කන්න බොන්න කලින් එන්න

Jaga Food Polonnaruwa – ගමේ රසට කන්න පොලොන්නරුවේ ජගා ෆුඩ් අවන්හල

banner

ඔබ පොලොන්නරුව පැත්තේ සංචාරයකට ආවොත් රසවත් කෑම වේලක් ආහාරයට ගන්න නියම තැනක් ගැන තමයි අද අපේ රස සටහන.මේ අවන්හල නමින් ජගා ෆුඩ් .තියෙන්නේ පොලොන්නරුවේ ජයන්තිපුර.දේශීය විදියට ගෙදර හැදුවා වගේ කෑම කන්න කියාපු තැනක් තමයි මේ ජගා ෆුඩ් අවන්හල.මේ කැම වල රස හංදම දේශීය අය වගේම විදේශිකයිනුත් මේ අවන්හලෙන් ආහාර ගන්න මේ අවන්හල හොයාගෙන එනවා.පවුලක් එකතු වෙලා කරගෙන යන මේ අවන්හල රසවත් කෑම වේලක් නිදහසේ ගන්න කියාපු තැනක් කිව්වොත් හරි.

වටපිටාව

jaga2

මේ අවන්හල පිහිටන්නේ පොලොන්නරුව නගරයෙන් ටික දුරකට වෙන්න.ඉතින් මෙතන එතරම් කාර්‍ය බහුල නෑ.වාහනයක් පාක් කරන්න හොඳ ඉඩක් මේ අවට තියනවා.අවන්හල ඉදි කරලා තියෙන්නේ මේ අවන්හල අයිතිකරු වන ජගත් මහත්තයගේ ගෙදරටම වෙන්නයි.පොල් අතු විදිමත් විදියට හෙවිලි කරලා ලී පු‍ටු වගෙම ප්ලාස්ටික් පු‍ටුත් පිලිවෙලට අසුරලා තියනවා.අවන්හල ඇතුලත හොඳින් ඉඩ පහසුව තියනවා.එලියට නිරාවරනය වෙලා තියන නිසා ඇව්තුලත රස්නයක් නම් නෑ.Fan සවි කරලයි තිය්නීඅ.අවන්හල පුරාවටම ඇති පාරිබෝගික ප්‍රතිචාර බිත්ති මෙහි එන අයගේ ඈස නිකන්ම ඇදිලා යන තැනක්.ගොඩ දෙනෙක් කෑම වල රස මේ බිත්ති වල ලියලා තියනවා.දේශීය විදේශීය බොහෝ දෙනා කැම බීම වල රස ගැන මේ බිත්තියේ සටහන් කරලා තියෙනවා.ඔබට අවන්හලේ උයන හැටි උනත් දැකගන්න පුලුවනි කුස්සිය පැත්තට ගියොත්.පෙනෙන විදියට නම් කෑම බීම ඉතා පිරිසිදුවට හදනවා.

මෙනුපත

jaga1

මෙතන කෑම තියෙන්නේ බුෆේ එකක් විදියට.ඔබට කැමති විදියට මේ කෑම බෙදා ගන්න පුලුව්නෛ.දේශීය කෑම රත් සහ සුදු හාලේ බත් එක්ක මාලුපිනි වර්ග 15කට එහා ප්‍රමාන්යක කන්න ගන්න පුලුව්නෛ.මේ අතර ගමේ ආහාර බොහොමයක් තියෙයි.බන්ඩක්කා පොල්සම්බෝල වම්බො‍ටු ,බ‍ටු මෝජු ,කොල මැල්ලුම් වගේ ගොඩක් දේශීය කෑම මේ බුෆේ එකට ඇත්ලත්.කැම වල රස නම් උපරිමයි කියන්න පුලුව්නෛ.නැවුම් අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ කැම හදන්නේ.පොලොන්නරුවේ සාරවත් කුඹුරු වල හැදෙන සහලින් වලින් නිවසේම හදන රසවත් කෑම වෙලක් නිසා මෙහි කෑම් කන්න දෙවරක් හිතන්න දෙයක් නම් නෑ.මේ බුෆේ එක 900ක් වෙනවා.ගෙවන මිලට පාඩුවක් නම් නෑ.ඇති වෙන්න කන්න පුලුවනි.

jaga3

මේ මාලුපිනි වලට අමතරව පොල්රොටී හැලප වගේ කෑමත් කන්න ගන්න පුලුව්නෛ.ඩෙසර්ට් එක විදියට කන්න තියෙන්නේ පලතුරු වර්ග සහ කිරි පැනි.පැපොල් අන්නාසි අඹ වගේ පලතුරු කන්න ගන්න පුලුවනි.කිරි පැනි කන එකත් හොඳ ‍තෝරාගැනීමක් කියන්න ඕනි මොකද පොලොන්නරුව ප්‍රදෙශයේ නියම මීකිරි තමයි කන්න ගන්න තියෙන්නේ.

jaga4

සේවාව

මෙතන සේවාවත් ඉතාම ඉහල මට්ටමේ තියනවා කියන්න පුලුවනි.අපි කලිනුත් කිව්ව මේ අවන්හල පවත්වාගෙන යන්නේ පවුලක් එකතු වෙලායි.ඉතින් ඉතාම සුහදශීලි විදියට ඔවුන් මෙහි එන හැම කෙනෙක්ටම සලකනවා.ඉතා හොඳ සේවාවක් ඔවුන් සලස්වනවා කියන්න පුලුවනි.

මග

මේ අවන්හල පිහිටන්නේ පොලොන්නරුවේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර දුරින්.එන්න ඕනි ගිරිතලේ පැත්තට.පාරෙන් වම් පැත්තට වෙන්න ජයන්තිපුර හංදියට මීටර් 200ක් විතර මෙහායිනුයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ ලිපිනය වෙන්නේ 22 හංදිය ජයන්තිපුර පොලොන්නරුව.ගොඩදෙනෙක් එක්ක ට්‍රිප් එකක් යනවා නම් එකට ඉඳගෙන කෑම කන්න යන්න හොඳ තැනක් තමයි මේ ජගා ෆුඩ් අවන්හල.මෙහි දුරකථන අංකය වෙන්නේ 0776652048.පොලොන්නරුව ඉතිහාසික නගරය නරඹන්න ආවොත් හරි මින්නේරිය පාක් එක පැත්තට යනවා නම් හරි Jaga Food එකෙං ආහාරය ගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *