කන්න බොන්න කලින් එන්න

The Mango Tree – Kollupitiya කොලඹ නගරයේ සුපිරි මට්ටමේ දකුනු ඉන්දීය අවන්හල මැන්ගො ට්‍රී

banner

කොලඹ නගරයේ පිහිටි සුපිරි මට්ටමේ දකුනු ඉන්දීය අවන්හලක් තමයි මැන්ගො ට්‍රී කියන්නේ.එය ඉතාම රසවත් ඉන්දීය කෑම ලබාදෙන තැනක් හැටියට ප්‍රසිද්ධයි.මෙහි අයිතිකරු ඉන්දීය ජාතිකයෙක්.නමින් විරාජ් පන්චාල්.ලංකාවට එන්නේ ඇඟලුම් කම්හලක් ආරම්භ කිරීමේ අරමුනින්.ඒත් ඔහු අවසානයේ සාර්ථක දකුනු ඉන්දීය අවන්හලක අයිතිකරුවෙකුත් වෙනවා.ඔහු මේ අවන්හල ආරම්භ කලේ 2004 අවුරුද්දේ.දකුනු ඉංදීයා ආහාර ලාන්කික රසයන්ට ගැලපෙන විදියට රසවත්ව ඔබට පිරිනමන තැනක් තමයි මැන්ගො ට්‍රී.

වටපිටාව

mango6

මෙතන මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක්.ඇතුලත ඉතාමත් සුවිශේශී විදියට ගොඩ නැගිලා තියෙන්නේ.තැනින් තැනට වෙනස්.මූලිකවම දකුනු ඉන්දීය ලක්ශන ඇතුලත දිස් වෙනවා.එක කොටසක් දකුනු ඉන්දීය ජනප්‍රිය නලු නිලියන්ගේ රූප වලින් හැඩගැන්විලා.තවත් කොටසක් ඉන්දීය සංස්කෘතික අංග වලින් යුක්තයි. පුන්චි පාටියකට වෙනම සැප පහසු කාමරයක් වෙන් කරගන්නත් පුලුවන්.ගොඩාක් වෙලාවට ඉන්දීය වර්නය වන කහ පැහැයට හුරු තැම්භිලි පාට වැඩිපුර ඉස්මතු කරන්න සමත්. මෙහි එක් බිත්තියක් ඔබේ අදහස් වලට වෙන් කර තිබෙනවා.මේස පු‍ටු දැවයෙන් මෙන්ම ඉතාම සැපවත් කුශන් පු‍ටු දක්වා තිබෙනවා.ඒ වගේමයි ආලෝක රටාවන් සුපිරිමට්ටමේ හෝටලයක ලක්ශන පෙන්නුම් කරනවා.මුලු ගොඩනැගිල්ලම ඒ සී කරලයි තිබෙන්නේ.කොහොම උනත් කාර්‍ය බහුලා වෙලාවන්ට මෙහි තරමක් ගෝශා කාරී වටපිටාවක් තමයි තිබෙන්නේ.ඒ වෙලාවන් මග ඇරලා එනවා නම් තමා හොඳ

බඩජාරි මෙනුපත

mango2

මෙතන ලොකු විවිදත්වයෙන් යුක්ත මෙනු එකක් තියනවා. ඉන්දීයානු බීම සැලඩ් වර්ග වෙජි සහ නන් වෙජි අයට වෙන වෙනම,ඉන්දියානු රොටී වර්ග,සීෆුඩ් ,චිකන් රසට කෑම,විවිද බත් වර්ග,ඩෙසර්ට් වර්ග විදියට කැම වර්ග සිය ගනනක් කන්න ගන්න පුලුවන්.මෙහි පෙලක් කෑම මිල සාමාන්‍ය මිලට වඩා ඉතා වැඩියි.නමුත් පෙලක් ආහාර වර්ග හොඳින් බලා ඕඩර් කලොත් තරමක් සාධාරන මිලකට ගන්න පුලුවන්. ලොකු ප්ර්මානයක් ආහාර ලැබෙනවා.සාමානය රයිස් එකක වගේ පෝශන් එකක් නම් දෙන්නෙක්ට හොඳටම ප්‍රමානවත්.ගොඩාක් කෑම වල කුලුබඩු රස හොඳින් ගැබ් වෙලා තියනවා.ඒ වගේම තෙල් ගතියත් කැම වල වැඩියි.කැම රසයි..තන්දුරි රොටී ටික්ක මසාලා බිරියානි නාන් පනීර් මසාලා බටර් චිකන් සහ මැන්ගෝ චට්නිය අපෙ මෙහි ප්‍රියතම ආහාර වර්ග.

mango3

mango

අපි කලින් කිව්වා වගේ දෙන්නෙක්ට හොඳට කන්න 2000ක් 2500ක් වගේ මිලක් යනවා.ඒ මිලට ආහාර වර්ග සැලකුවොත් ටිකක් ගනන් නම් වැඩියි.ඒත් නියම ඉන්දියානු රසයට කැමති කෙනෙක්ට මේ ආහාර ඉස්තරම්.උත්සහ කලාට කිසි පාඩුවක් නෑ.

සේවාව

මෙහි උසස් මට්ටමේ සේවාවක් තිබෙනවා.කැම ඇනවුම් කල වෙලේ ඉඳන් මේසයට එන්නට විනාඩි 15-20ක් ගත වෙනවා.එහි සේවකයන් මනාව පුහුනුව ලබා ඇති බව පෙනෙන්නට තිබෙනවා.මෙහි කලමනාකරු උනත් සුහදශීලී.පාරිබෝගිකයන් එක්ක කතා බහට ලැදි අයෙක්.ඔවුන්ගේ සේවාව සමස්තයක් විදියට හිඳයි.කොහොම උනත් පෙලක් වෙලාවට කැම උනුවෙන් නොලැබෙන්න පුලුවන්.ඒක එක අවුලක්.ටේක් away විදියට ආහාර ගන්න පහසුකම් මෙය සතුයි.ඒ වගේම ඔබගේ උත්සවයකට කේටරින් සේවාව පවා ඔවුන් සිදු කරනවා.ඒ වගේම මෙතන උනත් කුඩා පාටියකට පහසුකම් ඔවුන් සලසනවා.

මග

මෙතනට එනවා නම් ලිබෙර්ටි එක ගාව තියන කොල්ලුපිටියේ වටරවුමෙන් ධර්මපාල මාවතේ ඉදිරියට යන්න.. මීට 300ක් 400ක් යනකොට දකුනු අත පැත්තෙන් හොයාගන්න පුලුවන්.

උසස් මට්ටමේ ඉන්දීයා කැම වේලකට තම හිතවතෙක් එක්ක හෝ පවුලක් විදියට ඇවිත් වෙනස්ම අත්දැකීමක් විඳින්න ඔබත් ඇවිත් යන්න මැන්ගො ට්‍රී වෙතට


Leave a Reply

Your email address will not be published. Required fields are marked *