කන්න බොන්න කලින් එන්න

Kandoori Restaurant – වැල්ලවත්තේ මට්න් බිරියානියකට සුපිරි අවන්හල කන්දෝරි

banner

අද අපි කියන්න යන්නේ වැල්ලවත්තේ පිහිටි කන්දෝරි අවන්හල ගැන.මේ අවන්හල අගනුවර අවන්හල් අතර ගොඩ දෙනෙක් දන්න කියන තැනක්.Kanduri කියන පූජනීය ආහාර සම්බන්ද උත්සවයක නාමයක් මේ අවන්හලේ නම Kandoori කියලා දාන්න හේතු වෙලා තියනවා.මෙහි මුල් අවන්හල බිහිවන්නේ බේරුවල ප්‍රදේශයේ.ඔවුන් මේ වන විට වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන්ගේ අවන්හල පවත්වාගෙන යනවා.මෙහි යන එන ගොඩ දෙනෙක් එන්නේ බිරියානි කන්න කියලයි අපිට ආරංචි උනේ.අපිත් අද කියන්න යන්නේ මේ අවන්හල ගැන විස්තරේ.

වටපිටාව

kandoori2

මේ අවන්හල පිහිටන්නේ වැල්ලවත්තේ මැරීන් ඩ්‍රයිව් එක සහ ගාලු පාර අතර පිහිටි හරස් පාරක.ඉතින් මෙතනට එනව නම්ගාලු පාර පැත්තෙන් ඇවිත් තමයි මේ අවන්හලට ලගා වෙන්න වෙන්නේ.හරස් පාරක පිහිටි නිසා ලොකුවට වාහන තදබදයක් නෑ.කොහොම උනත් මෙතන පුන්චි පහේ පාකිං පහසුකමක් තියෙනවා.ඒ ඉඩේ වාහන 10ක් 12කට එක පාර පාක් කරගන්න පුලුවනි.වාහන වැඩි උනොත් නම් පොඩි අපහසුතාවයකට පත්වෙන්න වෙනවා.මොකද මෙතන ප‍ටු පාරක් නිසා වටපිටේ පාක් කරගන්න තැනක් හොයා ගන්න එක පොඩි ප්‍රශ්නයක්.අවන්හල ඉදිරිපිටම ලොකු ගහක් දකින්න පුලුවන්.ඔවුන් ඒ ඉඩ වාහනයකට ඉඩ නොදී ඒ ගහත් ඒ විදියට තියාගෙන ඉන්න එක හොඳ කටයුත්තක්.අවන්හල ඇතුලට ආවොත් ඇතුලත චාම්ව අලංකරනය කරලා තියනවා.සුද් පැහැති බිත්ති වගෙම ටයිල් ඇල්ලු බිම කන්දෝරි අවන්හලට අමුතු එලියක් ගෙනත් කියන්න පුලුවනි.එක වරකට 50ක් වගේ පිරිසක් එකට කෑම ගන්න පුලුවන් විදියට මෙහි මේස පු‍ටු සකස් කරලා තියනවා.එක පසෙක පිහිට් මේස සහ පු‍ටු මත ආහාර ගන්න එක පහසුයි වගේ පෙනෙනවා ඔබ මෙහි ඇවිත් කොල පැහැයෙන් කුශන් කල දිගු පු‍ටු වල ඉඳගන්නවට වඩා මොකද ඒ දිගු ලී පු‍ටු සහ මේස වල මොකක්දෙඔ අපහසුවක් දැනෙනවා කියන්න පුල්වුඅනි.සමහර විට ටිකක් ඈතින් ඉඳන් කන්න වෙන එක නිසාද දන්නේ නෑ.කොහොම උනත් මෙහි ඒ සී එකත් හොඳටම වැඩ ඒ වගේමයි වැසිකිලියත් පිරිසුවට තියනව කියන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

kandoori

මේ අවනහලේ දෙශීය චීන සහ ඉන්දියානු කෑම වර්ග කන්න තියෙනවා.කොහොම උනත් ගොඩ දෙනෙක් මෙහි එන්නේ ඉන්දියානු කෑම කන්න තමයි.ඔබත් මෙහි එනවා නම් ඉන්දියානු කෑම වේලක රස බලන එක තමයි වඩා හොඳ.ඔවුන් සතුව දිගු මෙනු පතක් තියනවා.සලාද සුප් වර්ග රයිස් වර්ග නූඩ්ල්ස් වර්ග වගේම ඩෙසර්ට් සහ විවිද වර්ගයේ බීම නනාප්‍රකාර විදියට මෙනු එකේ ‍තෝරාගන්න පුලුවනි.

kandoori5

මෙහි කන්න ආවොත් රස බලන්න හොඳ කෑමක් තමයි ඔවුන්ගේ මට්න් බිරියානි එක.මේ මට්න් බිරියානි එක ඉතාම රසවත්.අගනුවර තිබෙන අවන්හල් වලින් හොඳම මටමේ මට්න් බිරියානි එකක් කිව්වොත් හරි.ඒ තරමටම එය රසවත්.මේ මට්න් කෑලි නියම රසයෙන් වගෙම වැඩිපුර මස් සහිතව ගොඩක් ඹුර්දුව පිසලා තියනවා..ඒකත් එක්ක රයිතා එක මේ බාස්මතී බිරියානියත් එක්ක කනකොට ඉතා රසවත්.ප්‍රමාන්ය ගැන කිව්වොත් ඒ ප්‍රමානය කෙනෙක්ට අඩුත් නැති වැඩිත් නැති මට්ටමේ කියන්න පුලුවනි.ඒ වගෙමයි ඔවුන්ගේ තන්දූරි චිකන් බිරියානි එකත් රසවත්.ඔබ මට්න් ප්‍රිය නොකරනවා නම් තන්දූරි චිකන් බිරියානි එකත් හොඳ ‍තෝරාගැනිමක්.මට්න් බිරියානි මට්ටමට නැති උනත් තන්දූරි චිකන් බිරියානි එක රසවත්.එය පෙනුමටත් කටට කෙල උනන මට්ටමේ කියන්න පුලුවනි.ඔබට හම්බවෙන චිකන් පෝශන් එකත් ලොකු එකක්.ඒ වගෙම එය හොඳින් පිසිලා කියන්න පුලුව්නෛ.මේ සමග හම්බවෙන හොද්දත් එක්ක රසවත් අත්දැකීමක් ලබාගන්න පුලුවන් කියන්න පුලුවනි.ඔවුන්ගේ බිරියානි තන්දූරි චිකන් මට්න් වගෙම ප්‍රෝන් ‍ෆිශ් වෙජිටබල් විදියටත් ගන්න පුලුවන්.මිල 500-800 ත් අතර මට්ටමේ කියන්න පුලුවනි.ඒ වගෙම ඔවුන්ගේ නාසි එකත් රසවත් කියන්න පුලුවනි.

kandoori3

ඉන්දියානු ක්‍රමයට චිකන් මසාලා එක්ක නාන් ,බටර් නාන් හරි පරාට හරි කන්න ගන්න එකත් ඔබට රසවත් අත්දැකීමක් වේවි.චිකන් මසාලා වෙනුවට චිකන් කුර්මා එකක් උනත් ප්‍රශ්නයක් නෑ.ඒ දෙකේ රස දෙකක් උනත් මේ නාන් එක්ක හොඳට පැහෙනවා කියන්න පුලුවන්.මසාලා ඩිශ් ඕඅනිවටත් වඩා ප්‍රමානවත් කියන්න පුලුවනි ගොඩක් නාන් වල රස බලන්න.මීට අමතරව ඔබ මෙහි ඇවිත් වෙනත් වර්ගයේ කෑම උත්සහ කරලා බලනවා නම් හොට් බැටල්ඩ් කට්ල්‍ෆිශ් එකත් හොඳ ‍තෝරාගැනීමක් .මේකත් එක්ක මික්ස් කරපු සීෆුඩ් ඩිශ් එක රසවත් ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.

kandoori1

ඩෙසර්ට් එක විදියට චිකලට් මූස් එකක් හරි.වටලප්පමක් හරි පලතෘ සලාදයක් උනත් හොදයි.මේ චොකලට් මූස් එක නම් ලොකුවට නෑ.ඒත් ඔබේ බඩේ පුන්චි හරි ඉඩක් හිස් නම් එය පුරවන්න එය ප්‍රමානවත්.අනික් කෑම වගෙම මේ ඩෙසර්ට් වර්ගත් රසවත් කියන්න පුලුවනි.මේ මට්ටමේ අනෙක් අවන්හල් එක්ක සලකලා බැලුවොත් කන්දෝරි අවන්හලේ කෑම වල මිල ගනන් අනික් අවන්හල් වලට වඩා පොඩ්ඩක් විතර වැඩියි කියන පුලුව්නෛ.ඔබ දෙන්නෙක් ඇවිත් ආහාර ගන්නවා නම් 1500කින් වගේ බඩ පිරෙන්න කන්න පුලුවනි.කොහොම උනත් මේ රසත් එක්ක බලනකොට ගෙවන මිලට ආහර හොඳ මට්ටමක තියනවා කියන්න පුලුවනි.

සේවාව

ඔබ මෙහි ඇවිත් ආහාර ඇනවුම් කලොත් ඔබට ඔබේ කෑම මේසයට එන්න මිනිත්තු 15-20ක් විතර බලා හිඳින්නට වේවි.එය සාමානය අගයක් කියන්න පුලුවනි.මෙහි වැඩ කරන අයගේ මුහුනේ නම් එතරම් ප්‍රනීත බවක් පෙනෙන්නට නෑ.මෙහි යන එන පාරිබෝගිකයන්ට තවත් සමීප උනොත් මේ අවන්හලේ සේවාවත් හොඳ මට්ටමකට ගන්න පුලුවන් වේවි.ඔවුන් ඔවුන්ගේ පාඩුවේ වැඩ.කොහොම උනත් ඔබ මෙහි ඇවිත් ඔවුන්ගේ සේවාව පිලිබඳව ලොකු ලකුනක් දෙන එකක් නෑ.කොහොම උනත් ඔබට අවශ්‍ය සේවාව ප්‍රශ්නයක් නැතුව ඔවුන්ගෙන් ලබාගන්න පුලුවනි.

මග


ඔබ මෙහි එනවා නම් වැල්ලවත්ත සැවොය් සිනමා ශාලාව ලඟින් ඇති චාලිමන්ට් පාරේ 50ම් වගේ එනකොට පාරෙන් වම් අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.මේ පාර වන් වේ එකක්.ඉතින් මැරීන් ඩ්‍රයිව් පැත්තෙන් එන්න බැ.ඔබ මෙහි එනවා නම් වැල්ලවත්ත් සැවොය් සිනමා ශාලාව ලගින්ම තමයි මෙහි එන්න වෙන්නේ.

මේ අවන්හලේ ද්‍රකතන අංකය වෙන්නේ 0777511911.ඔවුන් දිවා සහ රාත්‍රී විවුර්ථයි.රාත්‍රී එකොලහ පමන වනතුරු මේ අවන්හලට ආවොත් ආහාර ගන්න පුලුව්නෛ.පවුලක් එක්ක හරි ඔබේ ආදරය කරන කෙනෙක් එක්ක හරි රසවත් ආහාර වේලක් ගන්න එන්න මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක්.ඉතින් ඔබත් මෙහි ඇවිත් මේ රසවත් ආහාර වල රස විඳගන්න එන්න Kandoori අවන්හලට.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *