කන්න බොන්න කලින් එන්න

නුවර ඇවිත් පාඩුවේ ආහාර වේලක් ගන කැන්ඩි කිචන් එන්න – Kandy Kitchen

banner

මහනුවර නගරය කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන සංචාරක ඉසව්වක්.ඒ නිසාම නුවර නගරය කේන්ද්‍ර කරගෙන අවන්හල් ගනනාවක් ක්‍රියාත්මක වෙනවා.ඒ අතරින් නිදහසේ කටට රසට ආහාර වේලක් කන්න ගන්න හොයන  කොයි කාටත් යන්න පුලුවන් හොඳ මට්ටමේ අවන්හලක් ගැන තොරතුරු කියන්නයි අපේ මේ සූදානම.මේ අවන්හල නමින් කැන්ඩි කිචන්.නමට ගැලපෙන විදියටම මේ අවන්හලේ මුලුතැන්ගේ මෙහි යන එන කොයි කාටත් දැක බලාගන්න පුලුවන් වෙන විදියට තමයි සකස් වෙලා තියෙන්නේ.වැඩි කලබලයක් නැතුව පුන්චි කතාබහක් දාගෙන රසවත් කෑම වේලක් කන්න මේ අවන්හල හොඳ තේරීමක්.

වටපිටාව

වෙනමම පාකිං පහසු කම නැති උනත් මේ හරියේ පාර අයිනට වෙන්න වාහනයක් නවත්වන්න පුලුවන් හොඳ ඉඩක් සතුයි.අවන්හල ඇතුලට ගොඩ උනොත් විශාල ඉඩක් පුරාවට පිලිවෙලකට අසුරපු ලීයෙන් කල සැපවත් මේස පු‍ටු වගේම සුදු පාටින් පිරියම් කල බිත්ති මත එල්ලපු සිතුවම් දකින්න පුලුවන්.ඒ සියල්ලම අවන්හලට අමුතු චාම් ගතියක් එකතු කරලා තියනවා.පසෙකට වෙන්නට ඇති බුෆේ කැම සඳහා වෙන කල කොටසට වගේම අවන්හල ඇතුලත පිහිටි කාටත් පෙනෙන්නට තියෙන මුලුතැන්ගෙය දෙසට මෙහි යන එන ඕනි කෙනෙක්ගේ ඇස් නිතැතින්ම ඇදී යනවා.

අවන්හල ඇතුලත ඉතා පිලිවෙලට වැඩ කටයුතු කෙරෙන මුලුතැන්ගේ වැඩ කටයුතු ඕනි කෙනෙක්ට බලාගන්න පුලුවන්.එකවරකට 50 කට වඩා වැඩි පිරිසකට එකට කෑම ගන්න පහසුව මේ කැන්ඩි කිචන් අවන්හලේ තියනවා.ඒ වගේම එක කොටසකට වෙන්නට වෙනම කාමරයක දහ දෙනෙක්ට වගේ ආහාර ගන්නත් පුලුවන්.පුන්චි පහේ ව්‍යාපාරික හමුවකට වගේ දෙයකට මේ තැන හොඳයි.

මෙනුපත

මෙනු එක ගැන කතා කලොත් ලොකු විවිදත්වයකින් කෑම ගන පුලුවන්.ඇපටයිසර් වලින් පටන් අරන් ඩෙසර්ට් එක දක්වා කෑම වල ලොකු විවිදත්වයකින් රසවත් ආහාර ඔබේ කෑමැත්ත අනුව ‍තෝරාගන්න හැකියි.

සුප් වර්ග,සැන්විච් වර්ග,බර්ගර් වර්ග මේ ඕනි එකක් 400-700 ත් අතර මිල සීමාවක පවතිනවා.ප්‍රධාන මෙනු එකට ගියොත් චිකන් ,බීෆ් වගේ මස් වර්ග වගේම ‍ෆිශ් වලින් සමන්විත ග්‍රිල් කරපු කැම වර්ග පැස්ටා සහ ස්පැගටි වර්ගත් මෙහි කන්න ගන්න පුලුවන්.ලංකාවේ ගොඩ දෙනෙකුට පුරුදු කැම විදියට බිරියානි එකක් චිකන්, මට්න් රස වලින් කන්න ගන්න මෙහ් ආවොත් පුලුවන්.ඒ වගේමයි නාසියක්,ලම්ප්‍රයිස් එකක්,ෆ්‍රයිඩ් රයිස් උනත් රස බලන්න හොඳ තත්වයේ තියෙනවා.ඒවා ලොකු සහ මධ්‍යම ප්‍රමානයෙන් ඇනවුම් කරන්න ගන්නඅවස්තාව ඔබ සතුයි.

ඒ වගෙම කියන්න ඕනි කැන්ඩි කිචන් අවන්හලේ දේශිය ක්‍රමයට හදන රයිස් ඇන්ඩ් කරි එකත් ඉස්තරම් රසයෙන් යුක්තයි.ගමේ කැම වේලක රස බලන්න කෑමති අයට මෙහි ඒ මෙනු එක ඉතා හොඳ මට්ටමේ එකක්.ඇඹ‍රැල්ල මාලුවක් ,රසවත් කොල මැල්ලුමක්,බන්ඩක්කා බැදුමක් ,මුරුංගා කිරි හොද්දක් මේ මෙනු එකේ නිතර දකින්න පුලුවන්.දවසින් දවසට වෙනස් මේ ගමේ කෑම මෙනුවට ගමේ රසට කන්න පුලුවන් මාලු පිනි දෙක තුනක් හැමදාමත් එකතු වෙන බව තමයි අපිට දැනගන්න ලැබුනේ.

මේ ඕනි කෑම පෝශන් එකක් ලොකුවටම ලැබෙනවා.ඉතිං අපි ගෙවන මිලට කිසිම පාඩුවක් නෑ.ඒ වගේම ප්‍රධාන ආහාර වේල ගත්තට පස්සේ ආයෙත් ඩෙසර්ට් එකටත් බඩේ ඉඩකඩ ඉතුරු නම් ඒ සඳහත් හොඳ විවිදත්වයකින් යුතු මෙනු එකක් කැන්ඩි කිචන් හි සකස් වෙලා තියනවා.චොකලට් මූස් එකක්, ශෙරි ට්‍රිෆ්ල් එකක්,පලතුරු සලාදයක් වගේම කිරි පැනි උනත් මෙහි කන්න ගන්න හැකියි.ඒ වගේමයි මෙහි තවත් බොහොමයක් ඩෙසර්ට් වර්ග කන්න ගන්න පුලුවන්.

සේවාව

මෙතන කාර්‍ය බහුල වෙන්නේ සංචාරක කන්ඩායමක් කෑමට ආවොත් වගේ තමයි එහෙම නැත්නම් නිදහස් පරිසරයක් තමයි පවතින්නේ.මෙහි සේවයට ලොකු පිරිසක් නම් දකින්න නෑ.ඒ කොහොම උනත් ඔබ ඇනවුම් කරන කෑම බීම ඉක්මනට මේසයට ගෙනවිත් දෙන්න මෙහි කාර්‍ය මංඩලය යුහුසුලුව වැඩ කරනවා.ඒවගේම කියන්න ඔනි මෙහි සේවක මහතුන් වගේම කලමනාකාර මහතා පවා මෙහි යන එන අයගේ රුචි අරුචි කම් හොයා බලමින් යන එන කොයි කාත් එක්ක උනත් සුහදශීලීව කටයුතු කරනවා.ඒ නිසා සේවාව අතින් ගත්තත් කැන්ඩි කිචන් අවන්හල හොඳ මට්ටමක තිබෙන බව කියන්න පුලුවනි.

මග

මෙතන පිහිටන්නේ නුවර පේරාදෙනිය පාරේ.නුවර ඉඳන් පේරාදෙනියට යන පාරවල් දෙකක් තියනවා.ඒ අතරින් විලියම් ගොපල්ලව මාවතේ මහනුවර නගරයේ ඉඳන් පේරාදෙනිය පැත්තට යනකොට කිලෝමීටර් දෙකක් දුරින් පාරෙන් වම් අත පැත්තට වෙන්නටයි මෙතන පිහිටන්නේ..

Kandy Kitchen විවුර්ථව පවතින්නේ උදේ එකොලහේ ඉඳන් රාත්‍රී එකොලහ වෙනතුරුයි.දිවා සහ රාත්‍රී වරුවලට තමයි ආහාර සැපයෙන්නේ.ඒ වගේම රුපියල් 1000කට වඩා වැඩි ඇනවුම් සඳහා ප්‍රවාහන ගාස්තුවක් නැතුවම ඔවුන්ගේ කෑම නුවර නගර සීමාවේ ඇනවුම් කරන්න පුලුවන්.ඔබ නුවර නගරය අවට ඉන්නවා නම් 0814955555 අංකෙට කතා කරලා කෑම ඇනවුම් කිරීමේ පහසුවත් පවතිනවා.මහනුවර නගරයේ ගොඩක් අවන්හල මේ පහසුකම සලසන්නේ නෑ.ඔබත් මහනුවර නගරයේ සංචාරයකට ඇවිත් කලබල කාරී වටපිටාවෙන් මිදිලා නිවාඩු පාඩුවේ කටට රහට කෑම වේලක් ගන්න හොඳ තැනක් හොයනවා නම් කැන්ඩ් කිචන් කියන්නේ ඒ සඳහා නියම ‍තෝරාගැනීමක්.

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *