කන්න බොන්න කලින් එන්න

Kami Maki – Bambalapitiya රසවත් ජපන් කැම වේලකට කමි මකි අවන්හල

banner

අගනුවර තියන වැඩිහරියක් අවන්හල් වල ප්‍රධාන ආහාර වට්ටෝරු චීන කෑම සහිතයි.ඒ වගේම වැඩි හරියක් තියෙන්නෙත් චීන අවන්හල් .ජපන් කෑම රස බලන්න කැමති අයට රස නවාතැනක් ගැන කියන්නයි අද අපේ සූදානම.මේ අවන්හල නමින් කමි මකි.ප්‍රධාන වශයෙන්ම පිරිනමන්නේ ජපන් කෑම වර්ග.ටිකක් වැඩිපුර වියදම් කරලා රසවත් ජපන් කැම වේලක් රස බලන්න ඔබට එන්න හොඳ තැනක් තමයි කමි මකි කියන්නේ

වටපිටාව

kamimaki

කමි මකි අවන්හල කලින් තිබ්බේ තිබිරිගස්යායේ.එහි තිබුන කුඩා ඉඩ සහා පාකින් පහසුකම් නැතිකම තමයි ඔවුන් නව තැනකට යන්න මූලික හේතුව වෙන්න ඇත්තේ.මෙතන් නම් පාකිං පහසුකම තිබෙනවා.ඉඩකඩත් බොහොමයි. ඇතුලත ඉතා චාම්ව පිලිවෙලකට තියනවා.ඇතුලත ඉතාම පිරිසිදුයි.උන බම්බු වගේ ස්වරූපයෙන් හැමතැනම බිත්තියේ එල්ලලා.ඇතුලත මදක් අඳුරුයි.තනිව වාඩි වෙලා ස්ටූල් එකක් මත ඉඳගෙන ආහාර ගන්නත් කන්ඩායමක් එක්ක එකට ආහර ගන්නත් පුලුවන් වෙන විදියට මෙතන සකස් කරලා තියනවා.,මේස පු‍ටු ඉතා සැපවත් කිව්වොත් හරි.

බඩජාරි මෙනුපත

kamimaki3

මෙහි ඇවිත් රස බලන්න ඉතා හොඳ තේරීම් ‍රැසක් තිබෙනවා.රයිස් බර්ගර් එක ඉන් ප්‍රධානයි..ඒ වගෙමයි ටෙරියාකි බීෆ් එක.එය ඉතා මොලොක්.කටට කෙල උනනවා මතක් වෙනකොටත්. ඒ තරමට එය රසවත්.Okonomiyaki උනත් රස ඉස්තරම්.එය මුර්දු ඔම්ලට් එකකින් ඇතිරූ සීෆුඩ් වලින් යුක්තයි.ටිකක් වෙනස් රසයක් එන්නේ සියල්ල එකට කැවෙනකොට.

kamimak2

ක්‍රන්චි සුශි රෝල් එක පීසස් 6කින් යුක්ත වෙනවා..ඒකක් 720. රස බලනවා නම් ඒකත් පාඩුවක් නෑ.ඒ තරමට රසවත් පිරවුමකින් යුක්තයෛ.ටෙරියාකි චිකන් එක උනත් කියන්න තරම් වරදක් නෑ.ඒකක් 620ක් වගේ වෙනවා.ඩෙසර්ට් වලට අය්ස් ක්‍රීම් චකලට් කේක් ච=ඔකලට් අයිස් ක්‍රීම් වගේ කන්න ගන්න පුලුවන්.ඒ වගේම පලතුරු බීම බොනවා නම් ඒවත් ඉතාම පැනි රසයි.ඇපල් රසට දෙහි රසට වගේම ස්ට්‍රෝබෙරි රසට පලතුරු බීම ඉස්තරම්

සේවාව

මෙහි සේවාව නම් තාමත් හොඳ මට්ටමේ නෑ. කෑම ඇනවුම් කරලා මේසයට ලැබෙන්න පැය භාගයක් යන්නත් පුලුවන්.ඒ වෙනකන් ලොකු බඩගින්නක් හැදිලා ගියොත් නම් එපා වේවි මෙතන.කොහොම උනත් ඔවුන්ගේ කලින් තැන සේවාව හොඳ මට්ටමේ තිබුනා.කොහොම හරි ඒ දේ ට හැඩ ගැසෙමින් ඉන්නවා වෙන්න පුලුවන්.

මග

මෙතනට කො‍ටුව පැත්තේ ඉඳන් එනවා නම් ඩුප්ලිකේශන් පාරේ ඇවිත් බම්බලපිටිය හඳිය එහෙම පහු කරලා ඉස්සරහට ඇවිත් අයි ඩීම් එක එහෙමත් පහු කරන De vos Ave පාරට එන්න ඔනි.පාරෙන් දකුනු අතට ඒ කියන්නේ ගාලු පාර පැත්තට දානවත් එක්කම වම් අත පැත්තට වෙන්න කමි මකි අලුත් අවන් හල දැකගන්න පුලුවන්.

ඔවුන්ගේ දුරකථන අංකය 011 2590626 .උදේ එකොලහේ ඉඳන් රාත්‍රී එකොලහ පමන වනකන් ඔවුන් විවුර්ථයි.ඔවුන් සතුව ඩිලිවරි සේවාවකුත් තියනවා.රසවත් ජපන් කැම වෙලක් කන්න ඉතාම හොඳ තැනක් තමයි කමි මකි කියන්නේ.,ගනන් නම් ටිකක් විතර වැඩි.ඒත් ඉතා හොඳ වෙනසක් තියන නිසා උත්සහ කලාට පාඩු නෑ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *