කන්න බොන්න කලින් එන්න

Gami Gedara – Polonnaruwa වෙල් යායක් අයිනේ ඉඳන් ගමේ රසට කෑම වේලක් කන්න එන්න පොලොන්නරුවේ ගැමි ගෙදරට

banner

පොලොන්නරුව නගරය පැත්තේ සංචාරයකට ආවොත් බඩ පිරෙන්න ගමේ විදියට කෑම වේලක් කන්න සුපිරි මට්ටමේ තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ.අවන්හලේ නම ගැමි ගෙදර.අවන්හලේ නමේ හැටියටම මේ අවන්හල ගැමි ගෙදරක් වගේමයි.කන්න බොන්න තියෙන බොහොමයක් ගමේ කෑම.ටිකක් නගරයේ ගෝශාකාරී බවින් මිදිලා වෙල්යායක් අයිනේ ඉඳන් රසවත් කෑම වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ පොළොන්නරුවේ ගැමි ගෙදර අවන්හල හඳුන්වන්න පුලුවනි.ටිකක් ප්‍රධාන පාරට දුරින් තිබෙන අවන්හලක් උනත් දෙස් විදෙස් සංචාරකයන් ගොඩ දෙනෙක් යන එන අවන්හලක් විදියට මේ ගැමි ගෙදර අවන්හල හඳුන්වන්න පුලුවනි.ඒ මේ අවන්හලේ කෑම රසය නිසාමයි.පවුලක් එකතු වෙලා කරන මේ ගැමි ගෙදර අවන්හලේ රස් රහස් ගැනයි අද බඩජාරි සටහන.

වටපිටාව

gamigedara6

මේ අවන්හල පිහිටන්නේ වෙල් යායකට මුහුනලායි.ගොයම් කරලින් බර වුනු කාලෙට අවන්හලේ ඉඳන් එලියට තියන දර්ශනය ඉතා අනර්ග එකක්.අවන්හල ඇත්ලත මැටියෙන් තමයි ගොඩ නගලා තියෙන්නේ.වහලයට සෙවිලි කරලා තියෙන්නෙ පොල් අතු.ඔබ මෙහි ආවොත් අවන්හල ඇතුලත තියන මැටි වේදිකාවේ ඉඳගෙන බංකුවේ බත් පත තියාගෙන කන්නත් පුලුව්නෛ.එහෙමත් නැත්නම් එලියට ගිහින් වැව් හුලඟ විඳින ගමන් කන්න ගන්නත් පුලුවනි.අවන්හලේ ඇත්ලත විශාල ප්‍රමානයේ ලී මේසයක් තියනවා.ඒක උඩ තමයි මේ අවන්හලේ බුෆේ එක තියලා තියෙන්නේ.අවන්හල ඇතුලත නියම ගැමි ගෙදරක අසිරිය ගන්න්න විදියට සකස් කරලා කිව්වොත් හරි.

gamigedara4
මේ අවන්හලේ උයන කොටසත් මේ අවන්හලත් එක්කමයි තියෙන්නේ.මාලු පිනි හැදෙන හැටිත් ඔබට මේ අවන්හලේ කුස්සියට මූන දැම්මොත් දැක බලාගන්න පුලුවනි.ටිකක් ප්‍රධාන පාරෙන් ඇතුලතට වෙන්න ගමක පිහිටන නිසා මේ අවන්හලට ආවොත් පාඩුවේ රසවත් ආහාර වේලක් ගන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

gamigedara2

මෙහි කන්න තියෙන්නේ බුෆේ ක්‍රමයට.අවන්හල ඇතුලත මැදට වෙන්නට හදපු ලී මේසය මත දේශීය විදියට හදාපු මාලු පිනි 20ක් විතර එක පෙලට රතු කැකුලු හරි සුදු කැකුලු හරි එක්ක බෙදාගන්න පුලුවනි.ඒක තමයි මේ අවන්හලේ තියන විශේශත්වය.මේ මාලු පිනි 20 අතරේ මාලු පිනි දහයකට වඩා නියම ගැමි කෑම තමයි තියෙන්නේ.මුරුංගා හොදි බ‍ටු මෝජු නෙලුම් අල ,පොලොස් ගැට ,කජු මාලුව,වැටකොලු සම්බෝල ,මඤ්ඤොක්කා කොල,අඹ මාලුවක් බන්ඩක්කා බැදුමක් කොයි වෙලේත් මේ මෙනු පතේ තියෙනවා.ඒ වගෙම කැමති විදියට කුකුල් මස් හරි මාලු හරි කන්න ගන්න පුලුවනි.මීට අමතරව කට්ලට් වඩේ පොල් රොටී වගේ කෑම බත් එකත් එක්කම කැමති නම් බෙදා ගන්න පුලුවනි.පන් පිඟාන උඩින් එලපු නෙලුම් කොලේ උඩට මේ මාලු පිනිත් එක්ක පපඩමත් තියෙනකොට කටට කෙල උනන මට්ටමේ .කෑම රස නම් උපරිමයි කියන්න පුලුවනි.නියම රසට ලුනු සහ දෙහි පදමට තියනවා කියන්න පුලුවන්.එක වරක් හරි මේ ආහාර වේලක රස බැලුවොත් නැවත වරක් මෙහි ඇවිත් කෑම කන්න හිතෙන මට්ටමට කැම වේල රසවත් කියන්න පුලුවනි

gamigedara

මේ කැමත් එක්ක ඩෙසර්ට් එකට කැමට රසවත් කිරි සහ පැනි කන්න ගන්න පුලුවන්.ඒවත් ඉතා නැවුම් මට්ටමේ කියන්න පුලුවන්.මේ විදියට කෑවට පස්සේ ආයෙත් කියන්න දෙයක් නෑ බඩ උපරිමයටම ෆුල්.

කෑම අපිට කැමති විදියට බෙදාගන්න පුලුවන් නිසා ප්‍රමාන ගැන මෙහි ඇවිත් වද වෙන්න දෙයක් නෑ.ඒ කොහොම උනත් මේ කෑම වේලට ඔබට 1000කට ආසන්න මිලක් නම් වැය වේවි.දේශීය සංචාරකයෙන්කට ඒ මිල නම් පොකට් එකට දැනෙන මට්ටමේ.ඒත් ඉතින් මේ අත්දැකීම හැමතැනින්ම ලබන්න බැරි නිසා එක වරක් හරි මේ අත්දැකීම ලබන එක හොඳයි වගෙම ගෙවන මිලට පාඩුවක් නෑ.

සේවාව

මේ අවන්හලේ සේවාවත් ඉතා හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවනි.මේ අවන්හල පවත්වාගෙන යන්නේ මේ ගමේම පවුලක් එකතු වෙලා.ඔවුන් ඔබට මේ අවන්හලට ආ වෙලේ හොඳින් සලකන බව කියන්න පුලුවනි.ගැමි කමට සුන්දර සිනාවකින් යුතුව ඉක්මනින් සේවය සලසන්නට ඔවුන් සමත්.ඔබ මෙහි ආ විට ඔවුන් උනුසුම්ව පිලි ගනීවි.ඒ වගෙම මෙතන කිසි පිටස්තර ගතියක් දැනෙන එකක් නම් නෑ.

මග

මේ අවන්හල හොයාගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.මෙතනට පොලොන්නරුව නගරයේ ඉඳන් කිලෝමීටර් 7ක් විතර තියනවා.පොලොන්නරුවේ ඉඳන් ගිරිතලේ පැත්තට එනකොට හමුවෙන බැඳි වැව නගරයේ බැඳි වැව රජමහ විහාරයත් එක්ක දකුනට හැරුන ගමන්ම නැනසල බෝඩ් එකත් එක්ක තියන පාරෙන දකුනු අත පැත්තට මීටර් 500ක් විතර ඇතුලට එන්න ඕනි මේ අවන්හලට ගොඩ වෙන්න නම්.මේ පාරෙන් ඇතුලට ඇවිත් කාගෙන් හරි ඇහුවොත් ගැමි ගෙදර අවන්හලට යන්නේ කොහොමද කියලා තැන හොයාගන්න ටිකක් පහසු වෙයි.

මෙහි ලිපිනය වෙන්නේ නොම්බර 1906 බැඳි වැව ජයන්තිපුර පොලොන්නරුව.දුරකථන අංකය 0712940474.දවල් සහ රාත්‍රී තමයි මේ අවන්හල කෑමට විවුර්ථ වෙන්නේ.ඔබත් පොලොන්නරුව පැත්තේ ඇවිත් ගමේ විදියට කටට රහට කෑම වෙලක් කන්න හිතුනොත් Gami Gedara ට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *