කන්න බොන්න කලින් එන්න

නුගේගොඩ විජේරාමේන් බඩ පිරෙන්න රසවත් කැම වේලක් කන්න Cafe By Boo Nugegoda

banner

අද අපි කියන්න යන්නේ නුගේගොඩ විජේරාමේ කිට්‍ටුව තියෙන අවන්හලක් ගැන.මෙය නමින් කැෆේ බයි බූ.නුගේගොඩ විජේරාමේ හංදියෙන් කැම්පස් එක පැත්තට යනකොට තියන කුඩා අවන්හලක් තමයි කැෆේ බයි බූ කියන්නේ.

වටපිටාව

cafebyboo4

මෙතන ඉතා කුඩා ප්‍රමානයේ අවන්හලක්. ඇතුලත ඉතා හොඳින් පිරිසිදුව පවත්වාගෙන යනවා.මෙහි මුලුතැන්ගෙයත් ආහාර පිසින විදියත් ඔබට බාලගන්න පුලුවන්.සියලු කටයුතු පිරිසිදුව වෙන බව නම් අපිට හොඳින් පෙනෙන්න තියනවා.ඇතුලත කුඩා නිසා හොඳින් මෙහි ඇති ඒ සී එක වැඩ කරනවා.ඇතුලත සුදු පැහැ මේස සහ රතු පාටින් පු‍ටු සෙට් එකකුත් තියනවා.ඒ වගේම කුඩා ස්ටූල් වල ඉඳන් කෑම කන්න පුලුවන් වෙන විදියට ඇතුලත සකස් කරලා.ඒත් ඔක්කොම දහයකට වගේ ඇරෙන්න මෙතන එකට ඉන්දන් කන්න අමාරුයි.මොකද මේ අවන්හලේ ප්‍රමානය ඉතා කුඩා හංදා.හොඳම මෙතනින් කෑම කනවා නම් ගෙනිහින් කන එක තමයි.මෙහි පාකිං කියලා පහසුකමක් නෑ.වාහනේක එනවා නම් පාරේන් වාහනේ අයින් කරලයි එන්න වෙන්නේ.

කෑම බීම

cafebyboo2

මෙතන තැන වගේම ලොකු මෙනු එකක් නෑ.පොඩි මෙනු එකක් තියෙන්නේ.මැකරෝනි වර්ග චිකන් සහ සැමන් රසයෙන් කන්න ගන්න පුලුවන්.ඒකක් එකක් 300ක් වෙනවා.චිකන් ස්ප්‍රින්ග් රෝල් එකකුත් මෙතන ඒ ගනන්.චිකන් කොත්තුවකුත් මෙතන රුපියල් 300ක් වගේ මිලක් වෙනවා..බර්ගර් වර්ග එලවලු චිකන් බීෆ් විදියට 280-300 අතර මිල සීමාවේ තියෙන්නේ.ඒවගේම සැන්ඩ්විච් වර්ග නූඩ්ලෙස් ලසන්යා රයිස් වර්ගත් මෙතනින් ආහාරයට ගන්න පුලුවනි.මෙතන්ට ආවොත් චිකන් විංග්ස් වර්ගත් කන්න ගන්න පුලුවනි.ඒ වගෙම චිකන් රසට වගේම එලවලු රසට සුප් වර්ගත් බොන්න මෙතනින් පුලුවනි.

cafebyboo1

මේ ගොඩක් කෑම වර්ග වල මිල 300-40ත් අත.ඒ කෑම ඉතා රසවත් කියලා කියන්න ඕනි.මේ මිලට ලැබෙන ප්‍රමානයත් ඉතා ඉහලයි.මේ පෝශන් එකක් දෙදෙනෙක්ට සැහෙන තරම්.ඒ නිසා ගෙවන මිලට හොඳ සාධාරන ආහර වේලක් කන්න ගන්න පුලුවන් වෙනවා.

සේවාව

මෙතන සේවාව කියලා කියන්න තරම් විශේෂ දෙයක් නම් නෑ.ඒ උනත් ඉක්මනට කෑම ටික මේසයට ලැබෙනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ ජයවර්ධනපුර සරසවියට යන පාරේ.කොලඹ ඉඳලා එනවා නම් හයිලෙවෙල් පාරේ විජේරාම හඳියට ඇවිත් පාරෙන් දකුනු අත පැත්තට කැම්පස් එක පැත්තට මීටර් 100ක් දුරුඉන් වම්පැත්තේයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0770555666.ලිපිනය 23, සෝරත මාවත නුගේගොඩ.උදෑසන 11 ඉඳන් රාත්‍රී 10 විතර වෙනකන් මේ අවන්හල විවුර්ථයි.රුපියල් 1000ක් වගේ අතේ තියන් දෙන්නෙක්ට බඩපිරෙන්න කාල යන්න හොඳ තැනක් විදියට කැෆේ බයි බූ හඳුන්වලා දෙන්න පුලුවන්.ඔබත් බඩගින්නක් හැදුනු වෙලාවට මේ පැත්තේ ආවොත් මේ අවන්හලට ගොඩ වෙලා යන්න.එය හොඳ තේරෙමක් වේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *