කන්න බොන්න කලින් එන්න

The Garden Cafe – Kandy ද ගාඩ්න් කැෆේ නුවර

banner

ගාඩ්න් කැෆේ කියන්නේ නුවර නගර මධ්‍යයේ පිහිටි අවන්හලක්. පිටින් පේන විදියට නම් ඒ තරම් සිත ඇදගන්න, කෑමට සුදුසුයි කියන මට්ටමක නෑ. ඒත් ඇතුලට ඇවිත් ආහාර ගන්න හොඳ අවන්හලක් තමයි ගාඩ්න් කැෆේ කියන්නේ.මෙහි උදෑසන දවල් සහ රාත්‍රී ආහාර වර්ග ගන්න පුලුවන්. නුවර වැව කිට්‍ටුවම තියන පහසුවෙන් ලඟාවෙන්න පුලුවන් තැනක් තමයි ගාඩ්න් කැෆේ

gardencafe7

වටපිටාව

මෙහි පිටින් බැලූ විට එතරම් හොඳ චිත්‍රයක් නම් නෙවෙයි මැවෙන්නේ. ඇතුලත කුඩා මේස වලට පු‍ටු දමා තියනවා. එක මේසයක 4ක් ඉන්න පුලුවන්. ඊට වඩා ඉන්නව නම් මේස දෙකක් ලන් කරගන්න පුලුවන්.මේස පු‍ටු හොඳ පිරිසිදුව තබාගෙන ඉන්නවා..ඇතුලත ටී වී එකකුත් තිබෙනවා.. ඒකෙන් නම් එතරම් වැඩක් නෑ. මෙතන හැම වෙලේම කාර්‍ය බහුල ගතියක් උසුලනවා. සමහර විටෙක විදේශිකන්ගෙනුත් මෙතන පිරිලා..ලාක්ශනික පැහැය කොල.. මෙහිවැඩ කරන සේවකයනුත් කොල පැහැති ඇඳුමින් සැරසිලයි ඉන්නේ

බඩජාරි මෙනුපත

මෙහි මෙනු එක ඉතා දිගු එකක්.ඒ මෙනු එක සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙනුත් මෙහි ලොකුවට ප්‍රදර්ශනය කරලා තියනවා.එහි කියන හැම ආහර වේලක්ම නම් මෙතනින් ගන්න නෑ හැම වෙලේම..කොහොම උනත් නූඩ්ල්ස් වර්ග ආප්ප ඉඳි ආප්ප,Rice වර්ග කොත්තු,රෝටී,වගේම පලතුරු සැලඩ් සහ බීම වර්ග මෙතනින් ගන්න පුලුවන්.සියලු කැම වර්ග වල මිලත් මෙහි සඳහන් කරලයි තියෙන්නේ.අපි ගත්ත බුරියානි එකක් සහ ෆ්‍රයිඩ් රයිස් එකක්.කැම එකේ පෙනුමෙන්ම විශිශ්ටයි.මස් සෝස් ඇතිරූ කැබැල්ලක් සලාදයක් සමග තම්බාපු බිත්තරය පිඟනේ සකස් කරලා තියන හැටිත් විශිශ්ඨයි.කටට කෙල උනනවා.. එහි රසත් ඉතා හොඳ මට්ටමක තියනවා..නියම බුරියානි රස නැතත් එහි රස හොඳයි.. ෆ්‍රයිඩ් රයිස් එකත් ඉස්තරම්. මෙහි කෑම දෙකේම ඇති වෙන්න බත් තිබෙනවා.. බඩෙ ඉඩක් නැති වෙන්න කන්න පුලුවන්.අවශ්‍ය නම් හැඳි ගැරුප්පුත් ඔබට සපයනවා..

gardencafe1

ඔවුන්ගේ ගොඩක් කෑම වල පිලිගැන්වීම විශිශ්ඨයි. අපි ලඟ පාත මේස වලත් කෑම වල ඒ බවදැක්කා. ඔවුන්ගේ කුස්සියත් මෙතන ඇතුලෙන් පේනවා. ඒ හඳා තමන් කන කෑම එක හඳන හැටිත් බලාගන්න පුලුවන්. අපේ කෑම වලට වියදම 600ක් වගේ ගියේ.රයිස් ඇන්ඩ් කරිත් එක්ක බත් එකක් කනව නම් 150න් ශේප් වෙන්න පුලුවන්. ගනන් නම් සදාරනයි ගොඩක්.කොත්තුවක් කනව නම් චීස් එක්ක කොත්තුවක් දාගෙන කන්න එයත් ඉතා රසවත්. කොත්තු වර්ග 200-400 අතර මිල සීමාවේ තියනවා.රොටී වර්ග 30-80 වගේ මිලක් අතර . මෙහි ගෝදම්බ රෝටී පොල් රොටී පරාටා ,මස් රොටී,එලවලු රෝටී වගේ විවිද රොටි වර්ග තියනවා. සවස් වරුවකට උනුසුම් කිරි කෝප්පයක් එක්ක මස් රොටියක් කන්න උනත් මරු මෙතන.කැම ඉතා රසවත්.

gardencafe5

සේවාව

මෙහි සේවාව ඉතා හොඳ මට්ටමක තිබෙනවා. දේශීය මෙනම විදේශිය අයත් මෙතනට එන හඳා ද කොහෙද ඔවුන් හොඳ සේවවක් දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඔවුන් ඔබට හොඳින් කතා බහ කරාවි. අවශ්‍ය දේ හැකි ඉක්මනින් මේසයට ගෙනත් දේවී.

මග

මෙතනට එනවා නම් වැව ප්[ඇත්තේ ඉඳන් එනකොට සන්ගරාජ මාවතේ ලමා උයන පැත්තට එන්න ඔනි.මහා මායා මවත සහ සන්ගරාජ මාවත එකතු වෙන තැනයි පාරෙන් දකුනු අත පැත්තේ මෙක පිහිටන්නේ.මහමායා පාසල කිට්‍ටුවෙනුයි මෙය පිහිටන්නේ

මෙතනින් කැම අරගෙන ගිහින් උනත් කන්න පුලුවන්.නුවර ඇවිත් අතේ තියන ගානකට හොඳට කන්න හිතුනොත් ඕගොල්ලොත් ඇවිත් යන්න. කෑම ගැන විතරක්ම හිතනවා නම් මෙතන ඔබට ඉතා හොඳයි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *