කන්න බොන්න කලින් එන්න

Loon Tao Restaurant චීන ආහාර වේලක රස බලමින් ආදරනීය හැන්දෑවකට ලූන් ටාවෝ

banner

කොලඹ නගරයේ ඇති චීන අවන්හල අතරින් ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය සුපිරි මට්ටමේ අවන්හලක් තමයි ලූන් ටාවෝ කියන්නේ.චීන ජාතිකයන් මූලික වෙලා කරගෙන යන අවන්හලක් නිසා නියම චීන ආහාර වේලක් කන්න කියාපු තැනක් තමයි මෙතන.වර්ශ 2002 ආරම්භ කල මේ අවන්හල 2013 වර්ශයේ ට්‍රිප් ඇඩ්වයිසර් Certificate of Excellence ලෙස සහතිකයකුත් දිනාගත්ත. ඒ පාරිබෝගිකයන් ලූන් ටාවෝ අවන්හලේ කෑම වලට දුන්නු විශිෂ්ඨ සහතිකය හේතුවෙන්.අපි අද ගොඩවෙන්න යන්නේ ලූන් ටාවෝ අවන්හලට.

loontao6

වටපිටාව

මෙය ඉතාම අලංකාර වටපිටාවක් එක්ක ගොඩ නැගුනු තැනක්.ප්‍රධානම දේ මුහුදු වෙරල.මුහුදු වෙරලේ මුහුදු සුලං විඳිමින් රසවත් චීන ආහාර වේලක් කන්න මනා වටපිටාවක් මෙතන සතුයි.ඇතුලත වගේම පිටතට වෙන්නත් මෙහි හිඳගෙන කෑම ගන්න පුලුවන්.රාත්‍රියට ලාම්පු එලියෙන් මේස මත වර්නවත් වෙලා මුහුදු හුලඟත් එක්ක මනස්කාන්ත දර්ශනයක් අවන්හල තුල මැවෙනවා.මේස පු‍ටු දැවයෙන් කරලා තියෙන්නේ. සැප පහසුයි.මෙතන වර්ග අඩ් දහසක ඩාන්සින්ග් ෆ්ලූර් එකක් පවා තිබෙනවා.ඒ වගෙම දුරුවන්ට ක්‍රීඩා කිරීමට කිඩ්ස් ප්ලේය් ඒරියා එකකුත් මේ අවන්හල සතුයි.ඒ වගේම උපන්දින සැමරුම් , කුඩා කාර්යාල එකතු වෙමකට, වගේ උත්සව වලටත් සුදුසු ලෙස මෙහි වටපිටාව සකස් කරදෙන්න ලූන් ටාවෝ අවන්හලේ උදවිය සූදානම්.

loontao3

බඩජාරි මෙනුපත

මෙතන දිගු මෙනු එකක් තියනවා.චීන රසට කෑම වර්ග ගනනාවකින් යුක්තයි.ඇපටයිසර් ගත්තොත් ඉස්සෝ වලින් කල කෑම වර්ග,කකුලුවෝන්ගෙන් සැදූ කෑම වර්ග,චිකන් ස්ප්‍රින්ග් රෝල්,හොට් බටර් මශෲම් ක්‍රිස්පි රෝස් චිකන් ගාලික් කියුකම්බර් වගේ කෑම ජාති බොහොමයක් මේ අවන්හල සපයනවා.සුප් වර්ග thick soup සහ Clear soup විදියට සුප් වර්ග ගන්න පුලුවන්.මෙහි කැම සියල්ලම කුඩා සහ විශාල ප්‍රමාන වලින් ගන්න පුලුවන්.

loontao7

කුඩා ප්‍රමානයේ සුප් එකක් 350-650 ත් අතර මිල සීමාවේ පවතින්නේ.මීට අමතරව සී ෆුඩ් මෙනු ලෙස ඉස්සෝ වලින් කල කැම,කකුලුවන්ගෙන් විවිද විදියට සැදූ ආහාර වර්ග, මාලු වලින් තැනූ කෑම වර්ග,දැල්ලන්ගෙන් කල ආහාර,කක්කුට්ටන්ගෙන් සැදූ ආහාරත් කන්න ගන්න පුලුවන්. ඒ වගෙම මෙහි චීන ක්‍රමයට හැදූ තරා මස් මෙනු එකත් සුවිශේශී..ශැංහයි ස්ටයිල් තරා මස් එකක් සෝයා සෝස් එකක් එක්ක 2998ක් වෙනවා.. ඒ වගේම බීජිං තාර මස් එක එක පෝශන් එකක් 9998ක් වගේ මිලක් වෙනවා..මීට අම්,අතරව බීෆ් චයිනීස් ඔම්ලට් ,එලු මස් වලින් කල ආහාර වර්ගත් ඇනවුම් කරන්න පුලුවන්.එලවලු සහිත ආහාර පමනක් ගන්නවා නම් මෙතනින් වෙජිටබල් මෙනු එකක් ආහාරයට ‍තෝරගන්නත් පුලුවනි.චීන තාලයට විවිද රයිස් වර්ග නූඩ්ලෙස් නියම චීන රසයෙන් කන්න ගන්න පුලුවන්.

loontao5

මොවුන්ගේ රසම මෙනු අතර හරක් මස් ගම්මිරිස් කුඩු සමග හොඳ තේරීමක් වෙනවා.ඒ වගේම deshelled butter schezwan crab එකත් ඉතා රසවත්.ඒ වගේම The Singporean Vermicelli and the Hot Batter Cuttlefish එකත් ඉතාම රසවත්.මෙහි බොහොමයක් කෑම රසයි.ඒ වගෙම වෙනස් රසයකින් යුක්තයි.අපිට ගොඩක් කෑම රස බලන්න බැරි උනත් කාපු කෑම ඉතාම රසවත්.

loontao4

ඩෙස්සර්ට් වලට 200-400 මිල පරාසය ඇතුලේ ආහාර 15ක විතර කෑම වර්ග ගන්න පුලුවන්.අයිස් ක්‍රීම් චිකලට් මූස් බ්‍රවුනීස් කෝපි වගේ ආහාර ඒ අතර තියනවා.

loontao1

තාරා මස් සහිත මෙනු එකට අමතව අනෙක් පෝශන් බොහොමයක් 1000 ට අඩු මිල සීමාවේ පවතිනවා.කොහොම උනත් මේ මිල ගනන් නම් සාඅමාන්‍ය ප්‍රමානයෙන් ටිකක් එහාට ගිහින්.කොහොම උනත් සැලකිය යුතු පෝශන් එකක් මෙහි තියෙනවා.බඩ පිරෙන්න කන්න ඒ පෝශන් ප්‍රමාන්වත්.ඒ වගෙම මේ කෑම බොහොමයක් රසවත්.සියලු දේ නියම පදමට තියනවා කිව්වොත් හරි.

සේවාව

මෙහි ලාංකික සහ චීන ජාතිකයන් සේවයට ඉන්නවා. ඔවුන් සියල්ලම ඉතාම කාර්‍යක්ශමයි.ඉතා ඉක්මනින් සියලු දේ කරන සැදී පැහැදී ඉන්නවා.කෑම මේසයට එන්න විනාඩි 15ක් වගේ යාවි.මෙහි පෙලක් චීන ජාතික සේවකයන්ට ඉන්ග්‍රීසි බාශාව තේරුම් ගැනීමේ පොඩි අපහසුවක් නම් තියනවා.කොහොම උනත් අනෙක් අය මේ අවන්හලේ කෑම ගෑන හොඳ දේනුවත් බවකින් ඉන්නේ.ඒ නිසා හොඳ සහයක් ලැබෙනවා අපිට ඕනි කෑම ‍තෝරාගන්න.

මග

මෙතන පිහිටලා තියෙන්නේ දෙහිවල සහ ගල්කිස්ස දුම්රියපලවල් දෙක අතර ගල්කිස්ස මුහුදු තීරයේ.කොලඹ ඉඳන් එනවා නම් ගාලු පාරේ දේවල පහුකරලා ගල්කිස්ස පැත්තට එනකොට ශාන්ත ‍තෝමස් පාසලට යන පාර පැත්තට යන පාසල් මාවතේ බීච් එක පැත්තට ගියාම අවසානයේ දකුනුඅත පැත්තෙයි මේ අවන් හල පිහිටන්නේ.

loontao2

මෙතන දුරකථන අංකය වෙන්නේ 0112722723 සහ 0714799899.මෙතන ලිපිනය 43/12 පාසල් මාවත ගල්කිස්ස.උදේ 11 සිට සවස 3 දක්වාත් සවස 6 සිට රාත්‍රී 11 දක්වාත් මේ අවන්හල විවුර්ථයි.දිවා අහාරයකට වගේම රාත්‍රී ආහාර වරුවකට මේ අවන්හල අනර්ගයි.සතියේ හෑම දිනකම සවස් වරුවට මිහිරි සජීවි සංගීතය විඳින්නත් මෙතැන කදිමයි.නිදස් වයි ෆයි කලාපයකුත් මේ අවන්හලේ පවතිනව .සවස් වරුවක මුහුදු වෙරලේ මනරම් දර්ශනය එක්ක මුහුදු සුලං වල සුව විඳිමින් රසවත් චීන ආහාර වෙලක් ගන්න කියාපු තැනක් විදියට Loon Tao Restaurant හඳුන්වන්න පුලුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *