කන්න බොන්න කලින් එන්න

Diyaluma Falls In – Koslanda දියලුම බලන්න යනවා නම් කන්න දියලුම ෆෝල්ස් ඉන්

banner

සුන්දර දියලුම බලන්න යනවා නම් ඒ පැත්තෙන් කන්න තැනක් හොයාගන්න එකක් ටිකක් විතර අමාරුයි. මොකද ගොඩාක් කෑම කඩ පිහිටන්නේ නෑ ඒ පැත්තේ. ඒත් දියලුම පිහිටා තියෙන කොස්ලන්ද නගරයට කිට්‍ටුවෙන්ම තියන අවන්හලක් තමයි දියලුම ෆෝල්ස් ඉන් කියන්නේ.

වටපිටාව

diyaluma1

මෙතන වටපිටාව තමයි සුවිශේශී වන්නේ. පූනාගල කන්දෙන් ගලා බසින ලංකාවේ දෙවෙනියට උසින් පිහිටි දියලුම ඇල්ල පෙනෙන මානයේ තමයි දියලුම ෆෝල්ස් ඉන් පිහිටා තියෙන්නේ.මෙහි ඔබට අවන්හලක් වගේම කාමර පහසුකම් සපයා ගන්නත් පුලුවන්. පැය විසි හතරේම විවුර්තයි. ඒ වගේම වයිෆයි පහුකමින් යුක්තයි.ආයෙත් කියන්න ඕනි මෙහි පිහිටීම අනුව දිය ඇල්ලේ දර්ශනය ඉස්තරම්. ඒ නිසයි ඔබ මෙහි පැමිනිය යුත්තේ.අවන්හලේ කවුලුවක් අසල මේසයක් ‍තෝරගන්න. එය දිය ඇල්ලේ සුන්දර දසුන නරඹමින් ආහාරය ගැනීමට අපි ඔබට යෝජනා කරනවා. ඇත්තටම එය හොඳ අත්දැකීමක්.

ඒත් මෙහි අවන්හල අවට පිරිසිදු බව ගැන නම් එතරම් අපේ පැහැදීමක් නෑ.එය හොඳින් පවත්වාගෙන යන්නේ නැතුවා වාගෙයි. මේස පු‍ටු උනත් ඒතරම් හොඳීන් සකස් කර නෑහැ.

බඩජාරි මෙනුපත

diyaluma2

මෙහි උදෑසන දිවා රාත්‍රී විදියට ඕනෑම වෙලාවක ආහාර ගන්න පුලුවන්.අපි ආහාරයට ගත්තේ සාමාන්‍ය රයිස් ඇන්ඩ් කරි. එය සුපිරිම මට්ටමේ නම් නෑ. සාමාන්‍ය රසයක්.කිවිය යුතු විශේශයක් නෑ.මෙහි ෆ්‍රයිඩ් රයිස් නාසි වගේ ඒවත් ගන්න පුලුවන්. ඒත් ඒවා ගෙවන මිලට නියමිත රස නම් ලැබෙන්නේ නෑ. කැම ගැන නම් ඒ තරම් හොඳක් කියන්න බෑ. ෆ්‍රයිඩ් රයිස් නාසි 400-500ත් අර්හර මිල වෙනවා. රයිස් ඇන්ඩ් කරි 300-400 අතර මිලකට මස් මාලු බිත්තර විදියට ගන්න පුලුවන්.විවිද සුප් වර්ගහත් මෙහි තිබෙනවා. ඒ වගේම කෝපි වීදුරුවක් උනුසුම්ව බොනවා නම් ඒත් කදිමයි සීතලට.ඒත් එහි රස කොහොමද කියන්න අපි දන්නේනෑ.ඒ වගේම පලතුරු බීමත් මෙහි ගන්න පුලුවන්. දොඩම් යුශ වීදුරුවක හොඳ රසක් තියෙනවා. සමහර විට ඒ වා නම් මේ අවටින් ගන්න ඒවා වෙන්නත් පුලුවන්.

මෙහි බියර් සහ මත්පැන් වර්ගත් ගන්න පුලුවන්. එහි ගනන් නම් සාධාරනයි.
සේවාව

මෙහි සේවව නම් සතු‍ටු වෙන්නම බෑ. ඔවුන් කිසි උනන්දුවක් තමුන්ගේ සේවාදායකයන්ට දක්වන්නේනෑ. ඒ වගේමයි කෑමට දෙන පිඟන් වීදුරු ගැනවත් ඔවුන්ට කිසි සැලකිල්ලක් නෑ. වීදුරුවක කැරපොත්තෙක් හිටියොත් ඔබ පුදුම වෙන්න එපා. ඒ තරමට ඔවුන් අවදානයක් නෑ.

මග

මෙතනට එනවා නම් කොලඹ ඉඳන් බදුල්ල පාරේ ඇවිත් බෙරගල හඳියෙන් දකුනු පැත්තට තියෙන කොස්ලන්ද පාරේ හරියටම කිලෝ මීටර් 24ක් එන්න ඕනි.එහෙම එනකොට දෞනු අත පැත්තේන් ඔබට දියලුම ඇල්ලත් එක්කම පෙනේවී මේ අවන්හල

ඔබත් මෙහි ඇවිත් ආහ්ර අරන් අපිට දැනුම් දෙන්න විස්තර. අපි මෙහි යාවත්කාලීන කරන්නම් විස්තර.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *