කන්න බොන්න කලින් එන්න

Copper Chimney – Slave Island ඇති මුදලට රයිස් එකක් නම් කොපර් චිමිනි

banner

කොපර් චිමිනි කියන්නේ හුනුපිටියේ ගංගාරාමේ කිට්‍ටුව තියන පුන්චි රයිස් කඩයක්.රයිස්ම විතරයි.මෙහි අයිතිකරු නිශාන්ත අබේසේකර.ඔහුගේ ගොඩක් කාලෙක ඉඳන් තිබ්බ හීනයක් තමයි කොපර් චිමිනි නමින් මේ විදියට අවන්හලක් ලෙස එලි දකින්නේ.ඒ 2002 අවුරුද්දේ.ඔවුන් සතුව තවත් කුඩා අවන්හල් තුනක් පවත්වගෙන යනවා. ඒ නුගේගොඩ කෝට්ටේ සහ කොලඹ 07. කොහොම උනත් මේ තරම් අඩු මිලකට ගන්ගාරාමේ හරියෙන් රයිස් එකක් කන්න නම් මෙතන විතරයි කිව්වොත් හරි.

වටපිටාව

මෙතන ඉඩ පහසුකම් නම් ඉතා සීමිතයි.පුංචි ඉඩක ස්ටූල් තියලා තමයි තියෙන්නේ.කන්න වෙන්නේ පිඟානක් අතේ තියාගෙන .ප්‍රිසිදු කම ගැන කියන්න තරම් වරදක් නෑ.මෙහි කුස්සියත් ඇතුලතම පිහිටන්නේ.උයන කරන හැටි බලාගන්නත් අපහසුවක් නෑ.

බඩජාරි මෙනුපත

copper3

මෙතන මෙනු එක සුවුශේශී එකක්. අපි කලින් කිව්වා වගේ රයිස් විතරයි.ඒවගේ නම් අමුතුයි.ක්‍රයිසිස් ,දුප්පතාගේ හිතවතා කාගෙත් සුන්දරී හොදි ඕන් නෑ නමින්.ක්‍රයිසිස් 80යි.බත් එකට සුදුලූනු සහ කරපින්චා යහමින් ඇතුව චිලිපේස්ට් සහ තක්කාලි සෝස් ලැබෙනවා.ප්‍රමානේ නම් ටිකක් පොඩියි.දුප්පතාගේ හිතවතා රුපියල් 100ක් වෙනවා. ඒකේ චිකන් කැල්ල fried guzzard එකක් තමයි බත් එකට හම්බවෙන්නේ.කාගෙත් සුන්දරිත් ඒ ගනන්මයි.ඒකට ෆ්‍රයි කල බිත්තරයක් හම්බෙනවා.හොදි ඕන් නෑ 130යි.බඩපිරෙන්න රයිස් එක්ක ලොකු චිකන් කැල්ලක් හමබවෙනවා.

copper2

කැම වල රසය හොඳයි.ලුනු රස ගානට. රයිස් රසයේ වෙනසක් නෑ.තෙල් ගතියත් වැඩිම නෑ.කොහොම උනත් රයිස් එක හදන තෑන් අජිනමොටෝ එකෙන් නම් රයිස් එකට ටික ටික ඇඩ් වෙනවා. ඒක තමයි අවුලකට තියෙන්නේ.ඔවුන්ගේ චිලි පේස්ට් එකත් රසයි. තක්කාලි සෝස් එකත් වරදක් නෑ.

සේවාව

මෙතන දිවා වරුවට කෑම පැයේ එහෙම නම් ටිකක් කාර්‍ය බහුලයි.පොඩි පඔලිමක කට්ට කන්නත් වෙන්න පුලුවන්.රයිස් එක පාර ටිකක් වැඩිපුර දාන හඳා ඉකමන්ට ගන්න පුලුවන්.සෙනග වැඩි නම් ටිකක් පරක්කු වෙනවා.සේවාව කියන්න තරම් අවුලක් නෑ. සෝස් වලට එහෙම ආස නැත්නම් ඔවුන්ට කියලා ඒවා නොදා කෑම ගනත් පුලුවන්.ඔවුන් දිවා කාලයට විතරයි සේවය සපයන්නේ .උදේ එකොලහේ විතර ඉඳන් සවස 3න වෙනකන් වගේ මෙතන විවුර්ථයි.

මග

මෙතනට එනවා නම් හොයාගන්න පහසුයි.ගන්ගාරාමේ පැත්තේ ඉඳන් එනවා නම් ඒ කිට්‍ටුවම තියන හුනුපිටිය පාර කෙලවරට එන්න ඕනි රාමනායක මාවත මුනගැහෙනකන්.ඒ හඳියෙමයි මේ අවන්හල පිහිටන්නේ

ඉතින් ඔයගොල්ලොත් අතේ ඇති මුදලට කෑම එකක් කන්න මේ පැත්තේ ආවොත් ඇවිත් යන්න හොඳ තෑනක් තමයි කොපර් චිමිනි.අපි නම් කියන්නේ අරන් ගිහින් කන්න.මොකද මෙතන ටිකක් කලබලකාරී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *