කන්න බොන්න කලින් එන්න

රසකාරක නැතුව සාක්කුවට පහසු මිලට කැම වේලක් කන්න රත්නපුරේ Macnara family restaurant

banner

රත්නපුර නගරය කියන්නේ ගොඩ දෙනෙක් දීර්ග ගමනාන්ත යන කොට පසු කරන නගරයක්.ලංකාවේ තියන දිය ඇලි වලින් බහුතරයක් පිහිටන දිස්ත්‍රික්කයක් නිසාවෙනුත් සිංහරාජය බලන්න යන එන අය අයත් ඒ වගෙම සිරිපා කරුනාවේ යන අයත් රත්නපුර නගර පසු කරගෙනයි සංචාරය කරන්නෙ.අපි අද කියන්නේ රත්නපුර නගරයේ පිහිටන කටට රසට කැම වේලක් කන්න යන්න හොඳ තැනක් ගැනයි.මේ අවන්හල නමින් මැක්නරා අවන්හල.

වටපිටාව

macnara4

මැක්නාරා අවන්හල පිහිටන්නේ නගරය මැද්දට වන්නටයි.නගරයේ ප්‍රධාන වීදියකට මුහුන දාලා තියෙන අවන්හලක් නිසා මේ හරියේ වාහනයකින් ආවොත් පාක් කරගන්න නම් පොඩි අපහසුතාවයකට පත්වෙනවා.කොහොම උනත් මේ අවන්හල අසලින් තිබෙන අතුරු පාරේ තැනක වාහනයක් නවත්වාගන්න පුලුවන් වේවි.අවන්හල ඇතුලත ගැන කිව්වොත් මේ අවන්හල දැකුමටම ප්‍රියමනාප අයුරින් චාම්ව වගේම ඉතා පිරිසිදුව පවත්වාගෙන යනවා කියලා පේනවා.ලීයෙන් හදාපු මේස සහ පු‍ටු සැපවත්.හතර දෙනෙක්ට ඒ මේස පු‍ටු වල එක වර ඉඳගෙන කෑම ගන්න පුලුවනි.මේස අතර පරතරය නම් ටිකක් විතර අඩුයි.ඉඩ පොඩ්ඩක් වගේ ඇහිරිලා.මේ අවන්හලේ බිම ටයිල් කරලයි තියෙන්නේ.ඒ වගෙම ෆැන් සවි කරලා තියෙන්නේ.නගර මැද තිබුනත් වැඩි කාර්‍ය බහුල ගතියක් නෑ.මෙතනට ආවොත් පාඩුවේ කාලා යන්න පුලුවනි.

මෙනුපත

macnara2

මේ අවන්හලේ මෙනු එක සුවිශේශී එකක් කියන්න ඕනි.ඒ මෙහි කැම වලට කෘතිම රස කාරක එකත් කරන්නේ නෑ.ඒ වගෙම මෙහි මෙනු පතට බීෆ් පෝක් ඇත්ලු වෙන්නෙත් නෑ.මෙහි ප්‍රධාන වශයෙන් රයිස් ඇන්ඩ් කරි තමයි පිරිනමන්නේ.ගෙදර වගේ හදාපු මාලු පිනි 7ක් 8කින් කැමති විදියට මාලු පිනි ‍තෝරාගෙන ඔබට ආහාර ගන්න පුලුවනි.ඒත් එක්ක චිකන්,මට්න් ,බිත්තර මාලු විදියට කැමති ක්‍රමේකට එකතු කරගන්න පුලුවනි.කැම ඉතාම රසවත් .අපි කලින් කිව්වා වගෙම මේ කෑම වලට රස කාරක වැඩිය එකත් නොවන නිසා වෙන්න ඇති අපි නිතර අවන්හලකින් කන කෑම වේලට වඩා මේ රස වෙනස්.ඒ වගෙම මෙහි ෆ්‍රයිඩ් රයිස් චිකන් බිරියානි කන්න ගන්න පුලුවනි.

macnara3

මේ අවන්හලේ උදේ සහ දවල් කාලයට තමයි ආහාර පිරිනමන්නේ.උදේ වරුවකට ඔබ මෙහි ආවොත් ඉඳි ආප්ප වගේ කෑම වගෙම රත් කැකුලු බත් එක්ක රසවත් පොල් සම්බෝලයක් පරිප්පු හොදි සහ තවත් මාලු පිනි එක්ක රසවත් උදේ ආහාර වේලක් කන්න ගන්නත් පුලුවනි.

macnarai

මෙහි අපිට ඇති තරම් කෑම ගන්න පුලුවන් නිසා මෙහි හිතේ හැටියට කන්න පුලුවනි. ඒ වගෙම දෙන්නෙක් ඇවිත් රසවත් කැම වේලක රස බලන්න 500කට වඩා අඩු මිලක් තමයි වැයවෙන්නේ.ඒ නිසා මේ කෑම් වෙල රසවත් වගෙම සාක්කුවටත් පහසුයි

සේවාව

මෙහි සේවාව සාමාන්‍ය මට්ටමේ එකක්.වැඩි විශේශත්වයක් නෑ.ඒත් මෙතනට ආවොත් ඉකමන්ට කැම ටික මේසයට ගෙන්ව ගන්න පුලුවනි. ඒවගෙම මේ අවන්හල රත්නපුර නගර සීමාව ඇතුලේ කෑම ඇනවුම් භාරගන්නවා.නගරයේ ගොඩක් කාරයාල වල වැඩ කරන අය මේ අවන්හලෙන් කැම ඇනවුම් කර ලබාගන්න බවක් අපිට දැනගන්න ලැබුනා.

මග

මේ අවන්හල පිහිටන්නේ සේනානායක මාවතේ.රත්නපුර පොලොසිය පැත්තේ ඉඳන් එනවා නම් එතනින් මීටර් 500ක වගේ දුරක් පැල්මඩුල්ල පැත්තට එන්න ඕනි.ඒ එනකොට හමුවන හතරමං හඳියේ තමයි මේ අවනල පිහිටන්නේ.කේ එෆ් සී එක එක වම් අත පැත්තේ පෙනෙන්නට තිබෙනවා.ඒ පසට නොව අනික් පසට ඇති වරකාතොට පාර පටන් ගන්න තැනම වැලිබල් ‍ෆිනෑන්ස් ගොඩනැගිල්ලට යාබදවයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0452233955.ඔය අංකයට අමතලා ඔබට මෙතනට අමතලා කෑම ඇනවුම් කරන්නත් පුලුවනි.ඒ වගෙම ඔවුන් උදේ 7 විතර ඉඳන් සවස් වෙනතුරු විවුර්ථයි.ඔබත් රත්නපුර නගරය පසු කරමින් ගමනේ යෙදෙනවා නම් දවල් වරුවකට කටට රසට කන්න යන්න කියාපු තැනක් තමයි මේ Macnara family restaurant එක.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *