කන්න බොන්න කලින් එන්න

Ministry of Crabs සංගාගේ සහ මහේලගේ කකුලු අවන්හලට ගොඩ වෙමු

banner

මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් කියන්නේ විශේශයෙන් කකුලුවන් විවිද රසයෙන් ලබා ගන්න පුලුවන් සුපිරි මට්ටමේ අවන්හලක්.මෙය ගොඩ දෙනෙක් දන්නේ ක්‍රිකට් ක්‍රීඩක මහේල සංගා සහ දර්ශන් මුනින්දාස් ගේ සුසංයෝගය නිසා.ඔවුන් තමයි මෙහි අයිතිකරුවන්.කකුලු අමාත්‍යංශය පිහිටන්නේ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ.මෙහි කැමට ලංකාව අවට මුහුදෙන් හසු වෙන කකුලුවන් වගේම විදේශීය අති දුර්ලභ කකුලුවන් කෑමට ගන්න පුලුවන්.

වටපිටාව

ministry2

මෙහි ඇතුලත හරිම පිලිවෙලයි.මේස පු‍ටු පනවා ඇති ආකාරය වගේම ඇතුලත මද ආලෝකයකින් වර්නවත් වෙනවා.කකුලු ලාංචනය මදක් ඉස්සරහට වන්නට කහ පාටින් අඳුරේ දිස් වෙන හැටි අපූරුයි.ඇතුලත වගේම පිටත ඉඳගෙන උනත් ආහාර ගන්න පුලුවන්.දෙදෙනෙකුට හතරකට හෝ ඊට වැඩි ප්‍රමානෙකට එකට ඉඳගෙන රසවත් කකුලුවෙක් ආහාරයට ගන්න පහසුකම මෙහි සලසා දීලා තියන්වා.වටපිටව සරලයි.එය අමුතු ගතියක් කකුලු අවන්හලට එක් කරනවා

බඩජාරි මෙනුපත

Chillie and Pepper Crabs කියන්නේ ඔවුන් සතු රසවත් කකුලු ආහාර වේලක්.ප්‍රවීන සුපවේදියෙකුගේ මෙනුවකට හදන නිසා කොහොමත් රසයි.. ඊටත් වඩා රසයි Chillie Garlic and Chillie pepper crabs.එහි ඇති පදමට සුදු ලූනු රස සහ ගම්මිරිස් සැරට රසවත් කකුලුවන් ඉතා රසවත්. ඒවා පිරිනමන අයුරත් විශිශ්ටයි.

ministry4

රසවත් පොල්සම්බෝලයක් එක්ක කකුලු හොදි සමග දර වලින් පුච්චපු කඩේ පාන් එකත් ඉතා රසවත්.ඔබට කැමති විදියකට ඒවත් ගන්න පුලුවන්.ඔබ කකුලුඉවන්ට අකමැති වෙජිටේරියන් කෙනෙක් නම් ගාලික් ෆ්‍රයිඩ් රයිස් එක රසවත් ‍තෝරා ගැනීමක්.ඒ වගේම වෙනස් රසක් හොයාගෙන යන්න හිතුනොත මහේලගේ කැමැත්ත ට යන්න පුලුවන්.. ඒ කෑම නම් කරලා තියෙන්නේ Mahela’s Favourite කියලා. ඒකට රසවත් පොල්සම්බෝල ජපන් ස්ටිකි රයිස් බැදපු බිත්තරයක් සහ කුකුල් මස් හොද්දක් ඇතුලත්. පොල් සම්බෝලය නියම උම්මලකඩ රසයට.ඒ වගේම කුකුල් මස් හොද්ද ඉතාම රසවත්. අනෙක් කෑම රසට දෙවෙනි නෑ. මේ කෑම වර්ග සියල්ලම ඉතා හොඳ මට්ටමේ කියන්න පුලුවන්.

ministry6

අවසානයට ඩෙසර්ට් එකක් විදියට අපි ඔබට යෝජනා කරනවා චොකලට් බිස්කට් පුඩිමක්.නැත්නම් Coffee jelly එකක්.ඒවත් ඉතා රසවත්. මෙහි සියලුම කෑම වර්ග වල එකකට එකක් නොදෙවෙනි රසයක් තියෙන්නේ.සියල්ලම ඉස්තරම් කිව්වොත් හරි. කෑම වගේම දෙස් විදෙස් බීම වර්ග ගනනාවක් මෙහි ඇතුලත්.කෑම වගේම ඒවත් හොඳ තත්වයෙන් ඇති.අපට ඒවා නම් උත්සහ කරන්න බැරි උනා.මෙහි මිල ගනන් නම් ටිකක් වැඩියි.ඒත් ලැබෙන අත්දැකීමත් එක්ක ඒ මුදල ට එතරම් පාඩුවකුත් නෙවෙයි.දෙදෙනෙක්ට සාමානයයෙන් 5000ක වගේ මිලකට බඩ පිරෙන්න කන්න පුලුවන්.

ministry3
සේවාව

මෙතන ඉන්න සේවක මහතුන් ඉතා හොඳ සේවාවක් ලබා දෙනවා. ඔවුන් හොඳින් මේ කකුලුවන් ගෑන දැනීමක් ඇතුව කටයුතු කරනවා. ඒක පාරිබෝගිකයන්ට පහසුයි. තමුන්ට ගැලපෙන ප්‍රමානයට ආහාර ‍තෝරාගන්න ඔවුනුදව් කරාවි.සේවවත් ඉතා ඉහලයි

මග

මෙතනට එනවා නම් ලන්දේසි රෝහලට එන්න ඕනි.හොයාගන්න කිසි අපහසුවක් නෑ.ලෝක වෙලඳ මධ්‍යස්ථානය තියන තැනට ආව නම් එතනින් ඉදිරියේන් ඇතුල් වෙන්න ලන්දේසි රෝහල් ගොඩනැගිල්ලට.ඇතුලේ පොඩ්ඩක් ඇවිද්දොත් කකුලුවෙක්ගේ රූපයෙන් කකුලු අමාත්‍යංශය හොයා ගන්න අපහසු නෑ.

දිවා ආහාර්යට දවල් දොලහේ සිට සවස 3.30 වන තුරුත් රාත්‍රියට සවස 6 සිට 10.30 වන තුරුත් මෙය විවුර්ථයි. රසවත් වගේම වෙනස් වූ අත්දැකීමක් ගන්න එන්න කොලඹ තියන හොඳම තැනක් තමයි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් කියන්නේ.ඔබට පවුලේ අය සමග හරි යාලුවෙක් එක්ක දිගු කතා බහකට හරි මෙතන ඉස්තරම්.රාත්‍රී කාලයේ තමයි සුදුසුම.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *