කන්න බොන්න කලින් එන්න

Light House Galley – Fort මුහුදු හුලං විඳිමින් රසවත් කෑම වේලකට වගේම බීමටත් කදිම ලයිට් හවුස් ගැලී

banner

ගෝල්ෆේස් පැත්තේ නිදහසේ ඇවිදින්න ගියොත් කෑම කන්න හොඳ තැනක් තමයි ලයිට් හවුස් ගැලී කියන්නේ..විශේශයෙන්ම මෙහි තියන සුවිශේශී භාවයක් තමයි කොලඹ වරාය සහ ප්‍රදීපාගාරයේ සුන්දරත්වය විඳගන්නත් හැකිවීම.ඒ වගෙම තමයි මේ අවන්හල කරගෙන යන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.ඒකත් තවත් එක සුවිශේශීත්වයක්.මෙය 150 දෙනෙක්ට වගේ එකට හිඳගෙන කැම කන්න පුලුවන් තැනක්.මෙතන අවන්හල ආරම්භ කරලා තියෙන්නේ 2001 වසරෙදි තමයි.මෙහි රසවත් රයිස් ඇන්ඩ් කරී වගේම චීන ආහාර වර්ගත් කන්න ගන්න පුලුවන්.ඒ වගෙම මෙහි හීනියට මදුවිතක් තොලගාන්න උනත් කදිම තැනක්

වටපිටාව

lighthouse

මෙතනට ආවොත් පාකින් පහසුකම නම් ඒ සීමාවේ පාර දෙපස තැනක් තමයි ඔබට හොයා ගන්න වෙන්නේ.කොහොම උනත් රාත්‍රියට නම් ඒ අවට ටිකක් පිරිලා වාහන වලින්.ඒ මෙතන ටිකක් ජනප්‍රිය තැනක් නිසා වෙන්න ඇති.මෙහි ඇතුලත සහ පිටත තම්න්ට කැමති තැනක ඉඳගෙන ආහාර ගන්න පුලුවන්.හොඳම දේ තමයි ටිකක් එලියට වෙන්න තියන තැනක ආහාර ගන්න සෙට් වෙන එක.ඇතුලත ලා කහ ලාක්ශනික වර්නයක් එන ලෙස මනව බිත්ති සහ අනෙකුත් දේ වර්න ගන්වලා තියනවා.නාවික හමුදාවේ අය විසින් මෙතන නියමාකාරව පිරිසිදුව පවත්වාගෙන යන බව පෙන්නුම් කරනවා.සැපවත් ලී පු‍ටු සහ ලීයෙන් කල මේස මනාව අසුරලා තිබෙන්නේ.රාත්‍රියට මෙතන ආලෝක දාරා වලින් වර්නවත් උනාම ඉතාම අලන්කාරයි.

lighthouse4

බඩජාරි මෙනු පත

මෙතන කෑම වලට ඉතාම සාදාරන මිලක් තමයි අය වෙන්නේ.කැම වල රසයත් හොඳයි, කොහොම උනත් කෑම වල රස විටෙන් විට වෙනස් වන ගතියකුත් පෙන්නුම් කරනවා. සමහරක් කාර්‍ය බහුල වෙලාවන්ට මෙතන කෑම රස ටිකක් අඩු වෙනවද මන්දා.ඔබ මේ මට්ටමේ පවතින වෙනත් අවන්හලක් සමග සන්සන්දනය කරලා බැලුවොත් ලයිට් හවුස් ගැලී හි මෙනු පතේ මිල ගනන් ඉතා සාධාරනයි.

lighthouse5

මෙහි සුප් වර්ග 150-200 මිල සීමාවේ තමයි පවතින්නේ.ඉස්සෝ රසට චිකන් රසට එලවලු සුප් වගේ විවිද සුප් වර්ග මෙහි ගන්න පුලුවන්.සැලඩ් වර්ග 250-500 ත් අතර මිලකට යන්නේ. රයිස් වර්ග ගන්නවා නම් බාස්මතී වෙජිටබල් රයිස් එකක් 200ක් වෙනවා. ඔබ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න ගන්නවා නම් එහි මිල 375ක්. නාසි චොප්සි රයිස් ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් ඕනි එකක් 500යි.ඒ වගෙම නූඩ්ලෙස් සහ විවිද පැස්ටා වර්ග කන්න ගන්නත් පුලුවන්.විවිද ක්‍රමයට ඌරු මස් කුකුල් මස් හරක් මස් එලු මස් වගේම එලවලු වර්ගත් ගන්න පුලුවන්.මේ ගෙවන මිලට ලොකු ප්‍රමාන මේසයට හම්බවෙන එක හොඳ දෙයක්.

lighthouse6

මෙහි තවත් විශේශයක් වෙන්නේ කෑම වගෙම බීමත් ගන්න පුලුවන්.දේශීය සහ විදෙස් බීම සහිත බාර් එකකුත් මෙහි පවත්වාගෙන යනවා.මෙතන අවට පිහිටන දර්ශනය සහ මුහුදු සුලං විඳගෙන බීම වීදුරුවක් තොලගාන්න උඅන්ත් මෙතන නියම තැනක්.

සේවාව

මෙහි සේවය කරන අය ඉතාම සුහද්ගශීලී.කාර්‍ය බහුල වෙලාවට නම් කෙනෙක් අල්ලගන්න අමාරුයි.එහෙම නැත්නම් ඔවුන් ඔබට අවශය දේ ලබාදෙන්න ඔබට ඇහුම්කන් දෙන්න හොඳ සූදානමකින් තමයි පසුවෙන්නේ.මෙතන් තියන එක අඩුවක් තමයි කෑම වෙල මෙසයට ලැබෙන්න වෙන ප්‍රමාදය.පෙලක් වෙලාවට ඒ කාලය පැයක් වෙන්නත් පුලුවන්.

මග.

මෙතන පිහිටලා තියෙන්නේ ගෝල් ෆෙස් එක හරියේ තියන චෙතිය පාරේ. ඒ පරේ කෙලින්ම යන විට තිබෙන නාවික හමුදා මූලස්තානයත් එක්කමයි මේ අවන්හල පිහිටන්නේ.මේ හරියේ උසට තියන ප්‍රදීපාගාරය බලන් ගියා නම් ඊට ඉදිරිපසින් තමයි ලයිට් හවුස් ගැලී එක දිස්වෙන්නේ.පාර හොයා ගන්න එතරම අපහසුවක් නෑ

මෙතන දුරකථන අංකය වෙන්නේ 0112212896.කුඩා ප්ර්මාඅනයේ පාටි එකකට උනත් ඔවුන් පහසුකම් සලසනවා.ඇතුලත වයි ෆයි කලාපයකුත් ඔවුන් සතුයි.උදැසන 11 විතර ඉඳන් රාත්‍රී එකොලහ පමන වෙනකන් මෙතන විවුර්ථව පවතිනවා.ගෝල්ෆේස් එක පැත්තේ රවුමක් දාන ඇවිත් රසට ආහාර වේලක් ගන්න හිතුනොත් ඇවිත් යන්න හොඳ තැනක් තමයි ලයිට් හවුස් ගැලී කියන්නේ.සාක්කුවට පහසු විදියට අවට විඳිමින් රසවත් ආහාර වේලක් ගන්න මෙතන් ඉස්තරම්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *