කන්න බොන්න කලින් එන්න

කදුරට නැවුම් තේ කෝප්පයක රස බලන්න එන්න බ්ලූෆීල්ඩ් අවන්හලට BlueField Tea Restaurant Nuwaraeliaya

banner

නුවර ඉඳන් නුවර එලිය පැත්තට යනකොට නවතින්න පුලුවන් හොඳ අවන්හලක් ගැනයි අපි ඔබ්ට කියන්න යන්නේ.මේ අවන්හල නමින් බ්ලූෆීල්ඩ් ටී රෙස්ටොරන්ට්. බූ ෆීල්ඩ් කියන වතු සමාගම යටතේ පාලනය වෙන මේ අවන්හල තේකක් බොන්න වගේම රසවත් ආහාර වේලක් ගන්නත් හොඳ නවාතැනක්.ඔබට මෙහි ආවොත් අවන්හලට යාබදව ඇති තේ කර්මාන්තශාලාවේ තේ නිශ්පාදනය වෙන හැටිත් බලන්න යන්න අවස්ථාව හිමි වෙනවා.

වටපිටාව

bluefield2

අවන්හල පිහිටන්නේ නුවර නුවර එලිය පාර කිට්‍ටුවට වෙන්නටයි.වාහනයක් නවත්තන්න පාකිං පහසුව හොඳින් මෙහි තියනවා.අවන්හලේ එලි මහන මනස්කාන්ත විදියට සකස් කරලා තියනවා.ගාඩ්න් එක ඉතා පිලිවෙලට හොඳින් නඩත්තු වෙන බවක් හොඳින් පෙනෙන්නට තිබෙන බව කියන්න ඕනි.

bluefeild1

අවන්හල ඇතුලත හොඳින් පිරිසිදුව සකස් කරලා තියනවා.මෙහි ත්යන මේස පු‍ටු පවා ලීයෙන් කල සැපවත් ඒවා කියන්න ඕනි.මෙය මහල් දෙකකින් යුක්ත අවන්හලක්.ඉහල මහලට දර්ශනය වෙන පරිඅසර දර්ශනය මෙහි එන අයගේ කෑමැත්ත මේ අවන්හල කෙරේ තවත් වැඩි කරනවා

මෙනුපත

අවන්හල කොටස් දෙකකට තමයි පවත්වාගෙන යන්නේ.පහල කොටස තේ පානය සඳහාත් ඉහල මහල ප්‍රධාන ආහාර වේල සඳහාත් වෙන් කරලා තියන්වා.පහල මාලයේ බේකරි කෑම වර්ග සැන්ඩ්විච් කේක් වගේ කෑම ආහාරයට ගන්න පුලුවන්.මෙහේ ඇවිත් තේකක් නොබිව්වොත් නම් ලොකු අඩු පාඩුවක් වෙනව.මේ අවට තේ යායවල් වල වැඩෙන නැවුම් තේ සාරය එකතු කල තේ කෝප්පයක් කේක් කෑල්ලක් එක්ක කන්න පුලුවන් නම් එය ඉතා රසවත් අත්දැකීමක් කියන්න පුලුවන්.

bluefield23

ඉහල මහලේ කෑම බුෆේ ක්‍රමයට තමයි තියෙන්නේ.රය්ස් ඇන්ඩ් කරි නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකක් කැමති විදියට බෙදාගෙන කන්න අවස්ථාව තියනවා.මේ බුෆේ එකක් එක්කෙනෙකුට දාහකට අඩුවෙන් කන්න ගන්න පුලුවන්.

bluefield235

සේවාව

මෙහි සේවාව ගැන ඒ තරම් ලොකුවට කියන්න දෙයක් නෑ.ටිකක් වැඩිපුර සෙනග ගැවසෙන දවසට නම් සේවාව ඉතා සෙමින් සිදුවන්නේ.ඉහල මහලේ නම් බුෆේ එක නිසා ඒ තරම පරක්කු වීමක් නෑ.මෙහි වැඩ කරන අය තමන්ගේ පාඩුවේ වැඩ.

මග

මේ අවන්හල පිහිටන්නේ මහනුවර ඉඳන් නුවර එලිය්ට එනකොට රම්බොඩ කියන ප්‍රදේශයේ.රම්බොඩ දිය ඇල්ල පෙනෙන හරියේ ඉඳන් කිලෝමීටර් තුනක් විතර නුවර එලිය පැත්තට එනකොට පාරෙන්වම් අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ

BlueField Tea Restaurant එකට එන එක ටිකක් වෙනස් අත්දැකීමක් ඔබ සැමට ගෙනදෙනවා නිසැකයි..මොකද ඔවුන්ගේ තේ කර්මාන්තශාලවත් බලාගන්න පුලුවන්.ඒ වගෙම මේ නැවුම් තේකක රස බලන්නත් ඔබට පුලුවන්.ඒ වගෙම මෙහි ඇති රසවත් තේ වර්ග ඔබට මිලට ගන්නත් මෙහි ආවොත් ඔබට හැකි වෙනවා.ඉතින් ඔබත් මේ පැත්තේන් ආවොත් බ්ලූ‍ෆිල්ඩ් තේ අවන්හලට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *