කන්න බොන්න කලින් එන්න

Big Bite Restaurant Nugegoda ( බිග් බයිට් )

banner

බුරියානියක් කන්න හොඳ තැනක් මතක් කලොත් අගනුවර කඩ අතරින් ගොඩ දෙනෙක් නම් කරනා මුල් බුරියානි කෑම කඩ අතරේ මතකෙට එන තැනක් තමයි බිග් බයිට්.මෙහි අයිතිකරීත්වය හිමිවෙන්නේ පකිස්තානු ජාතිකයන්ට.එය බිග් බයිට් හි කෑම රස ශ්‍රීලාංකීය රසයෙන් වෙන් කරන්න ලොකු හේතුවක් වෙන්න ඇති.බඩජාරි ගොඩක් අය අතරේ රස රහස් මවන බිග් බයිට් රස විඳගන්නට අපිත් ගියා බිග් බයිට් නුගේගොඩ පාලම යට තියන බිග් බයිට් අවන්හලට.

ඔවුන්ගේ බිග් බයිට් යන නාමයෙන් කෑම කඩ 4ක් කොලඹ පවත්වාගෙන යනවා.ඒ රාජගිරිය, ගල්කිස්ස සහ නුගේගොඩ අවන්හල් දෙකක්.අපි ඇතුල් උනේ නුගේගොඩ පාලම යට තිබෙන බිග් බයිට් එකට.

වටපිටාව.

bigbite3

මේ අවන්හල එතරම් ප්‍රිය උපදවන තෑනක් නම් නෙවෙයි පෙනුමට නම්. ඇතුලට වෙන්න කලුවරයි.දිගු ලී මේස සමග ලී පු‍ටු බන්කු වලින් සමන්විතයි.මෙහි වහල ටකරන් වලින් සදලා තියෙන්නේ.වැස්ස වහින වෙලාවක කොහොම තියේවිද යන්නත් ප්‍රශනයක්.ඇතුලත හරිම අපිලිවෙලයි..  වට පිටාව ගැන නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි.අපි මෙහි ඇතුල් උනේ රාත්‍රී නවයට පමන. ඒ වෙලාවට මෙහි කිසිම කාර්‍ය බහුල ගතියක් නම් නෑ.එහි සේවය කරන්නන් ලෙස තිදෙනෙක් සිටියා.ඔවුන් වුර්තිමය ගතියක් නැහැ. සාමාන්‍ය හෝටලයක සේවකයන් වගේමයි.කිසි වෙනසක් නෑ.

බඩජාරි මෙනුපත

අපි බුරියානියක් සහ චිකන් බාබකිව් බුරියානියක් ඕඩර් කලා.කෑම මෙසේට එන්න වැඩි වෙලාවක් ගියේ නම් නෑ.ඒවා කලින් සකස් කරලා විශාල ඇලුමිනියම් භාජන වල දමා තියෙන්නේ යටින් උඳුනක් සහිතව.විනාඩි පහෙන් කෑම මේසයට ආව.. මේ අප මෙතනට ලඟා උනු වෙලාව නිසාද නම් දන්නේ නෑ.අප දැනසිටි විදියට බිග් බයිට් කියන්නේ ජනප්‍රිය තැනක්.එහෙම හැනක් කලාලයක් නැති එක ප්‍රශ්නයක්.බුරියානියේ රස අප වෙනත් කඩේකින් රස බලන රසයට වඩා වෙනස් රසකින් යුක්තයි.එය පකිස්තාන් ක්‍රමයට බුරියානියේ රස වෙන්න පුලුවන්. අපිට ඒ රස ගැන හරියටම කියන්න දැනුමක් නෑ.ඒ වගේම කියන්න ඕනි මේ බුරියානි එක ලොකු විශේශත්වයකුත් නෑ. මේකක් 280ක් වෙනවා.ඒ වගේම බාබකිව් බුරියානිය 450ක්. එහි බත් හොඳ හැටි තිබුනා.. අප දෙදෙනෙකුට ප්‍රමානවත්.එහි රස චිකන් බුරියානියට වඩා රසින් වැඩියි.මෙහි මට්න් බුරියානියක් 500ක් වෙනවා. එහි රස ගැන නම් සහතිකයක් දෙන්න අපට බැහැ.කොහොම උනත්ලකුනු ගොඩක් දෙන්න පුලුවන්ද යන්න ප්‍රහ්නයක්. ඔවුන් කඩේ නාමය නිසාවෙන් බුරියානියේ රසවත් බව අඩු කරගෙනවත්ද යන්න ප්‍රශ්නයක්.කොහොම උනත් ඒ බුරියානිය හොඳයි.ඒත් සුපිරි කියන්න බෑ.

 

මෙහි කඩේ ඉදිරිපස බෝඩ් ලෑල්ලක ෆ්‍රයිඩ් රයිස් එකක්250කට ලබා දෙන බවත් දන්වා තිබුනා.ඒ වගේම චිකන් බබකිව් ෆ්‍රයිඩ් රයිස් එකක් 450යි.මට්න් ෆ්‍රයිඩ් රයිස් එකක් 500යි.මෙහි ඩෙසර්ට් ලෙසට ගන්න නම් දෙයක් නෑ. පානයට බීම වර්ග යම් ප්‍රමානයක් තිබෙනවා.

සේවාව

කියන තරම් ලොකු දෙයක් නෑ.අප දෙදෙනෙකුට එකක් ලෙස ගත් බබකිව් බුරියානිය පිඟන් දෙකකට ඉල්ලා සිටියා.ඔවුන් අපට කිසි පැකිලීමකින් තොරව එලෙස ලබා දුන්නා.එය දෙදෙනෙකුට ප්‍රමානවත් . නමුත් අවසානයේ අපට සේවය දුන් කෙනා ඇසුවා තවත් බත් අවශ්‍යද කියා.එය හොඳ ලක්ශනයක්
මග

මෙතනට එනවා නම් තැන හොයාගන්න ලේසී.තියෙන්නේ නුගේගොඩ පාලම යට .කොලඹ පැත්තෙන් ඉඳන් එනව නම්වම් අත පැත්තෙන් පාලම ආරම්භ වන හරියේ මදක් ඉස්සරහින්.ඇවිත් එහි බුරියානි රසයත් ඔබ අත් විඳින්න.Big Bite Restaurant Nugegoda කෑම වල හොඳ නරක අපත් සමග බෙදා ගන්නත් මතක කරන්න එපා


Comments to Big Bite Restaurant Nugegoda ( බිග් බයිට් )

  • mn kalekata kalin thamai big bit eken kewe.mata echarama loku rasak therune ne .thena nan pirisidu ne dawa welawata.kanna thenak nethi nisa thamai ethanin kewe.:(

    MIHIPALI March 8, 2016 10:40 am Reply
  • Ela ela. Kala horen pada yaeana hatith dapan

    gtrz March 22, 2016 8:47 am Reply
  • මම නම් එකපාරයි කෑවේ. මල ජරාවක්

    Amila December 13, 2016 4:23 pm Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *