කන්න බොන්න කලින් එන්න

Licensed to Grill – Kandy නුවර වීදියේ පට්ට බර්ගර් හට් එක

නුවර ඇවිත් වීදියේ වෙනස්ම විදියට ක්ශනික ආහාර ගන්න පුලුවන් සුපිරිම තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ . එතන නමින් ලයිසන්ඩ් ‍ටු ග්‍රිල්.වීදියේ ආහාර පිලිගන්නවන වෙනස්ම විදියක් තමයි ඔවුන් අනුගමනය කරන්නේ. නුවර ආවොත් රාත්‍රියකට බඩ පුරවගන්න කෙටි කෑමක් කන්න ඔබ යායුතුම තැනක් තමයි ලයිසන්ඩ් ‍ටු ග්‍රිල්.කෙටියෙන්ම කිව්වොත් තරු පහේ හෝටලයක රසවත් ආහාර වේලක් නුවර වීදියෙන් හොයා ගන්න ඕනි නම් එන්න මෙතනට

වටපිටාව

මෙතන පොඩි හට් එකක් විදියට තමයි ඔවුන් අවන්හල පවත්වාගෙන යන්නේ. ඒක වීදියේ අවන්හලකට ආවේනිකයි. කොහොම උනත් මෙතනම ඉඳගෙන කන්න නම් ඉඩක් නෑ.සීමාසහිතයි. රතු පැහැති හට් එකකින් වටවුනු ලස්සනට ඇඳගත් කෝකියන් දෙදෙනෙක් මෙතන ඉන්නවා. ඔවුන් රස පදමට ආහාර පිසින හැටි බලා ඉන්න හොඳ දර්ශනයක්.

බඩජාරි මෙනුපත
licensed214
මෙහි ආහාර වල ලොකු Menu එකක් නම් නැහැ. ඒත් තියන කුඩා මෙනු එක විවිද රසයෙන් සුපිරියටම දෙන්න ඔවුන් වග බලාගන්නවා. ගොඩක් කැම පෙර සැකසුම නිවසේදිම සකස් කරන් ගෙනත් තියෙන්නේ. ඇතුලත පිරවුම මස් වර්ග සෝස් ඇතුලු අවැසි දේ මෙතනදි ඇඩ් වෙනවා.මෙහි තිබෙන මෙනු වේ ආහාර විදියට Juicy Chicken BBQ , බීෆ්  waraps , සැමන් Wraps තන්දූරි චිකන් wraps, වගේ කෑම්ත් බර්ගර් බීෆ් සහ චිකන් විදියටත් ගන්න පුලුවන්.

licensed212

තන්දූරි wrap එක තමයි අපේ අංක එක උනේ.. අනික් කෑමත් එකකට එකක් දෙවෙනි නෑ. නියම ලුනු රසට චීස් රස නියමෙට සහ සෝස් ඇති පමනට. සියල්ල මුසු වෙලා රස නහර පිනා යන තරමට හොඳ සන්යෝගයක් මේ සියලු ආහාර වල තියනවා.ඒ රස කොහොමද බලන්න ඔබ මෙහි ආ යුතුමයි. ඒ වගේම කියන්න ඕනි ඔවුන්ගේ මෙනු පතේ L2G meal ඔවුන්ටම ආවේනික කෑම වේලක්. එය තුන් සීයක් වගේ වෙනවා.පදමට ග්‍රිල් කල කුකුල් අන්ඩක් සමග ගෝවා සලාදයෙන් පිරවුනු බන් එක දැකීමත් කටට කෙල උනනවා. ඒ වගේමයි රසත්.
අපි ඔබට මෙහි සියලු ආහාර රස බලන්න යෝජනා කරනවා. එක වර නැති උනත් විටින් විට. ඒ තරමට කෑම සුවිශේශයි.

ගනන් බැලුවොත් සියලුම කැම වර්ග රුපියල් 100ත් 300ත් අතර මිලකට තමයි වෙන්නේ. ගෙවන මිලට ඉතාම හොඳ වටිනාකමක් ලැබෙනවා බඩට වගේම හිතටත්. කෑම වල ප්‍රමානය සහ පිරවුම ඕනවට වඩා වැඩිත් නෑ මදිත් නෑ. ශේප්. රුපියක් 500ක් වියදම් කලොත් බඩ පිරෙන්න කන්න පුලුවන්.

licensed213
සේවාව

ඔවුන් ඔබට හොඳ සේවයකුත් සලසනවා. ටිකක් සෙනග වැඩි වෙනකොට නම් පුන්චි පෝලිමක ඉවසන්න වේවි. ඒත් ඔවුන් ඔවුන්ගේ උපරිමයෙන් ඔබට අවශ්‍ය දෑ දෙන්න වෙහෙසෙනවා. ඒත් කාර්‍ය බහුල නම් ටිකක් ඉවසන්න සිදු වේවී ඔබේ ආහාර ඔබට ලැබෙන තුරු.හොඳ පිරිසිදු ආහාර වේලක් ගන්න පුලුවන්. මෙහි කෝකිවරුන්ගේන්මයි ඔබට කෑම ලබා ගන්න තියෙන්නේ. ඔවුන් දැකුම් කලුව සහ ප්‍රසන්නව වැඩේ කරනවා. ඒ හංඳා වීදියේ කෑම උනත් කිසි ප්‍රශනයක් නෑ. අපි දැනගත්තු විදියට ඔවුන් සියලු ආහාර මිලට ගන්නේ එදිනෙදා. ඒකත් මේ කැම මෙතරම් රසවෙන්න හේතුවක් වෙන්න ඇති.

මග


මෙතනට එනවා නම් දලඳා වීදියේ ඇවිත් ජෝර්ජ් ද සිල්වා පාක් එක ගාවට එන්න ඕනි.තැන හොයා ගන්න ඒ තරම අමාරුවක් නෑ.කැම මෙතන ඉඳන් කන්න අපහසු උනත් පාක් එකේ ඉඳන් කන්නත් පුලුවන්.

මෙතන ඔවුන් සවස 4.30 සිට රාත්‍රී එකොලහ පමන වෙනකන් කෑම දෙනවා.සඳුදා දවසට නම් නැති බව තමයි දැනගන්න ලැබුනේ.වාහන නවත්වනවා නම් දලඳා වීදියේ තමයි නවත්වන්න වෙන්නේ. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි.ඒ වගේමයි මේ පුන්චි හට් එකේ ඔවුන් වයිෆයි පහසුකම පවා සලසනවා.

ඔබටත් අපි ආරාධනා කරනවා එන්න මෙහි ඇවිත් රස බලන්න . ඇත්තටම පට්ට


Comments to Licensed to Grill – Kandy නුවර වීදියේ පට්ට බර්ගර් හට් එක

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan