කන්න බොන්න කලින් එන්න

උනවටුනේ ඇවිත් සුදු නෝනාගෙ අවන්හලෙන් කෝපි බොමු Kat’s Coffee – Unawatuna

banner
උනව‍ටුන කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් ගොඩ දෙනෙක් සංචාරයට ‍තෝරාගන්නා  නවාතැනක්.ඒ නිසාම මෙහි විවිද වර්ගයේ අවන්හල් දැකගන්න පුලුවන්.එවන් අවන්හල් අතරින් රසවත් කෝපි කෝප්පයක් බොන්න යන්න ටිකක් අපූරු තැනක් ගැන තොරතුරු ඔබට ගෙන එන්නයි අපේ මේ සූදානම .මේ අවන්හල කැට්ස් කොෆී .මෙහි විශේශත්වයක් තියනවා.ඒ තමයි මේ අවන්හල කරන්නේ කැතරින් ක්යන කාන්තාව.ඇය විදෙස් ජාත්කයෙක්.ඇය අතින් හැදෙන රසවත් කෝපි කෝප්පයක් බොන ගමන් කේක් කැල්ලක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ කැට්ස් කොෆී අවන්හල හඳුන්වන්න පුලුවනි.
වටපිටාව
kats3
උනව‍ටුන නගරයට කිට්‍ටුවෙන් ගාල්ල මාතර ප්‍රධාන පාරට මුහුනලා තමයි මේ අවන්හල පිහිටන්නේ.පුන්චි ඉඩක ඉතා අලංකාරවත්ව ඉඩ පහසුව කලමනා කරනය කරගෙන තියන බවක් අවන්හල ඇතුලට ආවහම දකින්න පුලුවන්.පුන්චි ලි මේස වටේට ඇති ප්ලාස්ටික් පු‍ටු වලට අමතරව සැප පහසු සෝෆා දෙකකුත් මෙහි ඉඳගන්නට සකස් කරලා තියනවා.මේ සෝෆා එක මත හිඳගෙන චෙස් අතක් අදින්නත් ඔබට මෙහි ආවොත් පුලුවනි.අවන්හල ඇතුලත වයි ෆ්යි එකත් මෙහි යන එන අයට පාවිච්චි කරන්න පුලුවනි.
නිල් පැහැයෙන් වර්නගැන් වුනු බිත්තියත් ඒ හා සමාන පාටින් යුක්ත කැට්ස් කොෆී නාමපුවරුවත් අවන්හල ඇතුලතට අමුතු ආලෝකයක් ගෙනත් දී තිබෙනවා.ඒ වගේම අවන්හල තුල මෙහි තියන මෙනු එක මුලුමනින්ම දර්ශනය කරලයි තියෙනේ.ඒ නිසා මෙහි යන එන අයට ඒක පහසුවක්.
මෙනුපත
kats4
මෙහි මෙනුපත එතරම් දිගු එකක් නෙවෙයි.මූලිකවම මෙහි රසවත් කෝපි වර්ග විවිද වර්ගයෙන් ගන්න තියනවා.එස්ප්‍රෙසෝ cappuccini,machito ඇමරිකානෝ වගේ කෝපි වර්ග 300-500 අතර මිලකට බොන්න ගන්න පුලුවනි.මිල ගනන් නම් ටිකක් විතර වැඩියි.කූල් බීම විදියට cold brew,iced coffee,iced tea වගේම නිවසේ හදාපු සෝඩා ත් බොන ගන්න පුලුවනි.ඔබ මෙහි ඇවිත් උනුසුම් බීමක් හොයනවා නම් තේකක් බොන එක හොඳ ‍තෝරාගැනීමක්.ග්‍රීන් ටී,කලු තේ ගො‍ටුකොල තේ වගේ තේ වර්ග මෙහි රස බලන්න පුලුවනි.උනු උනු චොකලට් පානයක් උනත් හොඳ ‍තෝරාගැනිමක්.
kats2
මේ බීම වර්ග වලට අමතරව කේක් වර්ග විවිද රසයෙන් කන්න ගන්න මෙහි ආවොත් ඔබට පුලුවනි.චීස් කේක් චොකලට් කේක් ඇපල් කේක් ,කුරුදු රස කේක්,පොල් කේක් වගේ කේක් වර්ග ගනනාවක් මෙහි ආවොත් කෑමට ගන්න ඔබට පුලුවනි.මේ කෑම වර්ග ඕනි එකක් කැතරින් අතින් නිපදවෙන ඒවා.ඉතා ඉස්තරම් අමුද්‍රව්‍ය වලින් ඇය විසින් නිවසේ සදන නිසා මේ කෝපි වීදුරුවක් එක්ක කේක් කෑල්ලක් කන එක ඉතා රසවත් අත්දැකීමක් වෙනවා නො අනුමානයි.
kats5
සේවාව
මෙහි සියලු කටයුතු ස්දුවෙන්නේ කැත්‍රින් අතින්.ඇය මෙහි යන එන අය සමග ඉතා සුහදව කතා බහ කරමින් කටයුතු කරනවා.රසවත් තේකක් බොන්න මෙතනට දේශීය අයටත් වඩා ව්දෙස් අය තමයි ප්පැමිනෙන්නේ.ඒ කාට උනත් සුහදශීලීව සලකන්න ඇය සැදි පැහැදි ඉන්නවා.ඒ වගේම රසවත් කෝපි කෝප්පයක් ලබාගන්න ඔබා ගත වෙන්නේ ඉතා සුලු කාලයක්.
මග
ගාලු නගරයේ ඉඳන් කිලෝමීටර් හයක් විතර මාතර පැත්තට එනකොට තමයි මේ අවන්හල පිහිටන්නේ.උනව‍ටුනේ වැල්ලේ දේවාලයට යන පාර කිට්‍ටුවෙන් වම් අත පැත්තට වෙන්නට තමයි මේ අපූරු කෝපි අවන්හල ඔබට දැකගන්න පුලුවන් වෙන්නේ.
මේ අවන්හල උදෑසන 9යේ ඳන් සවස හය වෙනකන් විවුර්ථයි.ඒ වගේම සඳුදා දවසට මේ අවන්හල වහලයි තියෙන්නේ.කැට් කොෆී එකේ දුරකථන අංකය වෙන්නේ 0768568495.ඔබත් උනව‍ටුන පැත්තේ ආවොත් වෙනස් විදියේ අත්දැකීමක් එක්ක කෝපි වීදුරුවක් තොලගාන්න හිතුනොත් Kat’s Coffee අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *