කන්න බොන්න කලින් එන්න

Sri Suryas Hotel කො‍ටුවට ඇවිත් රසවත්ව පිරිසිදුව වෙජිටේරියන් කැම වේලක් ගන්න සූර්යාස් අවන්හල

banner

කොලඹ කො‍ටුව පැත්තට ආවොත් පිරිසිදු කැම කඩයක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේම ඔබ එලවලු ආහාර විතරක් ගන්න කෙනෙක් නම් එහෙම තැනක් හොයා ගන්න එකත් ටිකක් අපහසු වැඩක්.කොහොම උනත් කො‍ටුවට ඇවිත් රසවත්ව පිරිසිදුව වෙජිටේරියන් කැම වේලක් ගන්න හොඳ ඉන්දීයානු අවන්හලක් තමයි ශ්‍රී සූර්යාස් හෝටලය.මෙහි රසවත් ඉන්දියානු කැම පිරිනමනවා.මෙහි තිබෙන අති විශාල මෙනු එක අතරින් තමුන් කැමති ඉන්දීය කැම වේලක් කන්න කියාපු තැනක් තමයි සූර්යාස් අවන්හල.

වටපිටාව

srisurya1

මෙතන ඔවුන් පිරිසිදුව පවත්වාගෙන යනවා.දෙන්නෙක්ට හරි හතරකට හරි ලී පු‍ටු වල වාඩි වෙලා කැම ගන්න පුලුවන්. ඊට වැඩි ගානක් උනත් ප්‍රශ්නයක් නෑ.දවසේ කාර්‍ය බහුල වෙලාවන් වලදි නම් මෙතන ටිකක් සද්ද බද්ද වැඩියි.ටිකක් කට්ටිය වැඩි වෙනකොට ඔවුන් එලියට පු‍ටු දාලා ඉඳගන්න අවස්තාව සලසනවා.ඔබට ඕනි නම් වයි ෆයි පහසුකමත් මෙතන තියෙනවා.ඒ වගේම ඇතුලත වායු සමනය කරලයි තියෙන්නේ..

බඩජාරි මෙනුපත

srisurya2

මෙතන් කැම විශාල පරාසයක කන්න ගන්න පුලුවන්.ලොකු මෙනු එකක් තියනවා.ඔක්කොම උතුරු සහ දකුනු ඉන්දියානු කැම වර්ග තමයි තියෙන්නේ.ඔවුන්ගේ මෙනු එකත් සුවිශේශී. එහි සියලුම කැම වර්ග ගන්න පුලුවන් වෙලාවත් එහි ඇතුලත් උදේ හතේ ඉඳන් 11 වෙනකන් ගන්න පුලුවන් කැම වලට වඩා වෙනස් කෑම හතේ ඉඳන් 10.30 වෙනකන් ගන්න පුලුවන්.අපි කවුරුත් දන්න නාන් මසල වඩේ,ඉඩ්ලි රවා වර්ග තොසේ වර්ග නියම රසයි.මෙනු එකේ හැම කැමක් ම රසවත් නෑ. අපිට ඉන්දීය කැම එතරම් හුරු පුරුදු නැති නිසාද දන්නේ නෑ.
වෙනස්ම ඉන්දියානු කැම කන්න ගන්න පුලුවන් තැනක් තමයි සූර්යාස් අවන්හල කියන්නේ.

srisurya

ගනන් බැලුවොත් නම් ටිකක් විතර ගාන වැඩියි.උදැසන ආහර වේලක් 150-300 අතර මිලක් වෙනවා.වෙජි රයිස් වර්ග 200-250 මිල සීමාවේ.ස්ටාටර් විදියට පනීර් ගෝබි වගේ කැමක් ගත්තොත් 450ක් වගේ මිල.150 – 300ක් වගේ මිල අතර බීම වර්ග ගනනාවක් ඔවුන් සතුයි.දෙන්නෙක්ට ඇවිත් කනවා නම් රුපියල් දාහක් වගේ ගානකට හොඳට බඩ පිරෙන්න කන්න ගන්න පුලුවන්.ඒ මුදල ගන්න කැම වර්ගය අනුව වෙනස් වෙනවා.

සේවාව

මෙහි ගොඩක් ඉන්නේ ඉන්දීය සේවකයන් .ලාංකිකයනුත් ඉන්නවා. ඒ නිසා භාශාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මෙහි ඉන්න සේවකයන් හොඳින් ඇහුම්කන් දෙන සුලුයි.මෙහි තියන දිගු මෙනුව සිසාර ඔබගේ කැමැත්තට කිසිම අතපසු වීමකින් තොරව කැම මේසයට ගෙනත් දෙන්නට ඔවුන් සමත්.මෙහි ගොඩක් කැම අපිට නුහුරු ඒවා.ඉතින් එහෙම උනොත් මෙහි ඉන්න අය ඒ ගැන කියා දෙන්නත් ඔබට රසේ රුචියට අනුව කෑම වර්ග සොයා දෙන්නත් ඔවුන් සමත්.ඒත් එකම අවුලකට තියෙන්නේ කාර්‍ය බහුල වෙලාවන් හිදී නම් කැම මේසයට එන්න යම් වේලාවක් ගත වෙන එක.සමස්තයක් විදියට සේවාව හොඳ මට්ටමේ එකක්.

මග

මෙතනට එනව නම් කො‍ටුවේ බෝධිරාජ මවතේ කෙලින්ම ඇවිත් හමුවෙන හතරමං හංඳි දෙකම පහු කරලා මුහුදු මාවතේ පොඩ්ඩ දුරක් ඉස්සරහට එනකොට අලුත් කදිරේශන් කෝවිල පහු උන ගමන්ම වගේ පාරෙන වම් අත පැත්තේන් දැකගන්නට ලැබෙයි ශ්‍රී සූර්යා හෝටලය

මෙතන දුරකථන අංකය වෙන්නේ 0112424789.ලිපිනය නොම්බර 255 මුහුදු මාවත කොලඹ 11.මෙතන් කාඩ් මගින් ගෙවන්න පහසුකම ඔවුන් සපයනවා.උදේ හතේ ඉඳන් රාත්‍රී 10.30 වගේ වෙනකන් මෙතන විවුර්තයි.
ඔබත් කො‍ටුව පැත්තේ අවොත් පිරිසිදුවට එලවලු කෑම එකක් කන්න ශ්‍රී සූර්යාස් අවන්හලටත් ඇවිත් යන්න එන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *