කන්න බොන්න කලින් එන්න

Almaas – Wellawaththa ඉන්දියානු කෑම සාධාරන මිලකට කන්න අල්මාස් අවන්හල

banner

අල්මාස් අවන්හල ඉන්දියානු කැම වර්ග අලෙවි කරන අවන්හලක්.ඔවුන් ලංකාවේ අවන්හල් ආරම්භ කරලා තියෙන්නේ 2009 වර්ශයේ වත්තල ශාඛාවකින්.2010 වර්ශයේදී වැල්ලවත්ත ප්‍රදේශයෙත් අවන්හලක් ආරම්භ කරලා.අද වෙනකොට බම්බලපිටිය මෝදර සහ මරදානෙත් ඔවුන් අවන්හල් පවත්වාගෙන යනවා.අපි අද කියන්න යන්නේ වැල්ලවත්තේ පිහිටි අල්මාස් අවන්හල ගැන විස්තර

වටපිටාව

almaas4

මෙහි ඉදිරිපස වෙනමම කියලා කාර් පාක් එකක් නෑ.වාහනයක එනවා නම් පාර අයිනෙන් වාහනේ නවත්වලයි එන්න වෙන්නේ.අවන්හල ඇතුලත් 4 දෙනෙක් ට එකට ඉඳගෙන කන්න වගේම ඊට වැඩි පිරිසකට එකට ආහාර ගන්න පුලුවන් රවුම් මේස 4කිනුත් සමන්විත වෙනවා.ඇතුලත හතර දෙනෙක්ට ඉන්න පුලුවන් මේස අතර පරතරය නම් ටිකක් අඩුයි.මෙහි ඇතුලත වැඩි පිරිසිදු කමක් නම් ඒ තරම් පේන්න නෑ.ඇතුලත ටිකක් ඇහිරිලා වාගෙයි.ඒසී දෙකක් ඇතුලත ක්‍රියාත්මක උනත් ඒවයින් ඒ තරම් ඒසී එකක් ඇතුලත රඳවාගන්නේ නැති පාටයි.

බඩජාරි මෙනුපත

almaas1

මෙතන ඉතා දිගු මෙනු එකක් තියනවා.යුශ වර්ග සුප් වර්ග ඉන්දීය ක්‍රමයට ස්ටාටර් විවිද වර්ගයේ බිරියානි, චීන රසට රයිස් වර්ග නූඩ්ල්ස්,දේශීය විදියට රයිස් ඇන්ඩ් කරි මැකරෝනි විවිද වර්ගයෙන්, තන්ඩූරි වර්ග කෙබාබ් නාන් රොටී වගේම කොත්තු වර්ගත් විවිද විදියට ගන්න පුලුවන් තැනක් තමයි අල්මාස් කියන්නේ.කොහොම උනත් ඔවුන්ගේ මෙනු එකේ තියන කෑම සියල්ලම ඔවුන් සතුද කියන එක ගැන නම් විමසිලිමත් වෙන්න වෙයි.ගොඩක් කැම ඔවුන්ගේ මෙනුපතේ තිබුනත් ඔවුන් සතුව ඒවා නෑ.

මෙහි චීස් කොත්තු ඉතා රසවත්.ඔවුන් ඇති තරමට චීස් එකතු කරන බව පේනවා.චිකන් චීස් කොත්තු මසාලා හෝ තන්දුරි ආකාරයට ගන්න පුලුවන්.තන්දුරු චීස් කොත්තුව 400ක් වෙනවා.ඔවුන්ගේ තවත් රසවත් කෑමක් තමයි බුරියානි එක.ගොඩ දෙනෙක් අතර අල්මාස් බුරියානි එක ප්‍රසිද්දයි.බුරියානි වර්ග ගොඩක් ඔවුන්ගේ මෙනු එකේ තියනවා.අපි කලිනුත් කිව්වා වාගේ මේ සියල්ලක්ම මෙහි තියනවද යන්න සැකයි.කොහොම උනත් බාස්මතී චිකන් ටික්කා බුරියානිය ඉතා රසවත්.අනික් බුරියානි වර්ගත් එහෙම ඇති කියලා හිතනවා.ඒකක් 380 ක් වගේ මිලක් වෙනවා.තන්දූරි චිකන් සහිත කැමක් කනවා නම් පොඩි අඩුවකට තියෙන්නේ ඔවුන්ගේ කුකුල් මස් කෑල්ල ටිකක් වැඩිපුර බැදිලා වගේ.අඟුරු රහක් එනවා.මේ දේ අපි මෙහි ආහාර ගන්න ගොඩක් වෙලාවට දු‍ටු දෙයක්.ඔවුන්ගේ තවත් රස කෑම වර්ගයක් තමයි නාන් එක.එය තුනීවට තියනවා.නැවුම් බවකුත් තියනවා.ඒ වගේම බිත්තර මසාලා සහ රෝස්ට් චිකන් නූඩ්ලෙස් එකත් හොඳ රසක් ගෙන දෙනවා.

almaas2

කොහොම උනත් ඔවුන්ගේ ප්‍රමාන නම් ටිකක් කුඩායි.මිල ගනන් මධ්‍යම ප්‍රමානයේ පවතින්නේ.දෙන්නෙක් ඇවිත් කනවා නම් 1000කින් වගේ ශේප් වෙන්න පුලුවන්.

සේවාව

මෙහි සේවාව ගැන නම් ඒ තරම් සතු‍ටු වෙන්න විදියක් නෑ.එහි වැඩ කරන අය ඒතරම මිත්‍රශීලීඑ නෑ.ඔවුන් ඔවුන්ගේ කාර්‍ය කරලා පැත්තකට වෙලා ඉන්නවා වාගේයි.මෙහි පවතින කෑම මෙනු එක තේරුවාමයි දැනගන්න වෙන්නේ.මෙනු එකට අදාල කෑම වර්ග මොනවද තිබෙන්නේ නොතිබෙන්නේ යන්න ඔවුන් අපට පවසන්නේ ඕඩර් කලාම ඒ අනුව.කෑම කෙසේ වෙතත් ඉක්මනින් මේසයට නම් එනවා.ඒ දේ හොඳයි.මේ සියල්ලටම සේවා ගාස්තුවක් මුලු බිලෙන් සේවා ගාස්තු විදියට අය කරගන්නවා.නමුත් ඒ මිලට සරිලන සේවාවක් දෙනවාද යන්න ප්‍රශ්නයක්.ඔවුන්ගේ ඩිලිවරි සේවාව ගැනත් එතරම් හොඳක් නම් අහන්න නෑ.බොහෝ විට ප්‍රමාද වෙලා තමයි ආහාර ගෙනැව්විත් දෙන්නේ.සේවාව නම් තවත් වර්ධනය කරගන්න වෙනවා..

මග

මෙතනට කොලඹ ඉඳලා ගාලු පාරේ එනව නම් ගාලු පාරේ එන්න ඕනි.වැල්ලවත්ත වැවෝයි සිනමා ශාලාව එහෙම පහු කරගෙන ගාලු දෙසට යනකොට ඔබට ඩබ්ලිව් ඒ සිල්වා මාවත හමු වේවි ඒ පාරෙන් වමට හැරිලා එනකොට මීටර් දෙසීයක් වගේ ගිය ගමන් පාරෙන් දකුනු අත පැත්තේ දිස් වේවි අල්මාස් අවන්හල.

අල්මාස් අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 011 5234988.ඔය අංකයෙන් ඔබට ඩිලිවරි එකක් උනත් කරගන්න පුලුවන්.වැඩිපුර සේවාව ගැන නොහිතා රසවත් ආහාර වේලක් ගන්න ඕනි නම් ඔබත් අල්මාස් අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *