්දක්,තවත් එකක් සාම්බාරු හොදි.ඒ වගෙමයි පිට්‍ටු වලටත් මෙහෙමම හමබවෙනවා.ඉඳි ආප්ප නම් එතරම් ලොකුවට නෑ.ඒත් මෙහෙම කෑම වේලකා යන්නේ රුපියල් සීයක් වගේ මුදලක්.

nallur12

දවල් වරුවට ආවොත් බත් කන්න පුලුවන් නම් හොඳයි.ලොකුම ලොකු පිඟානක කෙසෙල් කොලේ මැදට බත් එකතු කරලා ඒ වටේට පුන්චි දීසි වල කරීස් තියලා තමයි මේ කෑම එක මේසැට එන්නේ.දකින්නත් ප්‍රියයි.සාම්බාරු වට්ටක්ක හොදි අල බැදුමක්,කොච්චි සම්බෝලයක් පපඩමක් බැදපු මිරිස් කරලක් මේ කැම මෙනු එකට ගොඩක් වෙලාවට ඇතුලත්.මේ හාලත් ටිකක් අපි කන රතු කැකුලු එකට  වෙනස්.මේ ඔක්කොම එක්ක අනලා කනකොට කෑම එක ඉතා රසවත්.

nallur

මේ කැම වලට අමතරව ප්ලේන් ‍තෝසේ අනියන් ‍තෝසේ ගී ‍තෝසේ මසාලා ‍තෝසේ,පරාට බොන්ඩා චපාති එලවලු රොටි,චපාති උලුඩු වඩේ පූරි වගේ කැම වර්ග වලින් මේ මෙනු එක පොහොසත්.සවස් වරුවකට මේ කැම එකක් එක්ක උනු උනු කිරි එකක් කියන්නේ බඩ පිරෙන හොඳ කෑම වේලක්.කැම වල මිල ගනන් ඉතාම අඩුයි.කෑම වල රසත් හොඳයි.කොහොම උනත් ඔබ මේ කෑම වේලට අමතර ඉල්ල ගන්න කෑම වලටත් මිලක් නම් එකතු වෙනවා.උදාහරනෙකට ඔබ බහ් පතට අමතර පපඩමක් ඉල්ලුවොත් ඒකටත් බිලක් නම් වැටෙනවා.

සේවාව

මෙහි ඉන්න සේවකයන්ට සින්හල බාශාව නම් බෑ.ඉංග්‍රීසි ටිකක් විතර පුලුවනි.ටිකක් අමාරුවෙන් තමයි සන්නිවේදන කටය්‍ටුත්ත කරන්න වෙන්නේ.කොහොම උනත් මෙහි ඉන්න සේවකයන් මිත්‍රශීලි අය.ඒ නිසා වැඩ කටයුතු කරගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වෙන්නේ නෑ.ඒත් ඔබ කෑමක් ඇනවුම් කරලා ඉතා හිගු වෙලාවක් බලා ඉන්න වෙන්න පුලුවනි.ඒ කාලය විනාඩි 15 ඉඳන් ව්නාඩි 40ක් වගේ දිගු කාලයක් දක්වා වෙන්නත් පුලුවනි.ඒ අතින් ගත්තොත් මෙහි සේවාව තවත් වර්ධනය කරගත යුතුයි.

මග

මෙතනට එනවා නම් පාර හොයාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි.තියෙන්නේ නල්ලූර් කෝවිල ඉදිරියෙන් වැටී ඇති ටෙම්පල් පාරේ.ඒ පාරේ වම් අත පැත්තට මීටර් 150ක් වගේ පයින් යනකොට මේ අවන්හල හොයා ගන්න පුලුවනි.පිහිටනේ ඔබේ වම් අත පැත්තෙන්.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0212225556.ගොඩ දෙනෙක්ට එක වර කැම ගන්න පහසුකම ඔය අංකයට අමතලා ලෑස්ති කරගන්න පුලුවන් වේවි.යාපනේ නගරයට ආවොත් මේ පැත්තට ආවේනික ආහාර පාන ගන්න හොඳ තැන් හොයන අයට මේ Nallur Bhavan එක හොඳ ‍තෝරාගැනීමක් වේවි.සාක්කුවට පහසු මිලට එහෙම කෑම කන්න තෙනක් හොයන අයට මේ අවන්හල තවත් හොන්දට ගැලපෙනවා.ඕත් නාල්ලුර් කෝවිල වදින්න අවොත් අල්ලූර් බවන් එකට ගොඩවෙලා රසවත් වෙජිටේරියන් කෑම වේලක් ගන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *