කන්න බොන්න කලින් එන්න

ගෙදර වගේ ගමේ කෑම බුෆේ එක Freshtalk Restaurant Dambulla

නැවුම් ආහාර වේලක් ගන්න කොයි කවුරුත් කැමතියිනේ.ඉතින් ඒ අවශ්‍යතාවය පුරවන්න දඹුල්ල නගරයේ පිහිටන ඉස්තරම් නැවුම් කෑම කඩයක තොරතුරු ගෙන එන්නයි අපේ මේ සූදානම.මේ අවන්හලේ නමත් ෆ්‍රෙශ්වේ.නමේ හැට්යටම නැවුම් ආහාර් වේලක් මෙහිදී ලබාගන්න ඔබට හැකියි.

freshtalk5

මේ අවන්හල පිහිටන්නේ දඹුල්ල නගරයේ ප්‍රධාන පාර අද්දරට වෙන්නයි.ඉතින් පොඩ්ඩක් නගරයේ වාහන් සද්දය එහෙම නම් ඇතුලට දැනෙනවා.මේක පුන්චි පහේ අවන්හලක්.ඇතුලත ලීමේස සහ පුන්චි ස්ටූල් සහිතව මෙහි එන අයට ඉඳගන්න ඉඩ සලස්වලා තියනවා.වැඩි දෙනෙක් නැති නිසා ඒ තරම්ම අවුලක් නෑ.ඇතුලත පිරිසුදුවට පවත්වාගෙන යන බවක් දකින්නත් පුලුවන්.

මෙනුපත

freshtalk2

මේ අවන්හලේ තියෙන්නේ ප්‍රධාන ලෙසම බුෆේ එකක්.සම්බා බත් එක්ක කන්න ගොඩක් දේශීයව හදාපු මාලු පිහි එකතු වෙනවා.වට්ටක්කා මාලුවක්,එලබ‍ටු මාලුවක් පොලොස්ගැට මාලුවක් වගේ දේශීය ආහාර වර්ග වගේම කොලසම්බෝලයක් මෙහි නැතිවෙන්නෙම නෑ.ඒත් එක්ක පපඩමකුත් චිකන් හරි මාලු හරි එක්ක මේ කෑම පිඟාන ඉතා රසවත් එකක්.

freshtalk1

ඒ වගේම සවස් ව්රුවකට මෙහි එනවා නම් කටට රසට ඉතා රසවත් කොත්තුවක් කන්නත් මෙහි අවස්ථාව තියනවා.ඒ කොත්‍ටුවත් ඉතාම රසවත් ඒ වගීඅම ටිකක් විතර සැර කොත්තුවක්.ඒත් රස ඉතා ඉහලයි.

freshtalk3

මේ කැම වර්ග වලට අමතරව පලතුරු සලාද සහ පලතුරු බිමත් මෙහි ඇවිත් කන්න ගන්න පුලුවන්.දෙන්නෙක් ආවොත් 500ක් 600ක් යනකොට බඩපිරෙන්න කාලා යන්න මෙතන හොඳ අවන්හලක් කියන්න පුලුවන්.

සේවාව

මේ අවන්හල පවුලක් එකතු වෙලයි කරගෙන යන්නේ.මෙහි අයිති කාර මහතාත් මේ අවන්හලේ ‍රැඳී ඉන්නවා.ඔහු ඉතා මිත්‍රශිලී .ඒ වගේම මෙහි යන එන අයට ඉතා සුහදශීලීඅ සලකන්න ඔහු සැදී පැහැදී ඉන්නවා.

මග

මෙතනට එනවා නම් දඹුල්ල ක්ලොක් ටවර් එක ගාව ඉඳන් කිලෝමීටර් එක හමාරක් විතර ට්‍රින්කෝ පැත්තට එන්න ඕනි.එහෙම එනකොට හමුවෙන හංදියේ පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ

මෙතන දුරකථන අංකය වෙන්නේ 0769449283. දඹුල්ල නගරය පසුකරගෙන ගමනක් යනවා නම් ගෙදර හැදුවා වගේ කෑම වේලක් කාලා යන්න Freshtalk Restaurant එකට ගෝ වෙලා යන්න අමතක කරන්න එපා


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan