කන්න බොන්න කලින් එන්න

Angel Cupcakes – Battaramulla බත්තරමුල්ලේ රසම රස කප් කේක් අවන්හල

banner

කප් කේක් කන්න ගොඩ දෙනෙක් ආසයි.ඉතින් රසම රස කප් කේක් අලෙවි කරන පුන්චි පහේ අවන්හලක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.මේ තැන නමින් ඒන්ජල් කප් කේක්.තියෙන්නේ බත්තරමුල්ල පැලවත්තේ.වැඩි දෙනෙක් අතර ජනප්‍රිය නැතත් ඔබ එක පාරක් ඇවිත් රස බැලුවොත් ආයෙත් එන්න හිතෙන තැනක් තමයි මේ ඒන්ජල් කප් කේක් අවන්හල.

වටපිටාව

angel

මේ අවන්හල පිහිටන්නේ පැලවත්තේ.පාර්ලිමේන්තු පාර අභියසමයි.ඉතින් මේ අවන්හලට වාහනේකින් ආවොත් පාකිං පහසුකම් නම් නෑ.වාහනේ වෙන කොහේ හරි නවත්වලයි එන්න වෙන්නේ.මේ අවන්හල කුඩා තැනක්.ඉතා අල්ංකාර ලෙස මේ අවන්හලේ ඇතුලත වගේම පිටතත් නවීන විදියට නිර්මානය කරලා තියනවා.අවන්හල ඉදිරියේ ඔවුන්ගේ ලූගෝ එක හැඩයට සකස් කල නාම පුවරුවත් එක්ක අවන්හලේ ඉදිරි පස චොකලට් පාටින් වර්න ගන්වලයි තියෙන්නේ.ඇතුලත රෝස සහ සුදු පාටින් යුක්ත බිත්තිය කප් කේක් අවන්හලට අමුතු අලංකාර්යක් එක් කරලා තියනවා.

angel

ඔබ මෙහි පැමින කප් කේක් එකක් කනවා නම් පොඩි ස්ටූල් තියලා තියනවා.ඒ මත හරි අවන්හල ඇතුලත ඇති සැප පහසු සෝෆා එකේ හරි හිඳගෙන කප් කේක් කන්න පුලුවන්.ගොඩක් වෙලාවට මෙතන එච්චරම කාර්‍ය බහුල නොවන නිසා මෙතන් ඉඳගෙන කප් කේක් එකක රස බලන එක ඒ තරම් අවුලක් නෑ.

මෙනුපත

angel4

මෙතන රසම රස කප් කේක් කේක් කුකීස් සහ බ්‍රවුනීස් කන්න ගන්න පුලුවනි.ගෝක් කප් කේක් වර්නවත්.මේ කප් කේක් වර්ග ගොඩක් ඒවා ඉතාම රසවත්.අපිට තේරුනු දෙයක් තමයි මේවට යොදන රස කාරක වර්ග නියම වර්ගයේ ඒවා.මෙහි කප් කේක් අතරින් Chocolate Hazelnut එක හොඳ තේරීමක්.එය ඉතා මෘදුයි.රසට හැපෙන විට වෙනස්ම චොකලට් රසයක් දැනෙනවා.කටට කෙල උනන සුලුයි.මේ වගේම යි මේ කප් කේක් වර්ග ගොඩක්.ඉතින් ඔබ මෙහි ආවොත් The Oreo Cookie , The Creamy Chocolate Ganache වගේ කප් කේක් වර්ගත් උත්සහ කරන්න හොඳ ‍තෝරාගැනීම් කිව්වොත් හරි.මේ Oreo Cookie කප් කේක් එක ක්පෛ හා කැරමල් මුසු වෙලා වෙනස්ම රසයක් ගෙන එනවා.

angel2

ඔබ මෙහි ආවොත් රස බලන්න තවත් හොඳ තේරීමක් විදියට ඩබල් චොකලට් චිප් කේක් එකත් කියන්න පුලුවන්.මෙහි එන ගොඩ දෙනෙක්ගෙත් රසවත් තේරීමක් තමයි මේ චිඔකලට් චිප් කේක් එක.ඒවගෙමයි කොෆී කේක් එකත්.රසවත් නියම කෝපි සාරය එක්ක මෘදුවට හැපෙන කේක් රසයට රස නහර පිනා යනව නො අනුමානයි.

angel1

මේ රසවත් කප් කේක් එකක් එක්ක උනු උනුවට cappuccino එකක් බොන්න.ඔබ නැවතත් මෙහි එනවා විශ්වාසයි මේ රස නැවත වරක් රස විඳින්නට.මේ කප් කේක් අවන්හලේ ඇවිත් රස බලන්න දෙන්නෙක්ට රුපියල් 500ක් වියදම් කරනකොට පුලුවනි.එයත් එක් විශැශත්වයක් වෙන්නේ අගනුවර ගොඩක් කප් කේක් අවන්හල් වල මිල ටිකක් ඉහලයි.

සේවාව

මෙහි සේවාව ගැන විශේශයෙන් කියන්න දෙයක් නෑහැ.සාමානය හොඳ මට්ටම්ක පවතිනවා.ඔවුන් නිවසටම කප් කේක් ඩිලිවරි කර ඩෙනවා.ඔබට තියෙන්නේ ඔවුන්ගේ ෆේස්බුක් පි‍ටුවට කෙටි පනිවිඩයක් හරි 0775735819 කියන අංකයට ඇමතුමක් ලබා දෙන්න හරි විතරයි.ඉතා හුරු බුහුටි ඇසුරුමක රසවත් කප් කේක් එකක් ගෙදරටම ගෙන්න ගන්න ඔබට එහමත් පුලුවනි.

මග

මෙතන පිහිටන්නේ පැලවත්තේ .පැලවත්ත හංදියේ ඉඳන් පාර්ලිමේන්තු පාර දිගේ මීටර් තුන් සීයක් විතර ඉස්සරහට ආවහම පාරෙන් දකුනු අත පැත්තෙයි මේ පුන්චි අවන්හල පිහිටන්නේ.IWMI ආයතනයට පූඩක් එහා පැත්තෙන් තියෙන්නේ.හොයා ගන්න අමාරු වෙන එකක් නම් නෑ

මෙතන දුරකථන අංකය වෙන්නේ 0775735819.ඉරිදා හැර අනික් සතියේ දවස් වල උදේ 9.30 ඉඳන් සවස 6.30 වෙනකන් මෙතන විවුර්ථව තියෙනවා.ඔබත් මේ පැත්තේ ආවොත් රසවත් කප් කේක් එකක් කන්න Angel Cupcakes අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *