කන්න බොන්න කලින් එන්න

මීපේ හංදියේ සුපිරි කොත්තු අවන්හල Amavi Family Restaurant – Meepe

banner
කොලඹ නගරයේ ඉඳන් හයිලෙවෙල් පාරේ අවිස්සාවේල්ල පැත්තට යනකොට මීපේ හංදියේ පිහිටන අවන්හලක් ගැන විස්තර කියන්නයි අපේ සූදානම.මේ අවන්හල නමින් අමාවි ෆැමිලි අවන්හල.පිහිටන්නේ හරියටම මීපේ හංදියේ.ඔබ මේ අසලින් ගමන් කරනවා නම් කෙටි කෑම වේලක් වගේම ප්‍රධාන ආහාර වේලක් ගන්න උනත් මේ අවන්හල හොඳ තේරීමක්
වටපිටාව
හයිලෙවෙල් පාර අද්දරටම වෙන්න පිහිටන මේ අවන්හලේ පාකිං පහසුව නම් වාහන දෙක තුනකට තමයි ප්‍රමානවත් වෙන්නේ.නිතරම වාහන නැති නිසා ලොකු අවුලක් නෑ.අවන්හල ඇතුලට පාරේ තියන කලබල ගතිය වගේම රස්නෙ ගතියත් නොදැනෙන විදියට ඇතුලත සකස් වෙලා.ඇතුලේ හොඳින් ක්‍රියාත්මක ඈ සී එකක් පිහිටනවා.ඒ වගෙම අතුලත ඉතා පිරිසිදුව පවත්වාගෙන යනවා.අවන්හල ඇතුලත ටිකක් විතර ඉඩ ඇහැරිච්ච ගතියක් තියෙන්නේ.ඇතුලත බිමට ටයිල් අල්ලලා.මෙහි මේස සහ පු‍ටු එතරම් සැපවත් ඒවා නම් නෙවෙයි.
කෑම බීම
මේ අවන්හලේ ශෝට් ඊට්ස් වගේම ප්‍රදාන ආහාර කොත්තු පීසා වගේ කෑම තියනවා.ඔවුන් සතු බේකරියේ මේ කෙටි කෑම වර්ග හැදෙන්නේ.මෙහි කුස්සිය හොඳින් පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේනවා. ප්‍රධාන ආහාර වේලට ෆ්‍රයිඩ් රයි වර්ග වගේම බත් සහ මාලුව කෑමට ගන්නත් පුලුවන්.මෙහි ප්‍රදානම දේ පීසා එකක් උනත් සවස් වරුවකට හෝ රාත්‍රී කෑම වෙලකට කන්න ගන්න පුලුවන්.චිකන් සොසේජස් ‍ෆිශ් සහ වෙජිටේරියන් විදියට මෙහි පීසා ඇනවුම් කරන්න හැකියි.
මෙතන කොත්තුවත් ඉතා රසවත් එකක් කියන්න ඕනි.උනු උනුවට පිරිසිදුව හැදෙන මේ කොත්තුව මෙහි ඔබ සවස් වරුවකට ආවොත් උත්සහ කර බැලිය යුතුම එකක්.
මිල ගනන් බැලුවොත් සාමන්‍ය ප්‍රමානයට ප්‍රමානයට වඩා ටිකක් විතර වැඩි පැත්තට තමයි.
සේවාව
මෙහි ඉන්න සේවක මංඩලය එකම පාටින් ඇඳගෙන සංවිදානාත්මක බවක් පෙන්නන්නවා.කොහොම උනත් ලොකු ආචාර ශීලි සහ සුහදශීලී බවක් සේවකයන් ගෙන බලාපොරොත්තු වෙන්න බෑ.ඒ උනාට ඔබට කරදරයක් නැතුව ඔබ කෑමති කෑම වෙලක් මෙහි ආවොත් ලබා ගන්න පුලුවන්.කෑම ඇනවුම් කරලා වැඩි වෙලාවක් යන්න කලින් කෑම මේසයට එන නිසා හදිසි බඩජාරියෙකුට උනත් මේ තෑනට ආවොත් වැඩි පරක්කුවක් නැතුව කෑම ගන්න හැකියාව තියනව.
මග

කොලඹ ඉඳන් අවිස්සාවේල්ල  පැත්තට යනවා නම් පාරේ දුකු අතට වන්නට මීපේ හංදියේම තමයි මේ Amavi Family Restaurant එක පිහිටන්නේ.ලොකු අමාරුවක් නැතුව මෙතන තැන හොයාගන්න පුලුවන්.
මෙත්න දුරකථන අංකය වෙන්නේ 011 5 627638. මීපේ හංදිය පැත්තෙන් ඔබත් ගමෑ යෙදෙනවා නම් අමාවි පවුලේ අවන්හලට ගොඩ වදින්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *