කන්න බොන්න කලින් එන්න

House of Biriyani – Kalubowila සවාන් එකක් බිරියානියක් ගෙන්න ගන්න හවුස් ඔෆ් බිරියානි

හවුස් ඔෆ් බිරියානි කියන්නේ ටේක් අවේ විදියට ඔබට ආහාර ගන්න පුලුවන් තැනක්. කලුබෝවිල තමයි ඔවුන්ගේ අවන්හල පිහිටන්නේ.අවන්හල කිව්වට එතන ඉඳන් නම් ආහාර ගන්න බෑ. විශේශයෙන් නමේ හැටියටම බිරියානි ගන්න වගේම රසවත් සවාන් ගන්න ඕනි නම් හොඳ කඩයක් තමයි හවුස් ඔෆ් බිරියානි කියන්නේ.

බඩජාරි මෙනුපත

housebiriyaani

ඔවුන් සවාන් වර්ග හයක් සපයනවා බිරියානි නාසි ඉඳි ආප්ප කහ බත් මොන්ගෝලියන් සහ ෆ්‍රයිඩ් රයිස් වශයෙන්. ඒ වගේම ඔවුන් ඔබේ ඉල්ලීම අනුව බතට කීරි සම්බා හෝ බාස්මතී ලබා දෙනවා.හොඳම දේ බාස්මතී වර්ගයෙන් ඇනවුම් කරන එක.. ඒත් කීරි සම්බා උනත් රස අමුතු වෙනසක් තියනවා. ඔවුන්ගේ සවාන් පෝශන් ලොකු සහ කුඩා විදියට ගන්න පුලුවන්.

අප ඇනවුම් කලා චිකන් පොට් බිරියානි එකක් සහ චිකන් බිරියානි සවාන් එකක්.මූලිකම දේ ආහාර වර්ග දෙකම හොඳින් පෙනුමට දැකීමෙන්ම කටට කෙල උනන විදියට සකස් කරලා.පොට් බිරියානි එක 450ක් උනා.. එහි හොඳින් උනු රෝස් චිකන් කැබැල්ලක් තැම්බූ බිත්තරයක් ග්‍රීන් පීස් මාලුවක් අන්නාසි චට්නියකින් යුක්තව තිබුනා. සියල්ල එක එක පාට වලින් පෙනුම රසවත් බවක පෙර ලකුනු පෙන්නුම් කලා.. ඇත්තටම එය රසයි. හොඳ මට්ටමේ බිරියානි එකක්.මෙහි හොඳින් බිරියානියක ලාක්ශනික රස දැනුනා.. එහි බත් ප්‍රමානය පොඩි බඩජාරි දෙන්නෙක්ටත් ඇති. ඒත් චිකන් කැල්ල නම් ඒ බත් ටිකට පොඩ්ඩක් විතර මදිද මන්දා

housebiriyaani1

අපි චිකන් සවාන් එක විශාල ප්‍රමානයේ එකක් ගෙන්වා ගත්ත. එය මිලෙන් 2900ක්.එය හය දෙනෙකුට ඇති වෙන්න තැම්බූ බිත්තර 6කින් වර්නවත් වෙලා තිබුනේ. ඒත් පෙනුමටම මෙය 8කට උනත් හොඳටම ප්‍රමානවත් බව පෙනෙන්නට තිබුනා.මැදින් ඇතිරූ රෝස් කල සම්පූර්න කුකුලා හොඳින් පදමට රෝස් වෙලා තිබුනා.වියලි මිදි ලූනු පෙති සමග බාස්මති බත් රසත් එක්ක රෝස් කල කුකුල් මස් හොඳින් රස මතු කලා. ඇත්තටම එය ඉතා හොඳ සවාන් එකක්.

මෙහි කුඩා සවාන් එකක් 4 දෙනෙක් ට ඇති. එය 1650ක් වෙනවා..නාසි විශාල සවාන් එකක් 3500ක් වෙනවා.මොන්ගෝලියන් රයිස් එකක් උනත් ඒ ගනන්.දෙදෙනෙක්ට කන්න 1000ක් හොඳටම ඇති.ඔබ ආහාර ඔවුන් ලවා ඇනවුම් කලොත් ඩිලිවරි ගාස්තුත් එකතු වෙනවා දුර අනුව.
සේවාව

ඔබට ඔවුන්ගේ බිරියානියක් සවාන් එකක් කන්න 0715 727714 හෝ 0771 404052 අන්ක වලට ඇමතුමක් දෙනවා. එමගින් ඕඩර් කරන්න පුලුවන්. ඔවුන් සතුව ත්‍රීවීලයක් තිබෙනවා. මීටර් ටැක්සියක්. ඉතින් ඔබට ආහාර ලැබුනාම අමතරව මීටර් ටැක්සියේ මිල ගෙවන්න වේවි.දුර අනුව වෙලාව තීරනය වේවී. ඔවුන් ඔවුන්ගේ හැකි උපරිම ඉක්මනට ඔබට අවශ්‍ය කැම ගෙනත් දෙන්නට සූදානමින් සිටිනවා. ලොකු පරක්කුවක් නම් නෑ..

මග

ඔවුන්ගේ අවන්හල පිහිටන්නේ කලුබෝවිල පන්සල් මාවතේ . මෙතන්ට එනවා නම් කොහුවල පැත්තෙ ඉඳන් එනකොට රෝහල ට යන හෝල්ට් එක ට ඉස්සරහින් පී එන් එස් එකත් පහු කරාම තියන සුමනරත්න මාවතේ ටිකක් දුර ගිහින් ආයෙත් පන්සල පාරේදකුනු අතට මීටර් 50ක් වගේ යන්න ඕනි.එහෙමත් නත්නම් කලුබෝවිල හෝල්ට් එකෙන් ත්වමට තියන පන්සල පාරේ දිගටම ආවොත් මීටර් 500යි

හොඳම වැඩේ ඇනවුම් කරන එකයි. නැවුම්ව පිරිසිදුවට හොඳ බිරියානි එකක් කන්න හිතුනොත් ඔබත් උත්සහ කරලා බලන්න. ඇත්ත්ටම හවුස් ඔෆ් බිරියානි වල බිරියානි රසවත්.


Comments to House of Biriyani – Kalubowila සවාන් එකක් බිරියානියක් ගෙන්න ගන්න හවුස් ඔෆ් බිරියානි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan