කන්න බොන්න කලින් එන්න

වරක් ආවොත් ආයෙත් එන්න හිතෙන ඇල්ලේ මැටි හට් එක Matty Hut – Ella

banner

නිවාඩුවකට සංචාරයක් යන්න ප්ලැන් කරනකොට යන්න මතක් වෙන තැන් අතර ජනප්‍රිය ගමනාන්තයක් විදියට ඇල්ල නගරය කියන්න පුලුවන්.ඇල්ල නගරය වටේ ලංකාවේ සංචාරකයන්ට බලන්න යන්න තැන් බොහොමයක් තියෙනවා.එහෙම ඇල්ල පැත්තේ සංචාරයට ඇවිත් ඒ ගමනට තවත් වටිනාකමක් එක්කරගන්න පුලුවන් අවන්හලක් ගැනයි අද අපේ රස සටහන.මේ අවන්හල නමින් මැටි හට්.ගමේ කෑම සුපිරි විදියට කන්න අංක එකේ තැනක් විදියට මැටි හට් එක හදුන්වන්න පුලුවනි.ඔබ මේ අවන්හලට ඇවිත් එක් වරක් ආහාර ගත්තොත් ආයෙත් පාරක් එන්න හිතෙන මට්ටමේ තැනක් තමයි මේ මැටි හට් එක.

වටපිටාව

matty hut

මේ අවන්හල පුන්චි පහේ තැනක්.පිටින් බැලුවහම එහෙම ලොකු විශේශත්වයක් පේන්න නෑ.පුන්චිම පුන්චි හට් එකක්.අවන්හලට ගොඩ වෙන පුන්චි පඩි පෙල දෙපැත්ත වගේම පැත්තකට වෙන්නට කුඩා මේස 4ක් 5ක් තමයි මේ අවන්හලට තියෙන්නේ.ඒ ලී මේස වලට තියපු ලී බංකුත් එක්ක මේ අවන්හලේ ඉඩ පාඩුව තවත් ඇහිරිලායි තියෙන්නේ.අවන්හල ඉදිරි පසම වගෙම අවන්හලට පැත්තකට වෙන්නටයි මෙහි මේස පු‍ටු තියලා තියෙන්නේ.සවස් වරුවට මේ අවන්හල ඇතුලට ඇතුල් වෙන්නත් පොඩි ගේමක් දෙන්න ඕනි.ඒ තරමට මේ අවන්හලේ ඉඩ ඇහෛරිලායි තියෙන්නේ.වැහි වෙලාවක වගේම තදින් අව්ව තියන දවල් වරුවකට අවන්හලේ ඉදිරියේ ඉඳන් කනවට වඩා පැත්තකට වෙලා කන එක තමයි හොඳ.ඒත් ඉතින් මේස තුනයි ඒ පැත්තේ තියෙන්නේ.

අවන්හලේ කුස්සියට ඔබ කැමති නම් ඇතුල් වෙලා බලන්න පුලුවනි.ඒ වගෙම කොත්තු ,රොටී වගේ කෑම තැන අවන්හලේ ඉදිරියේ ඕඑත්තකට වෙන්නට තියෙන්නේ.දාන පිරිසිදු කමින් අවුලක් නෑ.ඒත් පාරේ අයිනට වෙන්නට පිහිටන නිසා පාරේ තියන දූවිලි පාර පොඩි කරදරය්ක් කියන්න ඕනි.

මෙනුපත

matty hut3

මේ අවන්හල සුවිශේශි වෙන්නේ මේ කැම වල තියන රසය නිසා.මේ අවන්හලේ මෙනු එක මේ පුන්චි කඩේ සයිස් එකට සාපේක්ශව ලොකු එකක්.ඒ අතර රයිස් සහ නූඩ්ල්ස්,සැන්ඩ්විච් වර්ග බර්ගර්ස්,සුප් පැස්ටා කොත්තු වගේම ඩෙසර්ට් වර්ගත් බීම වර්ගත් ඇතුලත්.ඔබ මෙහි දවල් වරුවකට එනවා නම් හොඳම දේ තමයි රයිස් ඇන්ඩ් කරී කන එක.ගමේ විදියට හදාපු රසම රස කෑම වෙලක් රතු කැකුලු බත් රසට කන්න පුලුවනි.මේ කෑම එක මාලු පිනි 4ක් 5කින් යුක්තයි.මේ මාලු පිනි අතර අඹ මාලුවක්, ඇඹ‍රැල්ලා මාලුවක්,පොලොස් ගැට කරියක් වගේ ගමේ කැමක් දෙකක් නොතිබුනොත් ඒක පුදුමයක්.ඒ වගෙම මේ මාලු පිනි රස වචනයෙන් කියන්න බැරි තරම්.පරිප්පු හොද්දත් මේ කැම වේලේ වරදින්නේ නෑ.ඒකත් ඉතා රසවත්.මේ කැම වේල ගෙදර හදාපු කැම වේලක් වගේමයි.ලුනු රසත් යහමින්.

matty hut1

මේ කැම වේලට අමතරව මේ අවන්හලට ආවොත් හිත යන තවත් මෙනු එකක් තමයි රොටි මෙනු එක.මැටි හට් එකේ පොල් රොටිය සයිස් එකෙන් සාමානය මට්ටමේ එකක්.ඒකත් එක්ක පරිප්පු හොදි තමයි කන්න තියෙන්නේ.එහෙමත් නැත්නම් පොලුයි පැනියි එකතු කරගන්න පුලුවනි.පොල් සහ පැනි එක්ක රොටි කන එක තමයි ඉතින් හොඳම.වැඩිය කොහෙන්වත් එහෙම කන්න වෙන්නෙත් නෑ නේ.ඊට අමතරව චොකලට් රොටියත් වෙනස් වගෙම රසවත් කෑමක් තමයි.ඇතුලට කෙසෙල් දාපු බනාන රොටියත් චීස් සහ බිත්තර දාපු රොටියත් වෙනස්ම රසයක් තමයි තියෙන්නේ.මේ ආහාර මෙනු ඔබට වැඩිය ලංකාවේ දකින්න රසවිඳින්න ලැබෙන ඒවා නෙවෙයි.

සවස් වරුවකට මෙහි එනවා නම් උනු උනු කොත්තු එක්ක ප්ලේන්ටිය නියම සුසංයෝගයක් කියන්න පුලුවන්.එග් කොත්තු චිකන් කොත්තු වගේම චීස් කොත්තුත් කන්න ගන්න පුලුවන්.මේවා 250-450 මිල සීමාවේ පවතින්නේ.චිකන් චීස් කොත්තුවක් කන්න ඕනි නම් චිකන් කොත්තුවට තව රුපියල් සීයක් දීලා චීස් එකතු කරලා චීස් චිකන් කොත්තුවක් කරගන්න පුලුවනි.ඒ වගෙම නූඩ්ල්ස් වර්ගත් චිකන් සී ෆුඩ් ‍ෆිශ් වගේම එග් විදියට කන්න ගන්න පුලුවනි.ඒ වාගෙත් මිල පවතින්නේ 250-450 අතර.ගොඩදෙනෙක් අවන්හලකට ගියාම කන්න ගන්න ෆ්‍රයිඩ් රයිස් මික්ස් රයිස් නාසි උනත් මේ අවන්හලේ කන්න ගන්න තියනවා.

ඩෙසර්ට් එක විදියට පලතුරු වර්ග කන්න පුලුවනි.අඹ කෙසෙල් වගේ මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.ඒ වගේම ඩෙසර්ට් එකට කිරි පැනිත් කන්න ගන්න පුලුවනි.බීම විදියට අඹ ,දෙහි අන්නාසි වගේ බීම වර්ග බොන්න ගන්න පුලුවනි.මික්ස් ෆෘට් ඩ්‍රින්ක් එක උනත් රසවත්.ඒ ඔක්කොම 150-300 අතර මිල සීමාවේ තියෙන්නේ.

ප්ර්මාන අතින් මේ අවන්හලේ කෑම ඇති වෙන්න තියනවා.ඒ වගෙම කෑම වල රසත් එක්ක හිතුවොත් ගෙවන මිලට ඉතාම සාධාරනයි මේ අවන්හලේ කෑම.

සේවාව

මේ අවන්හල පවත්වාගෙන යන්නේ තරුන වියේ පසුවන දෙපලක් විසින්.මේ උයන පිහන කටයුතු කරන්නෙත් මේ අයමයි.මෙහි යන එන අය මෙහි සේවාව ගැන නම් කියන්නේ ඉතා හොඳ මට්ටමේ එකක් කියලයි.ඔවුන් ඉතා සිනා මුසු මුහුනෙන් මෙහි යන එන අය පිලිඅරන් කැමති විදියට කෑම බීම හදලා දෙනවා.එවෙලේ හදන කෑම බොහොමයක් මේ අවන්හලේ මෙනු එකට ඇතුලත් හඳා ටිකක් කැම වේල මේසයට එන්න නම් වෙලා යනවා.ඒත් ඒක ඒ තරම්ම ලොකු වෙලාවක් නෙවෙයි.

මග

මේ අවන්හල පිහිටන්නේ ඇල්ල නගරයේ ඉඳන් කිලෝ මීටර් 2ක් විතර බන්ඩාරවෙල පැත්තට වෙන්න පාරෙන් වම් අත පැත්තෙයි.ඇල්ල නගරයේ ඉඳන් මෙහෙම එනකොට ඇල්ල දුම්රිය පාරට හැරෙන තෑන හම්බවෙනවා.ඊට මීටර් දෙතුන්සීයක් ඉස්සරහින් තමයි මේ අවන්හල පිහිටන්නේ.ඔබ කුඹල්වෙල පැත්තේ ඉඳන් එනවා නම් ඇල්ල නගරයට කලින් බිංගෙයක් එක්ක පාර පසු කල ගමන් පාරෙන් දකුනු අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 077 258 3450.ඔබ ඇල්ල ප්‍රදේශයේ සංචාරයකට ආවොත් මේ අවන්හලට ගොඩ වෙන්නට අමතක කරන්න එපා.සාක්කුවට පහසු මිල වගේම රසත් උපරිම නිසා ඇල්ල සංචාරයට තවත් වෙනස් විදියේ අත්දැකීමක් මේ අවන්හලට ඇවිත් ගන්නා ආහාර වේල එකතු කරාවි.ඒ වගේම ආයැත් දවසක මේ පැත්තේ ආවොත් ගොඩ වැදිලා යන්න හිතෙන තරමට මේ Matty Hut එක මතකයේ තියේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *