කන්න බොන්න කලින් එන්න

The Manhattan Fish Market – Kollupitiya ලෝ ප්‍රසිද්ධ මෑන් හැටන් මාලු මාකට් අවන්හල් ජාලයේ ලංකාවේ අවන්හල

banner

මෑන්හටන් මාලු මාකට් එක කියන්නේ ලංකාවේ පිහිටි මාලු වලින් හදන කෑම වලට මූලිකත්වයක් දෙන ලෝප්‍රසිද්ධ අවන්හල් ජාලයේ එක් අවන්හලක්.මේ අවන්හල් ලංකාවේ රාජගිරියේ සහ කොල්ලුපිටිය කියන තැන් වල පිහිටලා තියනවා.ඔවුන්ගේ අවන්හල් ජාලයේ 60ක් පමන ආසියාවේ මැදපෙරදිග කලාපයේ පිහි‍ටුවා තියනවා.ලොව පුරා වෙසෙන ගොඩක් දෙනා ඇමරිකන් තාලයට මෙහි හදන සී ෆුඩ් කැමට ප්‍රිය කමක් දක්වනවා.ඒ රස දැන් ලාංකිකයන්ටත් ඒ අයුරින්ම විඳින්නට පහසුකම ලැබී තියනවා.අපි අද ගොඩ උනේ කොල්ලුපිටියේ තියන මැන් හැටන් මාලු මාකට් එකට ඔවුන්ගේ රස රහස් ඔබට කියන්නට.

වටපිටාව

Manhattan

මෙතන පිහිටන්නේ ඩුප්ලිකේශන් පාරේ.ඉතින් ගොඩක් කලබලකාරී නිසාවෙන් මෙහි රථ වාහන පාක් කරන්න නම් ඒ අසල තියන අතුරු පාරක්ම හොයාගන්න වෙනවා.ඔවුන්ගේ පාකින් නම් ලොකු ඉඩක් ඇත්තේම නෑ.මේ අවන්හලේ ඇතුලත ඉතා අනර්ග ලෙස නිර්මානය කරලා තියන බව නම් පේනවා.ඇතුලත දෙදෙනෙක්ට , 6 කට 4කට ලෙසට එකට ඉඳගෙන කන්න පුලුවන් පරිදි මේස පු‍ටු දාලා තියෙනවා. ඒ වගේමයි සැප පහසු කුශන් පු‍ටු වල ඉඳලත් ඔබට මෙහි ආහාර ගන්න පුලුවන්.මෙහි බිත්ති කලු ලෑල්ලක් මත ඇති පුවරු වකින් ඔවුන්ගේ ආහාර ගැන යම් ඉඟි ලබා දී තියනවා.බිත්ති යේ එක් පසක ඔවුන්ගේ විශාල මාලුවෙක් සහිත ලෝගෝව දක්නට ලැබෙනවා.ඇතුලත ලා කහ පැහැයක් ලාක්ශනික වර්නයක් එන ලෙස ආලෝකය සකස් කර තින්බෙනවා. ඇතුලත ඉතාම පිරිසිදුයි.නැවුම් ගතියකින් යුක්තයි.

බඩජාරි මෙනුපත

Manhattan4

මෙහි ස්ටාටර් සුප් සැලඩ් සයිඩ්ස් වලට අමතරව ඔවුන්ටම වෙන්වූ රසවත් කැම වර්ග ගනනාවක් කන්න ගන්න තියනවා .ස්පැගටි ටූනා එකක් රසවත් සැමන් මසුන්ගෙන් යුත් ස්පැගටි එකක්.මේකක් 990ක් වෙනවා.Creamy mushroom penne එකක් හතු ත් එක්ක දැව‍ටුනු ක්‍රීම් එකක් සහ චීස් එක්කයි එන්නේ.ඒකක් 790ක්.ඔවුන්ගේ පැස්ටා වර්ග විවිද නම් වලින් සපයනවා.මේ සියලු කැම වේලක්ම මනා ලෙස පිඟානට සකස් කර තමයි එන්නේ.දැකීමත් කටට කෙල උනන සුලුයි.ඔවුන්ගේ Sexy hot whole fish එක දෙතුන් දෙනෙක්ට ශෙයාර් කරගෙන්න කදිමයි.සම්පූර්න මාලුවෙක් කැරට් ලූනු සමග ලැබෙනවා.. ඒකක් 2000ක් පමන වෙනවා.මීට අමතරව බේක් කල මාලු වලින් යුතු කෑම වර්ග, හොඳින් බැදුනු මාලුත් එක්ක කෑම වගේ මාලු වලින් හදාපු විශේශිත කෑම මෙහි කෑමට ගන්න පුලුවන්.ඔබ මෙහි ඇවිත් මාලු කෑම වර්ගයක් කන්න අකමැති නම් ඔබට චිකන් රසට කෑම ගන්නත් පුලුවන්,ඒ වගේම ඉස්සෝ දැල්ලෝ කකුලුවෝන්ගෙන් විව්ද වර්ගයේ කෑම ඔබට මෙහිදී ආහාරයට ගන්න පුලුවන්.

Manhattan2

මේ සියලු ආහාර එකිනෙකට වෙනස් රසයෙන් යුක්ත වෙනවා.ඒ වගේම දේශීය අවන්හල් වලින් ලබාගන්න බැරි කැම වර්ග බොහොමයක් මෙහිදී ආහාරයට ගන්න පුලුවන්.ගනන් නම් ටිකක් ඉහලයි.ඒත් මෙහිදී වෙනස් කෑම වර්ග ලබා ගැනීමේ අත්දැකීම සුවිශේශී.ඇත්තටම ඔබට මෙහි පෙලක් කෑම ඒ තරම් හිතට අල්ලන එකක් නෑ.ගොඩක් කෑම ඔවුන් පිලිවෙල කරන්නේ ඇමරිකානු ක්‍රමයට ඔවුන්ට ආවේනික රෙසිපියකට වීම තමයි ඒකට හේතුව.

Manhattan1

කොහොම උනත් ඔබ ගෙවන මිලට වටින විදියට කෑම ගන්න පුලුවන්.පිඟානට එන පෝශන් එකක් ටිකක් කුඩා වගේ පෙනුනත් කනකොට හිතේවි බඩ පිරෙන්න ඇති බවත්.

සේවාව

මෙතන ඉන්න කාර්‍ය මංඩලය ඉතාම හොඳ සේවාවක් සපයනවා.ඔවුන් ඒ වෙනුවෙන් හොඳින් පුහුනු කර තිබෙන බවක් තමයි පේන්න තියෙන්නේ.කොහොම උනත් ඔවුන් ඉතා මිත්‍රශීලියි.ඔබේ කැමති රසයට අවශ්‍ය කරන කෑම සොයා දෙන්න ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.කෑම ආරම්භයේ සිට අවසානය දක්වා ඔබ ගැන ඔවුන් විමසිලිමත් වෙනවා.එය ඉතා හොඳ දෙයක්.සේවාව ඉතා හොඳ මට්ටමේ එකක් කියලා කියන්න ඕනි

මග

මෙතනට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් කොල්ලුපිටිය මංසංදියට ඇවිත් එතනින් ඩුප්ලිකේශන් පාර දිගේ මීටර් අටසීයක් විතර එන්න ඔනි ඉස්සරහට .මහානාම විදුහලට කලියෙන් පාරෙන් දකුනු අත පැත්තේ ඔබට දැකගන්නට හැකි වේවි මැන්හැටන් මාලු මාකට් එක පහසුවෙන්ම

මෙතන දුරකථන අංකය 0112301901.ඔවුන් විවුර්ථ කරන්නේ දහවල් 12ට.එතැන් ඉඳන් රාත්‍රී 12 පමන වෙනකන් මෙතන විවුර්ථයි.ඔබත් ටිකක් වෙනස් විදියට මාලු වලින් විව්ද විදියට රසවත්ව ආහාර වේලක් කන්න හිතුනොත් මැන් හැටන් මාලු මාකට් එකට ඇවිත් යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *