කන්න බොන්න කලින් එන්න

KFC එකට වඩා පට්ට නුගේගොඩ හැපි බර්ගර් – Happy Burger Nugegoda

නුගේගොඩ නගරයේ පිහිටි පට්ට බර්ගර් කඩයක් ගැන කියන්නයි අපේ මේ සූදානම.අතේ ඇති මිලට රසවත් ව බඩ පිරෙන්නම කන්න නියම මට්ටමේ බර්ගර් පිරිනමන මේ පුංචි බර්ගර් කඩේ නම් වෙන්නේ හැපී බර්ගර් කියලයි.පුන්චි පහේ මේ හැපී බර්ගර් අවන්හල ගැනයි අද අපේ විස්තරේ .

වටපිටාවhapyburger6

අපි කලිනුත් කිව්වා වගේ මේක පුංචි පහේ තැනක්.ඇතුලේ දෙතුන් දෙනෙක්ට හැරෙන්නත් ඉඩ නම් මදි.ඒ කොහොම උනත් අවන්හල ඇතුලේ සීට් දෙක ගානේ තියන ටේබල් තුනකුත් සීට් හතර ගානේ තියන ටේබල් දෙකකුත් මේ අවන්හලේ තියනවා.මෙව්වගේ ප්‍රමානත් වාඩි වෙන්න ටිකක් අපහසු මට්ටමේ එව්වා.ඇතුලත හොඳින් පවත්වාගෙන යන ගතියක් තියෙනවා.ඇතුලත පිරිසිදුයි.දවල් වරුවට නම් මේ අවන්හලේ එලියේ ඉඳන් කන එක ටිකක් අමාරු වැඩක්.කෝකටත් ඒ වගේ වෙලාවකට අවන්හල ඇතුලේ තියන ෆැන් එකේ හුල‍ඟෙන්වත් ශේප් වෙන්න අවන්හල ඇතුලේ ආහාර ගන්න එකයි හොඳම දේ.මේ අවන්හලට ඔබ වාහනයක එනවා නම් පාකිං කියලා වෙනම ඉඩක් නෑ.අවන්හල ඉස්සරහ පොඩි ඉඩක් තියනවා.ඒ නැතොත් මේ හයිලෙවෙල් පාර අයිනේ කොහේ හරි වාහනය නවත්වලයි එන්න වෙන්නේ.

බඩජාරි මෙනුපත

happyburger4

මෙහි මෙනු එකත් පුන්චි පහේ එකක්.ඒ අතරට බර්ගර් වර්ග ප්‍රධානයි.චිකන් ක්‍රිස්පි චිකන් වෙජිටබල් ‍ෆිශ් විදියට මේ බර්ගර් මිලට ගන්න පුලුවනි.ඒ වා 200-350 වගේ මිල පරාසයක තමයි තියෙන්නේ.ගොඩක්ම රසවත් වෙන්නේ ක්‍රිස්පි චිකන් බර්ගර් එක.චීස් මැදි වෙලා ලොකුම ලොකු චිකන් කෑලත් එක්ක එන මේ බර්ගර් එක රසයෙන් ඉස්තරම්.ඒ වගෙම කොතනින් කන්න පටන් ගන්නද කියන තරමටම ලොකුම ලොකුයි.

happyburger2

මීට අම්තරව ච්කන් සබ්මැරීන් බීෆ් බර්ගර් හොට් ඩෝග් වගේ කෑමත් අනෙක් කෑම විදියට මිලට ගන්න පුලුවනි.ක්‍රිස්පි චිකන් එක්කම එන ෆ්‍රයිඩ් රයිස් එකත් බිරියානි එකත් ගෙවන මිලට වටින රසවත් ආහාර වේලවල් කියලා කියන්න පුලුවනි.මේ රයිස් කුඩා සහ ලොකු ප්‍රමාන වලින් මිලට ගන්න පුලුවනි.ක්ර්ස්පි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 250ක් වගේ මිලක් වෙනවා. ඒ වගෙම සවස් වරුවකට ඔබ මෙහි ආවොත් චීස් කොත්තුවත් රස බලන්න කියාපු කෑ මේලක්.මේකෙත් අපි කලින් කිව්ව වගේ ලෝබ නැතුව චීස් සහ චිකන් ඇතුලත්.
පෝශන් අත්නුත් මේ කෑම වේලවල් ඉතාම පොහොසත්.උදාහරනෙකට චිකන් චීස් කොත්තු ෆුල් එකක් පොඩි බඩජාරි තුන්දෙනෙක්ට උනත් ඇති වෙන මට්ටමේ.බීම විදියට ඔවුන් කෝක් වීදුරු වලට සපයනව.කෝක් වීදුරුවක් රුපියල් 30ටත් බොන්න ගන්න පුලුවනි.

මේ අවන්හලේ මෙනු එකේ තියන හැම කෑම වේලක්ම හැම වෙලේම ඔවුන් සතු වෙන්නේ නෑ.

සේවාව

මෙතන සේවාව ගැන විශේශයෙන් කියන්න ඩෙයක් නෑ.සේවකයන් බොහෝ වෙලාවට තුන්දෙනෙක් ඉන්නවා.මෙහි ඉන්න දිනපතා පාරිබෝගිකයන් වෙන්නේ නුගේගොඩ අවට පාසල් සහ පංති වලට එන ලමුන්.ඒ අය අතර මේ අවන්හල ගෝක් ජනප්‍රියයි.ඉතින් ඔවුන් සමග මෙහි ඉන්න අය වඩාත් සුහදයි.ඒ කොහ්ම උනත් පන්ති වෙලාවක් අත ඇරලා ගියිත් ඔබා ඉකමන්ට කෑම ඕඩර් කරගන්න පුලුවන් වේවි.කොහොම උනත් ගොඩක් වෙලාවට කෑම එක ලබා ගන්න නම් ටිකක් විතර ඉවසන්න වෙනවා.

මග.

මේ අවන්හල ඉහිටන්නේ නුගේගොඩ නගර මැදට වෙන්නටයි.නුගේගොඩ නගරයේ පිහිටි ගුවන් පාලමේ කොලඹ පැත්තට එනකොට ඒක පහුවෙලා මීටර් 100ක් විතර ඉස්සරහට එනකොට පාරෙන් වම් අත පැත්තේයි මේ අවන්හල පිහිට්නන්නේ.Happy Burger නමින් රතු පැහැ බෝ එකේ සුදු පාටින් නම පැහැදිලිව පේන්න දර්ශනය කරලා තියන නිසා හොයාගන්න එක ඒ තරම් අපහසුවක් නෑ.

මෙතන දුරකථන අංකය වෙන්නේ 0113103171.ඔබේ මුද පසුම්බියට පහසු මිලකට රසවත් බර්ගර් එකක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ මයි බර්ගර් අවන්හල හඳුන්වන්න පුලුවන්.ලගින් තියන කේ එෆ් සී එකට යනවට වඩා ගෙවන මිලට ගොඩක් වැඩියෙන් බඩ පුරවගෙන එන්න මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක් වෙනවා නො අනුමානයි


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan