කන්න බොන්න කලින් එන්න

Elite Indian Restaurant -Bambalapitiya රසට අඩු මිලට ඉන්දියානු ආහාර ගන්න එලයිට් අවන්හල

banner

අගනුවර අඩු මිලට රසවත් ඉන්දීයානු කෑම වේලක් කන්න තැනක් මතක් කරනකොට නම් අතර මුලින්ම එන නමක් තමයි එලයිට් හෝටලේ.ගොඩ දෙනෙක් අතර එය ජනප්‍රියයි.ඉන්දියානු ආහාර කිව්වට ලාංකීය සහ චීන ආහාරත් මෙතනින් ගන්න පුලුවන්.බෞධ්දාලෝක මාවතේ තියන මේ අවන් හල මාංශ සහ නිර්මාංශ ආහාර ලොකු විවිදත්වයකින් පිරි නමනවා..

වටපිටාව

elite1

මෙතන කාර්‍ය බහුල වෙලාවට පාකිං එකත් තිබුනත් එහි ඉඩ කඩ නම් සීමිතයි.ඇතුලත බොහෝ වෙලාවට සෙනගින් පිරිලා. ඔබට එහි මේසයක් පු‍ටුවක් අල්ලගන්න ටිකක් වෙලා බලා ඉන්න වුනොත් පුදුමයක් නෙවෙයි. ඒ තරමට මෙතන මිනිසුන්ගෙන් පිරිලා.මේසයකට මෙහි අවම පු‍ටු හතර බැගිනුයි තියෙන්නේ.ඒවා පිලිවෙලකට පවත්වාගෙන යනවා. ඉහල මාලය ඒ සී කරලා. ටී තිරයත් ක්‍රියාත්මකයි.කියන්න තරම් ලොකු පිලිවෙලක් නැතත් යම් මට්ටමකට වටපිටාව හොඳයි.

බඩජාරි මෙනුපත

elite3

මෙතන නම ගිහින් තියෙන්නේ බිරියානියට.එය හොඳින් රසවත්.ඒ වගේමයි ලැබෙන ප්‍රමානය. පොඩි බඩජාරි දෙන්නෙක්ට ඒ බුරියානියේ තරම ප්‍රමානවත්.හොඳම මට්ටමේ නැතත් රස හොඉඳයි.නාන් සමග චිකන් මසාලා උනත් මරු.මස් හොඳින් මෙලෙක්ව උයා තිබෙනවා. ඒ වගේම හොද්ද හොඳින් උකුයි රසයි. ඉංදීය ආහාර වල තුන පහ රස ටිකක් වැඩියෙන් දැන්න තියනවා බොහෝ ආහාර වල.ඔවුන්ගේ ගාලික් නාන් එකත් මරු චිකන් හොද්දත් එක්ක රස බලනවා නම්.රයිස් වලට අමතරම අනික් පෝශන් නම් සාමාන්‍ය තරමේ.. අඩුත් නෑ වැඩිත් නෑ වගේ..කොහොම උනත් පලතුරු යුශ වර්ග උනත් ඒ තරම වරදක් කියන්න බෑ.ඔව උත්සහ කරනවා නම් ස්ට්‍රෝබෙරි බීම එක පංකාදුයි.සැලඩ් එකක් විදියට රජිතා සැලඩ් එකත් හොන්දයි. ඒක යෝගට් එක්ක ලූනු දාලයි තියෙන්නේ.. වෙනස්ම රසයක්.

elite2

මෙතන සමස්තයක් විදියට Starters, Soup, Tandoori සැලඩ්,වගේ කැමත් තියනවා.රයිස් වර්ග 250-450 අතර මිලකට ගන්න පුලුවන්.බීම වර්ග 200 මිල සීමාවේ. එකින් එකට වෙනස්..සුප් වර්ග 150-200 අතර මිලක් තමයි වෙන්නේ.ගොඩක් කැම සාමාන්‍ය කෙනෙක්ට දැරිය හැකි මට්ටමේ. දෙන්නෙක්ට 800ක් වගේ වෙනකොට හොඳට කන්න පුලුවන්. කැම හොඳ මට්ටමෙන් ලබැට දෙන නිසා වෙන්න ඇති ඔවුන්ගේ නිතරම මෙතරම් සෙනගක්.

සේවාව.

ඔවුන්ගේ සේවාව නම් හොඳක් කියන්න බෑ. ගොඩ දෙනෙක් ගේ මතය මෙය මයි.. වාන පාක් කරන තැන ඉඳන් මේසයක් ලබාගෙන අවශ්‍ය කෑම මේසයට ලබා ගන්නා තුරුම ඔවුන්ගේ සේවාව නම් කිසි ලෙසකින් වත් තෘප්තිමත් වෙන්න බෑ. ඔබට අවශ්‍ය දෙයක් මේසයට ලබා ගන්න විනාඩ 30ක් වගේ යාවි.බොහෝ වේලාවට තත්වය මේ ආකාරයේ.විශේශයෙන් මේසයක් පු‍ටුවක් සොයා ගැනීම ඔබටම කරන්න වේවි. ඔවුන් ඔබට උදව් කරන බව නම් අඩුයි.කෑම අරන් යන්න එනවා නම් හොඳම වැඩේ කලින් කෝල් එකක් දීලා ඇනවුම් කරලා මෙතනට එන එක.ගොඩක් කාර්‍ය බහුල වැඩ කටයුතු අතරේ එලයිට් එකට කැමට එනවා කියන එක නම් නුවනට හුරු වැඩක් නෙවෙයි. ඒ තරමට ඔවුන්ගේ සේවාව දුර්වලයි

මග

මෙතන්ට එනවා නම් තුම්මුල්ලට ඇවිත් එතනින් බෞධ්දාලෝක මාවතේ ඉස්සරහට මීටර් 200ක් වගේ එන්න. ආවහම වම් අත පැත්තේ පෙනේවි එලයිට් බෝඩ් එක.

කොලඹ ගැවසෙනවා නම් එක පාරක් හරි එලයිට් හෝටලෙන් කාල බලන්න අමතක කරන්න එපා. කොහොම උනත් ඔවුන්ගේ සේවාව නම් දුර්වලයි.. ඒ ගැනත් සැලකිල්ලෙන් යන්න.කපල් එකකට නම් මෙතන සුදුසු නෑ. නිස්කලන්ක බව අඩු නිසා. ඒ වගේම පවුලකට උනත් ඒ තරම් සුදුසු නෑ. යාලුවො 4ක් 5ක් එක්ක වගේ යන්න නම් හොඳයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *