කන්න බොන්න කලින් එන්න

Flag and Whistle Kotahena – කොලඹ වරායේ සිරි නරඹමින් රසවත් කෑම වේලක් කන්න එන්න ෆ්ලැග් ඇන්ඩ් විස්ල්

banner

රසවත් කෑම වේලක් වෙනස් විදියක අත්දැකීමක් එක්ක ගන්න කොලඹ නගරයේ තිබෙන තැන් අතර තවත් එක් සුවිශේශී අවන්හලක් ගැනයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් ෆ්ලැග් ඇන්ඩ් විස්ල්. නම යොදලා තියෙන්නේ නැවකට සම්බන්ධ වෙන විදියටයි.මේ අවන්හල පිහිටන්නේ වරාය පරිශ්‍රය කිට්‍ටුව උස ගොඩනැගිල්ලක.ඉතින් මේ අවන්හලට ආවොත් වරායේ දර්ශනය පැහැදිලිව දැකගන පුලුවනි.අපි අද කියන්න යන්නේ මේ Flag and Whistle අවන්හලේ තොරතුරු.

වටපිටාව

flag2

අවන්හල සතුව වෙනම කා පාක් එකක් තිබෙනවා.අපි කලිනුත් කිව්වා වගේ මේ අවන්හල නැවක තීම් එකට තමයි කරගෙන යන්නේ .වෙනස් විදියේ අවුට්ඩෝ ඒරියා දෙකක් මේ අවන්හල සත්යි.බියර් එකක් තොලගාන්න වගෙම නියම රාත්‍රී ආහාර වේලකට මේ අවන්හල කදිමයි.ඉහල මාලයේ ඇති බැල්කනියෙන් කොලඹ වරාය පරිශ්‍රයේ දර්ශනය දැකගන්න පුලුවන් වෙන එක තමයි මේ අවන්හලේ ඇති විශේශත්වය.ඇතුලත ඉතා සුව පහසු මේස සහ පු‍ටුන් වලින් යුක්තයි,ඇතුලත නැවක ඇතුලත වගේ දැනෙන පරිදි වර්නයන් ගලපලා තියනවා.150කට විතර එක වර ආහාර ගන්න පුලුවන් වෙන විදියට පහසුකම් මෙතන තියනවා.පුංචි පහේ පාටියකට උනත් මේ අවන්හල හොඳයි.

flag1

මෙනුපත

මෙහි ඔබට බුෆේ ක්‍රමයට ආහාර ගන්න වගෙම ඔවුන්ගේ දීර්ග මෙනු පතට අනුව ආහාර ගන්නත් පුලුවනි.ඇපටයිසර් වල ඉඳන් ප්‍රධාන ආහාර මෙනු ඩෙසර්ට් දක්වා පෙරදිග සහ අපරදිග කෑම වර්ග ගනනාවක් මේ අවන්හලේ කන්න ගන්න පුලුවනි.මෙනු එක බැලුවහම ගොඩක්ම මෙහි ඉතාලියානු සහ සී ෆුඩ් කැම වර්ග ගොඩක් තියනවා කියන්න පුලුවනි.ඉතාලියානු ක්‍රමයට හදාපු පැස්ටා වර්ග වගෙම මෙහි ඇති ක්‍රැබ් මෙනු එකත් ඉතා රසවත් වගෙම ඒ කැම වලට අදාලා ලාක්ශනික රස ඇතිකරවන්නට සමත් කියන්න පුලුවනි.පෝක් කන්න ඔබ කැමති නම් මෙහි වෙනම පෝක් මෙනු එකකුත් තියනවා.විවිද නම් වලින් යුක්තව ඔබට ඒවා ඇනවුම් කරන්න පුලුවනි.රයිස් සහ නූඩ්ල්ස් මෙනු එකේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 350ක් වගේ මිලක් වෙනවා..ඊට අමතරව නාසිගුරන් සිංගපෝර් නූඩ්ල්ස්,සී ෆුඩ් නූඩ්ල්ස් ,මී ගුරං වගේ කෑම 400-600 ත් අතර මිල සීමාවේ පවතින්නේ.මේ අවන්හලේ බර්ගර් සහ සැන්ඩ්විච් මෙනු එකකුත් තියනවා.ඒ වගෙම විවිද ආකාරයට හදාපු ඩෙසර්ට් කැමති විදියකට අරගන්න පුලුවනි.ගොඩක් මේ මෙනු එකේ කෑම අපි නිතර ආහාරයට ගන්න ඒවා නෙවෙයි.

flag6

සමස්ථයක් විදියට කියනවා නම් මෙතන කෑම වල මිල නම් ටිකක් වැඩියි.දෙදෙනෙක්ට ආහාර ගන්න රුපියල් 3500ක් වගේ මිලක් යාවි.ප්‍රමාන අතිනුත් ලොකුවට පෝශන් එක ලැබෙන්නේ නෑ.කෑම වල රස හොඳයි.කැම වේල ගැන ඔබ පසු තැවෙන එකක් නෑ.flag3

සේවාව

මෙහි සේවාව උපරිම මට්ටමේ එකක්.මේ මෙනු එකේ ගොඩක් කෑම වර්ග ඔබ නොදන්න ඒවා වෙන්න පුලුවනි.නමුත් මෙහි වැඩ කරන අය මෙහි එන අයට ඒ කෑම ගැන හොඳ දැනුවත් කිරීමක් කරනවා.ඒ වගෙම ඔබගේ කැමැත්ත පරිදි රසවත් කෑම ‍තෝරාගන්නට මෙහි ඉන්න අය උදව් වෙනවා.කැම පිඟානට එන විදියත් අලංකාරයි.ඔවුන් ඉතා අලංකාරවත්ව එය පිලියෙල කරලා තියෙනවා කියන්න පුලුවනි.ඔබ මේ මෙනු එකෙන් කෑම ඇනවුම් කලොත් ඉතා ඉක්මනින් ඒ කෑම මේසයට එනවා.ඒ නිසා ඒ ගැන පසුතැවෙන්න වෙන එකකුත් නෑ.

මග

මෙතනට කො‍ටුව පැත්තේ ඉඳන් එනවා නම් කොටහේනේ ශාන්ත අන්තෝනි පල්ලිය ගාවට ඇවිත් එතනින් ඉදිරියට තියන ශ්‍රී රාමනාදන් පාරේ මීටර් 750ක් විතර ගියහම පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.මේ ගොඩනැගිල්ල මුදුනේ SETMIL නමින් ලොකුවට දර්ශනය කරල්ලා තියනවා.එය තමයි මේ අවන්හල කරගෙන යන මව් ආයතනය.

මේ අවන්හල දිවා සහ රාත්‍රී වරු වලට විවුර්ථයි.දහවල් 11 ඉඳන් 2.30 වෙනකනුත් රාත්‍රියට සවස 5 ඉඳන් 11 වගේ වෙනකනුත් මේ අවන්හල විවුර්ථයි.මෙහි ලිපිනය වෙන්නේ පස් වෙනි මහල සෙට්මිල් මැරිටයිම් සෙන්ටර් කොලඹ 15.ඔබ මෙහි එනවා නම් වැදගත් විදියට එන්න වෙනවා.කොට කලිසම් මිනි ස්කර්ට් වගෙම සෙරෙප්පු දාගෙනත් මෙහි ඇතුල් වෙන්න බෑ.මෙහි දුරකථන අංකය වෙන්නේ 0112485500.ඔය අංකයට කතා කරලා කලින් ටේබල් එකක් වෙන් කරගන්නත් පුලුවනි.ටිකක් වෙනස් විදියේ අත්දැකීමක් ගන්න රාත්‍රී ආහාර වේලකට ඔබ මෙහි ඇවිත් යන්න.අවට දර්ශනයත් එක්ක අමතක නොවෙන ආහාර වේලක රසය ඔබට මේ Flag and whistle අවන්හලට ආවොත් විඳගන්න හැකිවේවි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *