කන්න බොන්න කලින් එන්න

රත්නපුර නගරය පසුකරන අයට ගොඩවෙන්න පුලුවන් රස නවාතැන Garland Cafe – Rathnapura

banner

රත්නපුර නගරය කියන්නේ ගොඩ දෙනෙක්ගේ සංචාර අතරතුර හමුවන නගරයක්.කොලඹ පැත්තේ ඉඳන් රත්නපුර නගරය පසු කරන්න කලින් ගොඩ වෙලා නිවාඩු පාඩුවේ රසවත් ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හල නමින් ගාලන්ඩ් කැෆේ.පිහිටන්නේ රත්නපුර නව නගරයේ.

වටපිටාව

garland2

මේ අවන්හල ඉතා නවීන සැකැස්මකට අනුව හදාපු අවන්හලක්.පාකිං පහසුවත් මේ අවන්හල සතුව පවතිනවා.මනාව සකසන ලද එලිමහනක් වගේම ඇත්ලත සැකැස්ම අති නවීන අවන්හලක සිරි ගන්වනවා.ලා කොල පැහැ ලාක්ශනික වර්නයට යුක්තව අවන්හලේ බිත්ති වර්න ගන්වා තියනවා.අවන්හලේ මේස පවා ලා කොල පැහැයෙන් යුක්තයි.සැප පහසු ප්ලාස්ටික් පු‍ටු වලින් යුක්තව ටයිල් ඇතිරූ බිමකින් මේ අවන්හල යුක්තයි.අවන්හල ඇතුලත හොඳින් ඒ සී කරලා තියනවා.ඒ වගේම ටීවී එකකුත් අවන්හල තුල ත්යනවා.මෙහි කැම වල මෙහු එක අවන්හලේ ඉදිරියෙන් දර්ශනය කරලා තියනවා.අවන්හල කොටස් දෙකකින් යුක්තව පවත්වාගෙන යන්නේ.මෙහි එක වර 30කට 40කට එක වර ආහාර ගන්න පුලුවන්.

මෙනුපත

garland3

මේ අවන්හලේ උදේ දිවා සහ රාත්‍රී කියන වරු තුනටම ආහාර සපයනවා.ප්‍රධාන ආරර වේල් වලට අමතරව බේකරි කෑමත් මෙහි කන්න ගන්න පුලුවනි.බර්ගර් වර්ග හොට් ඩෝග් මාලු බනිස් සොසේජ් බන් වගේ කැමත් විවිද නම් වලින් කේක් වර්ගත් කන්න වගේම අරගෙන යන්නත් ගන්න පුලුවනි.

garland4

දවල් සහ රාත්‍රී වරුවලට රයිස් ඇන්ඩ් කරි වගේම ෆ්‍රයිඩ් රයිස් කන්න ගන්නත් පුලුවනි.ඒ වගේම සවස් වරුවකට වගේ මෙහි ආවොත් ක්‍රිස්පි චිකන් මෙනු එකේ රස බලන්න පුලුවන් නම් එය ඉතා රසවත් අත්දැකීමක් වෙනවා නො අනුමානයි.යහමින් ක්‍රිසි ගතියෙන් හැපෙන චිකන් රසත් එක්ක චීස් සාරය මුසු වුනු ක්‍රිස්පි චිකන් ස්ට්‍රිප්ස්,ක්‍රිස්පි චිකන් බර්ගර්ස් ව්ගේම ක්‍රිස්පි චිකන් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක් කියන්නේ ඉතා රසවත් ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.

සේවාව

මේ අවන්හලට ඔබ ආවොත් ඉතා ඉකමනට කෑම එක මේසය්ට ගෙන්වා ගන්න පුලුවනි.ගොඩක් වෙලාවට මේ අවන්හල කාර්‍ය බහුල ගත්යක් උසුලන්නේ නෑ.ඉතින් ඕනි කෙනෙක්ට මේ අවන්හලට ගොඩ වෙලා පාඩුවේ ආහාර ගන්න පුලුවනි.මෙහි ඉන්න සේවකයනුත් ඉතා හොඳින් මිත්‍රශීලීව ඔවුන්ගේ කාර්‍ය ඉ‍ටුකාරනවා

මග

මේ අවන්හල පිහිටන්නේ රත්නපුරේ ඉඳන් කොලඹ පැත්තට කිලෝ මීටර් හයක වගේ දුරකින්.රත්නපුර නගරයේ ඉඳන් නවනගරය පැත්තට එනකොට සීවලි පාසල පහුවෙනවත් එක්කම මුන ගැසෙන තුන් මං හංදියේ පෙට්‍රල් ශෙඩ් එකත් එක්කම වගේ තමයි මේ අවන්හල පිහිටන්නේ.පොඩ්ඩක් එක පාරට බැලුවට පේනව නම් හොරයි.ඒ කොහොම උනත් තෙල් පිරවුමත් එක්කම එහා පැත්තෙන් තියන නිසා ඒ ගැන උනනදුවෙන් ආවොත් හොයා ගන්න පහසුයි.ඔබ කොලඹ පැත්තේ ඉඳන් මෙතනට එනවා නම් කිලෝමීටර් 13ක් වගේ රත්නපුර පැත්තට එන්න ඕනි.

මේ අවන්හල උදේ 7 ඉඳන් රාත්‍රී නවය දහය පමන වෙනකන් විවුර්ථව පවත්නවා.මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0452228300.ඔබත් දුර ගමනක් යන අතරතුර කටට රසට කෑම වේලක් කන්න යන්න ගොඩවෙන්න පුලුවන් හොඳ තැනක් විදියට මේ Garlan Cafe එක හඳුන්වන්න පුලුවනි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *