කන්න බොන්න කලින් එන්න

Lake Front Rest – Kantale කන්තලේ වැව් ඉස්මතේ නාවික හමුදා අවන්හල ලේක් ෆ්‍රන්ට් රෙස්ට්

banner

ලේක් ෆ්‍රන්ට් හෝටලය පිහිටන්නේ සුන්දර කන්තලේ වැව් ඉස්මත්තේ. ත්‍රීකුනාමලය පැත්තේ සංචාරයක් යනවානම් බඩගින්නක් හැදුනොත් නවතින්න හොඳ තැනක් තමයි මේ අවන්හල. රසවත් කෑම වෙලක් ගන්න වගේම සුන්දර කන්තලේ වැව් අසිරිය විඳගන්නත් ඔනට හැකියි මෙහි ආවොත්.මේ අවන්හල පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින්.කාලයක් කන්තලේ ගෙස්තවුස් එක විදියට තිබුනු ගොඩ නැගිල්ල තමයි අද නවීකරනය කරමින් ලේක් ෆ්‍රන්ට් රෙස්ට් නමින් පවත්වාගෙන යන්නේ.

වටපිටාව

lakefront5

මෙතන අවට අති සුන්දරත්වයක් උසුලනවා.සවස් යාමයට ඉර බසින මොහොත සුන්දර දසුන් වැව් ඉස්මත්තෙන් පෙන්නුම් කරනවා.අවට සුන්දරත්වය වගෙම ඇතුලත අවන්හලත් මනාව සකස් කර තිබෙනවා.මෙහි තට්‍ටු සහිත ගොඩනැගිල්ලේ වැව දෙසට වන්නට හිඳගෙන කෑම ගන්න පුලුවන්.ඇතුල ඉතා පිලිවෙලට පිරිසිදුව පවත්වාගෙන යනවා.ඉහල මාලයේ සීයකට ප්මන එක වර උනත් ආහාර ගන්න පුලුවන්.කොහොම උනත් සවස් වරුවක වැවට කිට්‍ටු කරලා ආසන පනවාගන්නත් පුලුවන්.එහෙම කරනවා නම් තමයි හොඳම විදිය.

බඩජාරි මෙනුපත

lake6

මෙහි චීන සහ දේශීය රසට කෑම වර්ග ගන්න පුලුවන්.රයිස් වර්ග විදියට ෆ්‍රයිඩ් රයිස් වර්ග නාසි සී ෆුඩ් බිරියානි වගේම චොප්සි රයිස් ඉස්සෝ පිලව් රයිස් වගේ ත් ගන්න පුලුවන්.මීට් ආමතරව නූඩ්ල්ස් සහ පැස්ටා වර්ග.විවිද වර්ගයේ සුප් අර්ග,වෙනව එලවලු වර්ග දීසි විදියට චොප්සි,දේශීය බිම්මල් ගාලික් කංකුං හොට් බටර්ඩ් මශෲම් වගේ ගන්නත් පුලුවන්,මීට මතරව සී ෆුඩ් වර්ග දීසි සහ රසවත් ඌරු මස් විවිද ආකරයට කන්න ගනත් මෙතන පහසුව සලසනවා.

මෙතන කෑම වල මිල ගනන් ඉතා සාධාරනයි.ගෙවන මිලට ලොකු පෝශන් එකක් හම්බවෙනවා.සාමාන්‍යයෙන් එක රයිස් ලොකු පෝශන් එකක් දෙන්නෙක්ට උනත් ඇති.කැම වල රස ඉස්තරම්.මෙහි ගොඩක් ආහාර වල නියම රසක් තියනවා. කන්තලේ වැනි අගනුවරින් ගොඩාක් දුර තැනක මේ වගේ රසට ආහාර වේලක් ගන්න පුලුවන් වෙන එක ලොකු දෙයක්.මෙතනට ඇවිත් බඩ පිරෙන්න කන්න දෙන්නෙක්ට 1500ක් වගේ වෙනකොට පුලුවන්.

සේවාව

lakefront3

මෙතන සේවාවත් අති විශිශ්ඨ මට්ටමේ එකක්.මෙහි සේවය කරන්නේ නාවික හමුදාවේ අය,ඔවුන් මේ කෑම බීම ගෑන හොඳ අවබෝදයක් තියන අය.ඉතින් ඔවුන් සමග කතා බහ කරලා අපිට කැමැත්තට අනුව අවශ්‍ය කෑම වර්ගය ‍තෝරා ගන්න පුලුවන්.ඉතාම සුහදශීලී කාර්‍ය මංඩලයක් මෙහි ඉන්නවා.වොශ් රූම් පවා ඉතා හොඳින් පවත්වාගෙන යනවා.ඒ නිසා දිගු ගමනක් අතරමග කෑමට නවතින්න හොඳම තැනක් වගෙම හොඳම මට්ටමේ සේවාවකුත් ලබාදෙන තැනක් විදියට ලේක් ෆ්‍රන්ට් හෝටලය නම් කරන්න පුලුවන්.

මග

මෙතනට එනවා නම් කන්තලේ ත්‍රීකුනාමලය ප්‍රධාන පාරේ කන්තලේ වැව් තාවුල්ල දිගේ ඉදිරියට එන්න ඕනි.වැව මතින් තිබෙන පාර කොටස අවසන් වන හරියේම පාරෙන් වම් අත පැත්තේන් ඔබට මේ අවන්හල සහ හොටලය පහසුවෙන් දැක බලා ගන්න පුලුවන්.

මෙතන දුරකථන අංකය වෙන්නේ 0263263461.මෙතන අවන්හලක් වගේම උත්සව ශාලාවක් ලෙසත් පවත්වාගෙන යනවා.දුරගමනක් අතරතුර රසවත් ආහාරවේලක් ගන්න කන්තලේ පැත්තෙන් ආවොත් එන්න හොඳම තැනක් තමයි මේ Lake Front Rest අවන්හල.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *