කන්න බොන්න කලින් එන්න

සුන්දර බෙලිහුල්ඔය ඇවිත් උනු උනු ප්ලේන්ටියක් එක්ක රසම රස සැන්විච් කන්න එන්න Kebab spread cottage – Belihuloya

banner

ලංකාවේ වටේ සංචාරය කරන ගොඩ දෙනෙක් වටපිටාවේ සුන්දරත්වය නරඹමින් ගමන් යන්න ‍තෝරාගන්නා ප්‍රධාන මාර්ගයක් විදියට බලන්ගොඩ පැත්තෙන් බෙලිහුල් ඔය හරහා වැටී ඇතිමාර්ගය හඳුන්වන්න පුලුවන්.ඔබ මේ මාර්ගය හරහා බෙරගල පැත්තට හරි බන්ඩාරවෙල බදුල්ල පැත්තට හරි යනවා නම් කන්න බොන්න යන්න හොඳ තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හලේ නම කෙබාබ් අවන්හල.පිහිටන්නේ බෙලිහුල් ඔය.

වටපිටාව

kebaba3

මේ අවන්හලේ වටපිටාව ගැන විශේශයෙන් කියන්න ඕනි.ඉතාම සුන්දර වටපිටාවක් සහිතව තැනුනු අවන්ලක් විදියට මේ අවන්හල හඳුන්වන්න පුලුවන්.නිල් පාටට ඈතට විහිදුනු කඳු අන්ති සාමුහයකින් පසෙකට දිස් වන දර්ශන ඉතාම අලංකාරයි.මේ දර්ශනය තවත් හොඳින් දැකගන්න පුලුවන් වෙන විදියට අවන්හල ඇතුලත දුරදක්නෙකුත් සවි කරලා තියනවා.අවන්හලේ වටෙම තනකොල වවලා .ඒ වගෙම මල් පඳුරුවලින් මේ අවන්හල පිටත ගාඩ්න් එක හොඳින්නඩත්තු කරන බවක් පේනවා

kebab4

මේ අවන්හල ඕපන් විදියට තමයි ඔවුන් පවත්වාගෙන යන්නේ.විදාල වහලයක් සහිතව කොන්ක්‍රීට් කනු මත ඉදිවුනු මේ අවන්හලේ විවුර්ථ කොටසක ඉඳන් තමයි ආහාර ගන්න වෙන්නේ.මේ කොටසේ මේස පු‍ටු අසුරලා.මේ ප්‍රදේශය ටිකක් විතර සීතල කාලගුනයක් තියන පැත්තක්.ඉතින් මේ සීතල විඳගෙන රසවත් ආහාර වේලක් ගන්න ,මහන්සි අරින්න හොඳ නවාතැන්පොලක් ඉව්දියට මේ කෙබාබ් අවන්හල නම් කරන්න පුලුවනි.

මෙනුපත

kebab1

මෙහි ආහාර පාන උදේ ඉඳන් රාත්‍රී වෙනතුරු සපයනවා.උදේ වරුවකට මෙහි ආවොත් සැන්විච් එකක් කාලා තේකක් බොන්න පුලුවන් නම් එය ඉතා රසවත් අත්දැකීමක් වේවි.මේ තේ පානය ඉතා ම හොඳ මට්ටමේ එකක්.නියම කහට පාටට ලැබෙන ප්‍රනීත තේ එක ඉස්තරම් කියන්න ඕනි.ඒ වගේම උදේට ඉඳි ආප්ප රොටී වගේ කෑමත් උදේ ආහාර මෙනු එකේ කන්න ගන්න පුලුවනි.

දවල් වරුවකට රයිස් ඇන්ඩ් කරී වගේම ෆ්‍රයිඩ් රයිස් මෙතන කන්න ගන්න පුලුවනි.ෆ්‍රයිඩ් රයිස් කනවා නම් චිලි පේස්ට් ච්ප්සි සහ චිකන් හොඳිත් එක්ක වෙජිටබල් එග් චිකන් ‍ෆිශ් විදියට කෑම ඇනවුම් කරන්න පුලුවනි.රයිස් ඇන්ඩ් කරිත් මේ විදියට මාලු පිනි 4ක් වගේ එක්ක මස් මාලු වගේ කෑම්ති විදියට ඇනවුම් කරන්න පුලුවන්.

kebab2
රාත්‍රී වෘවකට මේ කෑම වගෙම තව නූඩ්ලෙස් වර්ග පැස්ටා වගේ කෑම්ත් මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.කැම වල රස ලොකු විශේශයක් නම් නෑ.ඒ කොහොම උනත් පිඟානට ලොකු පෝශන් එකක් ලැබෙනව.හීතලට ඇතිවෙන බඩගින්නට බඩපිරෙන්න කන්න ඇති වෙනකන් කෑම ලැබෙන නිසා බඩජාරියෙක්ට කියාපු තැනක් විදියට මේ kebab spread cottage එක හඳුන්වන්න පුලුවන්.

සේවාව

මේ අවන්හලේ ඒත්‍රම් ලොකු කලබල ගතියක් නෑ.ඒ නිසා මෙහි කෑම ලබාගන්න ලොකු වෙලාවක් ගත වෙන්නේ නෑ.ඉතා ඉක්මනට කෑම ලබාගන්න පුලුවනි.මෙහි වැඩ කර්න සේවකයන් සුහදශීලි අය.වැදගත් විදියට තමගේ වැඩ කටයුත්ත කරගෙන යනවා.ඊට එහා දෙයක් සේවාව ගැන කියන්න නෑ.හොඳ සේවාවක් කියන්න පුලුවනි.

මග

ඔබ බලන්ගොඩ පැත්තේ ඉඳන් එනවා නම් මේ අවන්හල පිහිටන්නේ බෙලිහුල් ඔය නගරය පහුවෙලා කිලෝමීටර් දෙකක් විතර දුරුන් පාරෙන් දකුනු අත පැත්තා වෙන්නට.ඔය එන පාරේ නන්පේරියල් වත්තට යන පාර එහෙම පහුවෙලා මිට්ටර් තුන්සීයක් විතර දුර යනකොට තමයි මේ අවන්හල හමුවන්නේ.හොයාගන්න එක නම් අමාරු නෑ.ඔවුන්ගේ නාමය ලොකුවට මේ අවන්හලේ දර්ශනය කරලා තිඅයනවා.

මේ අවන්හලේ දුරකථනය වෙන්නේ 0702468326. ඔවුන් උදේ 7 ඉඳන් රාත්‍රී 9 වෙනතුරු විවුර්ථයි.වටපිටේ සුන්දරත්වය නරඹමින් රසවත් ආහාර වේලක් කන්න යන්න නියම තැනක් විදියට මේ අවන්හල අපිට නම් කරන්න පුලුවනි.ඔබත් මේ හරහා යනවා නම් මේ kebab spread cottage අවන්හලට ගොඩවෙන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *