කන්න බොන්න කලින් එන්න

Ajith Food Center – Kotte ( අජිත් ෆුඩ් සෙන්ටර් )

banner

අද අපේ රස ගමන පිටකෝට්ටේ පැත්තට. කොලඹ ඉඳන් එනව නම් රාජගිරිය පහු වෙලා පිට කෝට්ටේ පාරේ ඇවිත් තලවතුගොඩ පාරට හැරිලා කිලෝමීටරයක් වගේ දුරක් ගිහාම හමු වෙන අජිත් ෆුඩ් සෙන්ටර් එකට තමයි අපි අද ගොඩ උනේ.මෙහි චීන මැලේ ලාංකීය මෙන්ම ඉන්දීය කෑම වර්ග ගන්න තියනවා.කෑමට වගේම අරගෙන යන්නත් පහසුකම් තියනවා.

ajithfoods

වටපිටාව.

මුලින්ම මෙතනට කියලා විශේශ පාකිං එකක් නම් ලොකුවට නෑ. ඔබත් මෙතනට එනව නම් පාර දෙපැත්තේ තමයි වාහනයකින් එනව නම් නතර කරන්න වෙන්නේ.. ඒක ඒ තරම්ම කරදරයක් නෙවෙයි. මොකද මේ දෙපැත්තේ හොඳට ඉඩ පහසුව තියනව වාහනයක් නතර කරන්න තරම්. කඩේ දිහා පිටතින් බැලුවහම නම් ඒ තරම් ප්‍රසන්න බවක් පෙනෙන්න නෑ..වීදියේ ඇවිදින කොට දකින සාමාන්‍ය කඩයක ස්වරූපී.නමුත් ඇතුලත හොඳ ට සකස් වී තියනව. මොවුන්ගේ වෙනම කෑම ගන්න පුලුවන් විදියට ගන්න කාමර පහසුකම් තියනව.. ඒවා ඒඅ සී ඇතුව ගන්නත් පුලුවන්. ලීයෙන් සැදි මේස පු‍ටු වර්නවත් බවක් ගෙනෙනවා..මේස සැම වෙලේම පිරිසිදුයි.

ajithfoods1

නිදහසේ කාලා බිලා එන්න පුලුවන් හොඳ වට පිටාවක් තියෙනවා කියන්න පුලුවන්.පවුලෙ අයත් එක්ක හරි තමන්ගේ ආදර වන්තයා එක්ක හෝ ආදරවන්තිය එක්ක කෑම රස බලන්න යන්න හොඳ තැනක් තමයි අජිත් ෆුඩ් කියන්නේ..

බඩජාරි මෙනු පත

මෙනු එකට විවිද වර්ගයේ සුප් වර්ග, ස්ටර්ටර් විදියට ස්ප්‍රින්ග් රෝල් , රට කජු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ ඒවත් තියනවා.. චිකන් ස්ප්‍රින්ග් රෝල් පොඩි එකක් 175ක් වගේ වෙනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් 225 ක් වගේ මුදලක්.බාස්මති රයිස් වල මිල 250-500 වගේ අතර මුදලකට විවිද රසින් ගන්න පුලුවන්..ඒ වගේම නූඩල්ස්විවිද ක්‍රස්මයට 200-450 අතර මිලකට ගන්න පුලුවන්.

අපි මෙහි ලම්ප්‍රයිස් එකක් උත්සහ කර බැලුවා. ඇත්තට ම හොඳ රසයක් එහි ගැබ් වෙලා.සූදුරු සම්බා බත් රසට බැදපු කුකුලෙක් බ‍ටු මෝජු සහ බැදපු බිත්තරයක් එක්ක ඒකක් රුපියල් තුන්සිය පනහක්.එය ගෙවන මිලට සාධාරනයක් ඉශ්ට කරනවා..බුරියානියත් රස නහර පිනා යන්න සමත්. තන්දූරි චිකන් කෑල්ලට මින්ට් සම්බෝලයේ රස එකතු වෙලා හැපෙන බාස්මති බත් කට නියම රසක් එක් කරනවෑඅක රුඔඉයල් 300ක්.ඇත්තටම ඔවුන්ගේ ෆ්‍රයිඩ් රයිස් චිලි චිකන් සහ දැල්ලෝ දීසි ප්‍රනීතයි.. ඔබ මෙහි ආවොත් මේ දේවල් අහරට ගන්න අමතක කරන්න එපා..ඒ වගේමයි කොත්තුව. ඒකත් එකෙන්ම මරු.

මෙතන කෑම වල මිල සාදාරනයි. ගෙවන මිලට සරිලන කෑම් එකක් ගන්න පුලුවන්.එක්කෙනෙක් ගිහින් රුපියල් 500ක් වියදම් කලොත් හොඳටම කන්න පුලුවන්.

සේවාව

ඇත්තට්ම ඔවුන්ගේ සේවාව හොඳයි. එහි සේවය කරන වේටර් වරු හොඳ අවබෝදයකින් වැඩේ කරගෙන යන බවක් පේනවා. ඔවුන් මෙතන පිරිසිදුවට තියා ගන්න මහන්සි වෙන බවක් පේන්න තියන්වා.ඔබ ආහාර ඇනවුම් කර විනාඩි පහක් ඩහයක් අතර කාලෙකින් කෑම ඔබේ මේසයට ලඟ වෙනු ඇති.

මග

තව දෙයක් කියන්න ඕනි මෙතනින් ගොඩ දෙනෙක් කෑම අරන් යන්න විශාල පිරිසක් දිනපතා පැමිනෙනවා.ඒ නිසා කැම ගෙනියන වැඩපිලිවෙල ටිකක් කලබල කාරී.. තවත් විශේශ දෙයක් තමයි ඔවුන් උදේ දහයේ ඉඳන් රාත්‍රී දොලහ වෙනකන් විවුර්තයි.ඉතින් රාත්‍රී වෙලාවක් බඩගින්නක් හැදුනොත් හරි බයිට් පිඟානක අවශ්‍යතාවක් දැනුනොත් හරි එන්න අජිත් ෆුඩ් සෙන්ටර් එකට.. ඇත්තටම කෑම ගොඩක් රසයි.ගෙවන මිලට සාදාරනයි.ඔබත් ගිහින් රස විඳ බලන්න.. වඩාත් රසට අපි නොවිඳි රසයෙන් කැමක් ඇත්නම් අපිට දන්වන්න.. අපි යාවත්කාලීන කරන්න සූදානම්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *