කන්න බොන්න කලින් එන්න

හීතල නාවලපිටියේ පුන්චි පලතුරු බිම කඩේ – වෙල් එලිය Wel Eliya Food Corner – Nawalapitiya

banner

සුන්දර ගමනාන්තයන් වෙත ගමන් කරන ගොඩ දෙනෙක් ට හමුවන ප්‍රදාන නගරයක් විදියට නාවලපිටිය නගරය හඳුන්වන්න පුලුවන්.නාවලපිටිය නගරයේ ඉඳන් ගිනිගත්හේනපැත්තට එනකොට හම්බවෙන පුන්ච්චි කැෆේ එකක් ගැනයි අපි අද ඔබට කියන්න යන්නේ.මේ කැෆේ එකේ නම වෙල් එලිය ෆුඩ් කෝනර්.නමට වෙල් එලිය කියලා තිබුනට වෙල් එලියක් නම් පේන දුරක නෑ.ඒත් රසවත් පලතුරු වීදුරුවක රස බලන්න කියාපු තැනක් විදියට මේ වෙල් එලිය කැෆේ එක හඳුන්වන්න පුලුවන්.

වටපිටාව

weleliya1

මේ අවන්හල පුංචි තැනක්.ඒ වගෙම ඉතා ලස්සනට හදපු එකක්.අවන්හල පිහිටන්නේ වංගුවක.ඒ කොහොම උනත් මෙහි එන වාහන වලට පුන්චි පහේ පාක් එකකුත් අවන්හල අසලම තියනවා.වෙල් එලිය නාමය සින්හලෙන් තියන බෝඩ් එකකින් අවන්හල හොඳින්කැපිලා පේනවා.මේ අවන්හල වට කරලා ලස්සන සුදු වැටක් ගහලයි තියෙන්නේ.අවන්හල ඉදිරිපස මල් වවලා.මෙහි ඉඳගන්න එලියේ වගෙම ඇතුලත් පුලුවන්.ඉඳගන්න තියෙන්නේ ලී කොට වලින් හදාපු මේස පු‍ටු.ඒවත් මේ අවන්හලට අමුතු අලංකාරයක් ගෙනත් තියනවා.

weleliya2

මේ පලාත කොහොමත් හීතල නිසා ඒ සී නම් ඕනි නෑ.අවන්හල ඇතුලත පවා මල් බඳුන් තියලා අලංකාරවත්ව වගෙම පිරිසිදුව මේ අවන්හල පවත්වාගෙන යනවා.අවන්හල ඇතුලත ටී වී එකකුත් තියනවා.මෙහි එක වරකට 10කට විතර ආහාර ගන්න පුලුවනි.

මෙනුපත

weleliya3

මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ පලතුරු බීම සහ පලතුරු සලාද.ඉතාම නැවුම් ප්ලතුරු වලින් එවෙලෙම හදාපු රසවත් පලතුරු බීම මෙහි ආවොත් බොන්න පුලුවනි.අන්නාසි දොඩම් අඹ කොමඩු අලිගැටපේර පැපොල් වගේ පලතුරු වර්ග වලින් පලතුරු බීම ගොඩක් වෙලාවට මෙහි ආවොත් බොන්න පුලුවනි.මීට අමතරව පලතුරු වාර වලට තවත් එක එක විදියේ පලතුරු බීම බොන්න මෙතන හොඳ තැනක්.ඉතා නැවුම් පලතුරු වලින් එවෙලේ හදන නිසා මේ අවන්හලේ පලතුරු බීම ඉස්තරම් රසයෙන් යුක්තයි කියන්න ඕනි.

weleliya

ඒ වගෙම පලතුරු සලාදත් ඉතා රසවත්.මේ Wel Eliya Food Corner අල්ලලා ලඟින්ම තවත් පලතුරු වෙලඳසැලකුත් දකින්න පුලුවනි.ඉතින් ඔබ මෙහි ආවොත් පලතුරු වර්ග කන්න ගන්නත් පුලුව්නෛ.පලතුරු බීම වීදුරුවක් 80-150 වගේ මිල සීමාවේ පවතින්නේ.

සේවාව

මෙහි ගොඩක් වෙලාවට එක් කාන්තාවක් තමයි සේවයට ඉන්නේ.ඇය තමයි මේ පලතුරු බීම හදන්නෙත්.නිතර මිනිස්සු යන එන තැනක් නොවෙන නිසා ඉක්මනට රසවත් පලතුරු පානයක් බොන්න මෙතනට ආවොත් පුලුවනි.

මග

මේ අවන්හල පිහිටන්නේ ගිනිගත්හේනත් නාවලපිටියත් අතරමැදට වෙන්නට.නාවලපිටියේ ඉඳන් එනවා නම් මෙතනට කිලෝ මීටර් 10ක් විතර තියනවා.එහෙම එනකොට පාරෙන් වම් අත පැත්තට වෙන්නට වංගුවක් එක්කම තමයි මේ අවන්හල පිහිටන්නේ.මේ හරියට කියන්නෙ අඹගමුව කියලා.ටිකක් විමසිල්ලෙන් ආවොත් හොයාගන්න එක අමාරු නෑ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0726329881.ඔවුන් උදේ 7.30 ඉඳන් සවස් වෙනතුරු විවුර්ථයි.ඔබත් මේ පැත්තේ යනවා නම් වෙල් එලිය ෆුඩ් කෝනර් එකට ඇවිත් රසවත් පලතුරු බීම වීදුරුවක් බොන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *