කන්න බොන්න කලින් එන්න

Curry Dish – Nugegoda ( කරි ඩිශ් )

banner

නුගේගොඩ නගරයේ තියන තවත් එක කැම කඩයක් තමයි කරි ඩිශ් කියන්නේ. ඔවුන් සීමිත මෙනුවකට ආහර පිරි නමනවා. ඒ වගේම ටේක් අවේ කරන්නත් පුලුවන්. උදෑසන එකොලහ හමාරේ ඉඳන් ‍රැ නවය විතර වෙනකන් ඔවුන් විවුර්තයි

වටපිටාව

currydish1

මෙතන ඉඩ කඩ නම් ඉතාම සීමිතයි. පැති බිත්තියකට වෙන්න දැමූ දිග මේසයකට ස්ටූල් හතරක් සහ කුඩා මේස දෙකකට මෙහි ඉඩ ඇහිරිලා. මේසයක උනත් වාඩි වෙන්න පුලුවන් දෙදෙනෙකුට පමනයි. ගොඩක්ම හොඳ ආහාර ටේක් අවේය් කරන්න තමයි. මෙහි කුස්සිය පිටිපසට වෙන්නට තිබෙන්නේ. උයන දේවල් ඔබට එවෙලෙ බලාගන්න පුලුවන්. ඒ වගේම කුස්සියත් පිරිසිදුයි. කෑම උනත් පිරිසිදුවට තියනවා.

බඩජාරි මෙනු පත.

මෙහි රයිස් ඇන්ඩ් කරි 120 ට එලවලු එකක් 140ට එග් මාලු නම් 150 චිකන් 160ක් වෙනවා. ටිකක් වැඩිපුර ප්‍රමානෙන් ගන්නවා නම් තවත් රුපියල් 20ක් වැඩි වෙනවා.මෙහි බුරියානි එකක් 310ක් එහි ලොකු ප්‍රමානයේ එකක් 350ක් වෙනවා.අපි මෙහි රස බැලුවේ ලාබම ෆ්‍රයිඩ් රයිස් එකක්.එය මිල රුපියල් 140යි. සම්බා හාලෙන් තමයි එය සාදලා තිබුනේ. ලොකුම අවුල එය චිකන් ෆ්‍රයිඩ් රයිස් උනත් එහි චිකන් කෑලි ගොඩාක් අඩුයි. ලාවට ගැවෙන්න තිබුනේ.නමුත් රස හිඳයි. අජිනමොටෝ නම් ටිකක් වැඩියි වගේ. ඒත් රස හොඳ මට්ටමක තිබුනා. මෙහි ෆ්‍රයිඩ් රයිස් ගන්න ව නම් චිකන් එකක් 260ට තිබෙනවා. එහි තත්වය කොහොමද නම් දන්නේ නෑ.එහිත් විශාල ප්‍රමානයේ එකක් 320යි. මෙහි ආප්පයක් 10යි බිත්තර ආප්පයක් 25. ඒ ගානට නම් ඉතා සාධාරනයි. පරාට එකක් 20ක් සහ බිත්තර රොටියක් 40. චිකන් හොඳි සමග එග් රොටි එකක් කාලා බලන්න. ඉතා රසවත්. හොද්ද පදමට උකුයි. එය ඔබේ රස නහර පිනා යනවා නියතයි.
මෙහි හම්බෙන පෝශන් නම් සාමන්‍ය මට්ටමේ තියෙන්නේ. ලොකු බඩජාරියෙක්ට නම් අපි කියන්නේ ලොකු ප්‍රමානේ පිඟනකට යන්න කියලා.මෙහි ෆෘට් සැලඩ් එහෙමත් තියනව. ඒකක් 150යි. අයිස් ක්‍රීමුත් ඕනි නම් තව රුපියල් විස්සයි යන්නේ..

සේවාව

currydish2

ඔවුන් ඔබට ඉල්ලන දේ එවෙලෙයි හදලා දෙන්නේ. ඉතින් කුස්සිය පැහැදිලිව පේනවා. ඉතින් කලින් කිව්වාත් වගේ කෑම පිරිසිදුයි.වැඩි වෙලාවක් යන්නේත් නෑ කෑම එකක් ලබා ගන්න.සේවව ලොකු විශේශයක් නෑ . හොඳයි

ගමන් මග.

මේක තියෙන තැන නම් හොයා ගන්න ඉතාම පහසුයි. කොලඹ ඉඳන් එනවා නම් නුගේ ගොඩ පාලම පහුකල ගමන් තියන හෝල්ට් එක.එතනමයි කරි ඩිශ් එක පිහිටන්නේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *