කන්න බොන්න කලින් එන්න

Lucky Fort Restaurant – Galle දේශීය මාලු පිනි දහයක් එක්ක සුපිරි කෑමකට ගාල්ලේ ලකී ෆෝර්ට් අවන්හල

banner

අද අපි කියන්න යන්නේ ගාලු නගරයේ තිබෙන රසවත් අවන්හලක් ගැන .මේ අවන්හල දේශීය අය වගේම විදේශිකයන් අතරත් ප්‍රචලිත තැනක්.අවන්හල නමින් Lucky Fort Restaurant.අයිතිහාසික ගාලු නගර සීමාව තුල තමයි මේ අවන්හල පිහිටන්නේ.දේශීය විදියට ගමේ කෑම වර්ග දහයක් එක්ක රසවත් ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.ඒක තමයි මේ අවන්හලේ තියන විශේශත්වය.

වටපිටාව

lucky2

මෙතන පිහිටන්නේ ගාලු නගරයේ ඇතුලකට වෙන්න .පිටින් බැලුවහම නිවසක් ආකාරයට තමයි අවන්හල ද්ස් වෙන්නේ.කුඩා වීදියක පිහිටන නිසා වාහනයක් නම් නවත්වන්න මෙතන පහසුකම නම් නෑ.කොහොම උනත් ඇතුල් වෙන තැන මල් වවලා තියනවා..ඒ අතරින් අවන්හලේ නම සහ පෙලක් මෙනු වල විස්තර එලියට වෙන්නම දර්ශනය කරලා තියනවා.

මෙහි ඇතුලත එතරම් ලොකු සැප පහසුවක් නම් නෑ.කොහොම උනත් රතු පැහැ සහ සුදු පැහැ මිශ්‍ර මේස රෙදි වලින් යුතුව මේස සහ දැවයෙන් සැදු පු‍ටු අවන්හල ඇතුලත වගේම පිටතත් අසුරලා තියනවා.දෙදෙනෙකුට හතරකට වගේම ගොඩ දෙනෙක් එකට කැම ගන්නවා නම් අදාල ප්‍රමානයට පු‍ටු මේස සකස් කර දෙන්න ඔවුන් සැදී පැහැදී ඉන්නවා.

OLYMPUS DIGITAL CAMERA

මෙහි අවන්හලේ වෙන සියලු දේම ඔබට බලාගන්නත් පුලුවන්.සියලු දේ ඉතාම පිරිසිදුව සිදු වෙනවා.ඔබට කැමති නම් ඔවුන් සමග ආහාර සාදන්න උදව් කරන්න අවස්තාවක් සලසා ගන්නත් පුලුවනි.මේ කැම සැදීමට ගන්නා සියලු අමුද්‍රවය ඔබට දැකගන්න මෙහිදී පුලුවනි.

මෙතන කරගෙන්න යන්නේ පවුලක් එකතු වෙලා.ඉතින් ඔවුන් ඔබට ඉතාම රසවත් ගමේ කෑම වේල්ක් දෙන්න සැදී පැහැදී ඉන්නවා..

බඩජාරි මෙනුපත

lucky3

අපි කලින්ම කිව්වා වගේ මෙතන ප්‍රධාන කැම තමයි දේශීය විදියට හදාපු නැවුම් ගමේ ආහාර වට්ටෝරු 10ක් සමග බත්.මේ කැම ඉතාම රසවත් කියන්න පුලුවන්.දවසින් දවසට ලැබෙන මාලු පිනි දහය වෙනස් වෙනවා.අඹ මාලුවක් වම්බො‍ටු මාලුවක්,අන්නාසි මාලුවක් පොලොස් ඇඹුලක් වගේ ගමේ ආරට මාලු පිනි දෙක තුනක් මෙතන වරදින්නෙම නෑ.ඒ වගෙම කැමති විදියට මස් හරි මාලු හරි කෑමට ගන්න මෙතනින් පුලුවන්.ඒ අතරට පපඩම් කෑල්ලකුත් එකත් උනාම මේ කෑම වෙලේ රස ඉතාම රසවත්.ඉතාම සුවිශේශී.කෑම වල ගත්තහම පොඩී අඩුවකට දැන්නේන්නේ සැර පොඩ්ඩක් විතර මදිද මංදා කියන එක විතරයි.කොහොම උනත් අපිට දැනගන්න ලැබුනේ මේ අවන්හල විදෙස් අය ඉලක්ක කරලා පවත්වාගෙන යන හඳා ටිඅකක් විතරා කෑම වල සැර අඩු කරලා බව තමා.කොහොම උනත් මේ සඳහා දේශීය කුලුබඩු සහ නියම අමුද්‍රව්‍ය යොදාගන්නාව කිව්වොත් නිවරදියි.

lucky1
මේ කැම එකක් 950ක මිලක් වෙනවා.ඒ කැම දෙදෙනෙකුට හොඳටම ප්‍රමානවත් කියන්න පුලුවන්.ගාන පොඩ්ඩක් විතර වැඩියි වගේ දැනුනත් ගෙවන මිලට මාලුව දහයක් ගමේ ආරට කන්න ලැබෙන එක සුවිශේශී අත්දැකීමක්.

ප්‍රධාන බත් සහ මාලුව මෙනු එකට අමතරව ෆ්‍රයිඩ් රයිස් නූඩ්ල්ස් වගේ කෑමත් මෙතනින් ඇනවුම් කරන්න පුලුවන්.ඒ වගෙම පලතෘ වර්ග බීමට ගන්න පුලුවන්.දෙහි යුශ ඇතුලුව තවත් ගොඩක් පලතුරු බීමත් මෙතන බොන්න ගන්න පුලුවනි.අපිට දැනගන්න ලැබුනු විදියට බීර වර්ගත් මෙහි බොන්න ගන්න පුලුවන්. කොහොම උනත් දේශීයව ආහාර වේලකට මේ අවන්හල වඩා ගැලපෙනවා කියලා කියන්න පුලුවනි.

සේවාව

lucky4

මෙහි  අය ඉතා මිත්‍රශීලී .අපි කලිනුත් කිව්වා වගෙ පවුලක් විසින් කරගෙන යන අවන්හලක් තමයි මේ ලකී ෆෝර්ට් අවන්හල.ඉතින් ඔවුන් පෙලක් වෙලාවට තමන්ගේ පාරිබෝගිකයන් සමග සිහද කතා බහකට මුල පුරන්න බැරි කමකුත් නෑ.කොහොම උනත් මෙතන කුඩා තැනක්. ඒ වගෙම ජනප්‍රිය තැනක්. ඉතින් දිවා ආහාරය කිට්‍ටු වෙලාවට ටිකක් විතර කාරය බහුලයි.කොහොම උනත් කෑම මෙසයට ලැබෙන්න ටික වෙලාවක් යන්නත් පුලුවනි. ඒ වගෙම කවුරුන් හෝ ආහාර ගත්තු තැනක් පිලිවෙල කරගන්නත් ටිකක් වෙලව ගත වෙනවා.ඉතින් තවත් අවන්හලේ වැඩ කරන්න සේවක මහතුන් ගත්ත නම් හොඳයි කියලත් හිතෙනවා

කොහොම උනත් සමස්ථයක් විදියට ඔවුන්ගේ සේවාව ඉතා හොඳ මට්ටමක තියනවා කියන්න පුලුවන්.

මග

මෙතන ගාලු නගරයේ ගාලු කො‍ටුව පැත්තේ ඇතුලට වෙන්න පිහිටන්නේ.හොයා ගන්න එක නම් ටිකක් අපහසුයි.මොකද ඇතුලට වන්නට පිහිටන නිසා.ඔබ ගාලු කො‍ටුවට ඇතුල් වෙලා මුහුද වටා ඇති ‍Rampart මාවතේ එනකොට මුනගැහෙන පෙඩ්ලර් වීදියේ ඇවිත් එහි තියන කුඩා පරවා වීදියේ එන විටයි මෙය පිහිටන්නේ.කොහොම උනත් මැප් එක බාලාගෙන එන එකයි හොඳම දේ.

මෙතන උදේ දිවා රාත්‍රී ආහාර සපයනවා.උදේ 8.45 ඉඳන් රාත්‍රී 10.30 පමන වන තුරු ඔවුන් විවුර්ථයි.ඔවුන්ගේ දුරකතනය අංකය වෙන්නේ 0912242922.දෙතුන් දෙනෙක්ට අමතරව ටිකක් වැඩි පිරිසක් ආහාරයට යනවා නම් හොඳම දේ ඔවුන්ට අමතලා වෙන් කරවාගෙන යන එකයි.ඔබත් ගාලු නගරයේ සංචාරයක ආවොත් මෙතනින් දේශීය ආහාර වේලක් කන්න ගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *