කන්න බොන්න කලින් එන්න

Humbug Restaurant haggala ස්ට්‍රෝබෙරි රසට කෑම කන්න එන්න හක්ගල හම්බග් අවන්හලට

banner

නුවර එලිය නගරයේ සංචාරයකට ආවොත් ඔබ අනිවාර්‍යෙන්ම එන තැනක් තමයි හක්ගල මල්වත්ත.හක්ගල මල්වත්තට එනවා නම් නුවර එලිය නගරයේ ඉඳන් වැලිමඩ පැත්තට එන්න වෙනවා.හක්ගල මල්වත්ත පැත්තට ආවොත් කෑම කන්න හොඳ තැනක් ගෑනයි අද අපි කියන්න යන්නේ .මේ අවන්හල නමින් හම්බග්ස් අවන්හල.පිහිටන්නේ හග්ගල මල්වත්තට ඇතුල් වෙන තැනට කිට්ට්වෙන්මයි.විවිද කැම වර්ග අතරේ රසවත් ස්ට්‍රෝබෙරි වලින් හදපු විශේශිත කෑම්ත් මේ අවන්හලේ මෙනු එකට ඇතුලත් වෙනවා.අපි අද කියන්න යන්නේ මේ Humberg Restaurant එක ගැන

වටපිටාව

humbugs4

මේ අවන්හල පිහිටන්නේ පාර අයිනටම වෙන්න.මේ අවන්හල සතුව ලොකු කාර් පාක් එකක් නම් නෑ.අවන්හලේ ඉදිරියේ පාකිං ඉඩ නැතිනම් ඒ පැත්තට වෙන්නට පාර දෙපැත්තේ තමයි වාහනයකින් ඔබ මෙහි ආවොත් වාහනේ නතර කරන්න වෙන්නේ.දීර්ග නිවාඩුවක හැර අනික් දවස් වලට නම් මෙතන ඒ තරම් කාර්‍ය බහුල බවක් නෑ.අවන්හලේ ඇතුලත ටිකක් විතර අඳුරුයි.ඒ ගතිය නැති කරන්න කහ පැහැයෙන් පහන් වලින් අවන්හල ඇතුලත ආලෝකමත් කරලයි තියෙන්නේ.ඉඳගන්න ලෑලි බන්කු තියලයි තියෙන්නේ.මේ අවන්හලේ බිත්ති ගඩොලින් නිම කරලා.ඒ වගෙම ගඩොල් පාට පෙනෙන පරිදි වර්න ගන්වලයි තියෙන්නේ.බිමටත් කාපට් අතුරලා නිසා ටිකක් විතර සීතල අඩු වෙලා තියනවා.ඇතුලත පිරිසිදුව තියනවා.අවන්හලේ Wash room හොඳින් පිරිසිදුව නඩත්තු කරගෙන යන බවකුත් පේන්න තියනවා.

මෙනුපත

humbugs

අපි මුලින්ම කිව්වා වගේ මේ අවන්හල සතුව ස්ට්‍රෝබෙරි විවිද ආකාරයට කෑමට ගන්න පුලුවනි.ස්ට්‍රෝබෙරි ක්‍රීම් එක්ක ,අයිස් ක්‍රීම් එක්ක,පැන් කේක් එක්ක වගේ කන්න ගන්න පුලුවනි.ම්ට අමතරව ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් විදියටත් ස්ට්‍රෝබෙරි පාන්යක් විදියටත් බොන්න ගන්න පුලුවනි.මේවා 250-350 අතර මිල සීමාවේ තමයි පවතින්නේ.මෙහි ස්ට්‍රෝබෙරි මෙනු එක ඉතාම රසවත් එකක්.මෙහි ආවොත් කන්න ගන්න ඉතා හොඳ තේරීමක් තමයි ඔවුන්ගේ ස්ට්‍රෝබෙරි පෑන් කේක් එක.ඕකට අයිස් ක්‍රීම් දාගත්තා නම් රස කියලා වැඩක් නෑ.

humbugs2

රයිස් ඇන්ඩ් කරි වගෙම විවිද විදියට රයිස් වර්ග මේ මෙනු එකට ඇතුලත්.ෆ්‍රයිඩ් රයිස් එග්ග් වෙජිටබල් චිකන් නැත්නම් මාලු එක්ක කන්න ගන්න පුලුව්නෛ.ඒ වගෙම නාසි සහ මික්ස් රයිස් එකකුත් මේ මෙනු එකේ තියනවා.මේ රයිස් වර්ග 150 -400 අතර මිලකට කන්න ගන්න පුලුව්නෛ. මීට අම්තරව නූඩ්ල්ස් වර්ග සුප් වර්ග සැන්ඩ්විච් සහ පීසා කන්නත් ඔබට මෙහි ආවොත් පුලුවනි.උදේ වරුවකට මෙහි එනවා නම් ඉඳි ආප්ප රොටී වගේ කෑමත් ඔබේ කෑමැත්ත පරිදි කන්න ගන්න පුලුවනි.

කෑම ගැන කිව්වොත් එතරම් ලොකු විශේශත්වයක් නෑ.ඒත් කෑම් වල වරදක් නෑ .ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම් වලට නම් ටිකක් විතර වැඩියෙන් අජිනමොටෝ එකතු කරලා වගේ.කොහොම උනත් මේ අවන්හලේ කෑම් වල මිල ගනන් එක්ක ශේප් කෑම වේලක්ට මේ අවන්හල හොඳයි කියන්න පුලුවනි.

සේවාව

මේ අවන්හලේ සේවාවත් කෑම වගෙම සාමානය එකක් කියන්න පුලුවනි.මෙහි එන අය සමග මේ වැඩ කරන අය ඒ තරම් සුහද බවක් නෑ.කොහොම උනත් කැම එන්න පොඩ්ඩක් විතර පරක්කු වේවෛ සමහරක් විට.ඒ කොහොම උනත් එය එතර්ම වේදනාකාරි බලාහිඳීමක් වෙන්නේ නෑ.

මග.

මෙතන හොයාගන්න එතරම් අපහසු නෑ.ඔබ නුව‍රැලියේ ඉඳන් මේ පැත්තට එනවා නම් වැලිමඩ පාර දිගේ හක්ගල මල්වත්ත ප්‍රධාන දොර‍ටුවට හැරෙන තැනට එන්න ඕනි.එතනි මේ අවන්හලට මීටර් සීයක දුර.පාරෙන් වම් පැත්තෙයි තියෙන්නේ.

මෙහි දුරකථන අංකය වෙන්නේ 052222709. අවන්හලට අමතරව රූම්ස් ගන්නත් පුලුවනි.ඔබත් මේ පැත්තේ සංචාරයකට ආවොත් Humbug Restaurant ඇවිත් රසවත් ස්ට්‍රෝබෙරි වීදුරුවක රස බලන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *