කන්න බොන්න කලින් එන්න

ගමේ රසට,කටට රසට ගාලු කො‍ටුවේ කමු අවන්හල – Kamu Restaurant Galle

banner

ගාලු නගරයේ සංචාරය කරන සංචාරකයෙක්ට ගාලු කො‍ටුව අවට ආහාර ගන්න හොඳ තැනක් හොයා ගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි.ඒත් ඒ අතරින් සාක්කුවට පහසු මිලකට කෑම රසවත් තැනක් හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්.මොකද ගාලු කො‍ටු පවුර අසල පිහිටින අවන්හල් වල මිල ගනන් ටිකක් විතර ඉහලයි.ඒ කොහොම උනත් අපි අද ඔබට විස්තර ගෙන එන අවන්හල ගාලු කො‍ටු පවුර අසලම පිහිටි මිල ගනන් අතින් සාධාරන රසවත් කෑම වේලක් ආහාරයට ගන්න පුලුවන් තැනක්.මේ අවන්හල නමින් “කමු” .ලංකාව වටේ පිහිටි කමු අවන්හල් ජාලයේ එක් අවන්හලක් ව්දියට ගාලු කො‍ටුව අසල මේ කමු අවන්හල පවත්වාගෙන යනවා.

වටපිටාව

මහල් දෙකකින් යුත් මේ අවන්හල පැරනි නිවසක් ආකාරයෙන් යුක්තයි.ඉදිරිපස ස්තෝප්පුවක් ආකාරයේ කොටසකින් යුක්තයි.ඇතුලතින් ඉහල මහලට ගමන් කරන්න හැකි වෙන ලෙස පඩි පෙල සකස් කරලා තියනවා.මෙහි පහල මහල ඉහල මහලට වඩා පිලිවෙලයි.ආහාර ගන්නවා නම් ඉස්තෝප්පුව වගේ කොටසෙත් ඉදගෙන ආහාර ගන්න පුලුවන්.

අවන්හල ඇතුලත් ලීයෙන් කල සැපවත් මේස සහ පු‍ටු සකස් කරලා.ටිකක් වැඩි පිරිසකට එකට ඉඳගෙන ආහාර ගන්න හැකි වෙන විදියට තමයි මේ අවකාශය සකස් කරලා තියෙන්නේ.ඇතුලත් ටිකක් අඳුරු ගතියකින් යුක්තයි.ඒ කොහොම උනත් ආලෝක පහන් දල්වලා අවන්හල ඇතුලට නවීන පෙනුමක් දෙන්න ඔවුන් සමත් වෙලා තියනවා.

මෙනුපත

මෙහි කෑම උදේ දවල් සහ රාත්‍රී තුන් වරුවටම සපයනවා.උදේට කිරිබත් ඉඳි ආප්ප පාන් වගේ ආහාර කන්න ගන්න පුලුවන්.ඒ වගේම සුද්දෙක් වගේ උදේට කන්න ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් එක උනත් මෙහි ආවොත් කන්න ගන්න පුලුවන්.

කමු අවන්හලේ ප්‍රධානතම ආහාර මෙනු එක වෙන්නේ බුෆේ එක.ඔබ මෙහි ඇවිත් උඩුමහලට එන්න වෙනවා බුෆේ කෑම වේලේ රස බලන්න.ගමේ විදියට සුදු කැකුලු බත් එක්ක මාලු පිනි හත අටක් මේ බුෆේ එකට ඇතුලත්.නෙලුම් අල මාලුවක්.ඇඹ‍රැල්ල මාලුවක්,කතුරුමුරුංගා කොල මැල්ලුමක් වගේ ගමේ රසට හැදෙන කෑම බොහොමයක් මේ බුෆේ එකේ වරදින්නේ නෑ.රස අතින් ගත්තත් ඉස්තරම් මට්ටමේ කියන්න පුලුවන් කැම වේලක් කියන්න පුලුවන්.හරියට ගෙදර හැදුවා වගේ රසයි.

මේ බුෆේ එකට අමතරව ඔවුන්ගේ මෙනු එකේ තවත් බොහොමයක් කෑම ජාති කන්න ගන්න පුලුවන්.විශේශත්වයක් විදියට මේ මෙනු එකේ තියන ඕනි කැමක් ඔවුන් එවෙලේ හදලා පිරිනමන්නට සූදානම්.සුප් වර්ග ඔම්ලට්,සැන්විච් ,බර්ගර්ස්,සබ්මැරීන් වගේ කැමත්,ඩෙසර්ට් වර්ග,මිල්ක් ශේක් වගේම පලතුරු බීමත් මෙහි ආවොත් ඔබට රස බලන්න හැකියි.ප්‍රදාන ආහාර වේල විදියට ශ්‍රී ලංකන් සෙට් මෙනු එකකුත් මේ මේනු එකට ඇතුලත්.වෙජිටබල් ,චිකන් ,‍ෆිශ් වගෙම ඉස්සෝ එක්ක මේ දේශීය ආහාර වෙල 750-900 අතර මිල සීමාවේ කන්න ගන හැකියි.ඒ වගෙම ඒශියන් ෆුඩ් කෝනර්  නමින් චිකන් ෆ්‍රයිඩ් රයිස් සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් චිකන් ෆ්‍රයිඩ් නූඩ්ල්ස්,සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් නූඩ්ල්ස් වගෙම ඉන්ද්යානු ක්‍රමයට බිරියානි එකක රස බලන්නත් කමු අවන්හ්ලට ගොඩ උනොත් පුලුවන්.ඒ කෑම වර්ගත් 750-900 අතර මිල සීමාවේ පවතින්නේ.

මෙනු එක විශේශ්යෙන් සටහන් කරලා නැති උන්ත් දවසේ ඕනිම වෙලාවක කොත්තුවක් කන්නත් ඔබට මෙහි හැකියාව තියනවා.සවස් වරුවකට වගේ උනු උනු තේ  කෝප්පයක් එක්ක අවන්හලේ ඉහල මහලේ එලි මහන පෙනෙනෙන කොටසට සමීප අසුනක උනු උනු කොත්තුවක් රස බලන එක සංචාරකයන්ට හොඳ අත්දැකීමක් වේ කියන්න පුලුවන්.

 

සේවාව

කමු අවන්හලේ සේවය සඳහා හොඳ කාර්‍ය මඩුල්ලක් ඉන්නවා.ඔවුන් ඒ සඳහා සුදුසු ඇඳුමකින් සැරසිලා යුහුසුලුව වැඩ ටික කරගෙන යන බවක් පේනවා.මෙහි කෑම ඇනවුම් කර ඔබට මද වෙලාවක් ඉවසන්න වෙනවා.මොකද ඔවුන් එවෙලේ පිසලා තමයි මේ කැම මේසයට ගෙන එන්නේ.ඒ කොහොම උනත් ඉවසීමට ඇති කාලය එතරම් ලොකු කාලයක් නෙවෙයි.සේවාව සමස්ථයක් විදියට හොඳ මට්ටමක තියනවා කියන්න පුලුවන්.

මග

මේ අවන්හල පිහිටන්නේ ගාලු කො‍ටුවේ ප්‍රදීපාගාරයත් ලන්දේසි රෝහලත් අතර කොටසේ.ප්‍රදීපාගාරය පැත්තේ ඉඳන් එනවා නම්  මීටර් සීයක් විතර පැරනි ලන්දේසි රෝහල පැත්තට එනකොට පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.මේ හරියේ වාහනයක් නවත්වන්න නම් පහසුකම් අවමයි.ඒ නිසා ඔබ මේ අවන්හල පැත්තට වාහනයකින් එනවා නම් මේ අවට වාහනය පාක් කරලා යන්න වෙනවා.

කමු අවන්හල උදේ 8.30 ඉඳන් රාත්‍රී 9 පමන වනතුරු විවුර්ථව පවතිනවා.මේ අවන්හලට යාබදව ඔවුන් සතු මැනික් සහ ස්වර්නාභරන අලෙවි හලකුත් පවත්වාගෙන යනවා.ඒ පැත්තට්ත් ගොඩ වෙලා යන්න මේ අවන්හලට ආවොත් ඔබට පුලුවන්.මෙහි දුරකතන අංකය වෙන්නේ 0766492902.ඔබත් මේ පැත්තේ ආවොත් Kamu Restaurant Galle අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *