කන්න බොන්න කලින් එන්න

Sweetberry – Havlock Town රසවත් ස්ට්‍රොබෙරි වීදුරුවක රස බලන්න ස්වීට් බෙරි

banner

ස්වීට් බෙරි කියන්නේ වර්නවත් බීම වර්ග අලෙවි කරන ඉතා කුඩා අවන්හලක්.රසවත් පලතුරු බීම වගේම ස්මූදි ඔවුන් පිරිනමනවා.ඒ පානය ගත සිත කුල්මත් කරන්න ඉස්තරම්.ඒ වගේම මේ බීම වීදුරු හොඳ පෝශනයකින් යුක්තයි.ඉතින් සෞඛ්‍යටත් හිතකරයි.

වටපිටාව

sweetberry1

මෙතන් ඉතා කුඩා අවන්හලක්. ඇතුලත ඉතා කුඩා ඉඩක් තියෙන්නේ .එය හැරෙන්නත් ප්‍රමානවත් නෑ.කුඩා ඉඩේ ස්ටූල් දාලා. ඒමත වැඩි වෙලාවක් ‍රැ‍ඳෙන්න හිත් දෙන්නේත් නෑ. කොහොම උනත් එලියෙත් ඉඳගෙන බීම බොන්න පුලුවන්.ඒත් දිවා වරුවක නම් අප්‍රසන්න වේවි .අව් සැර වැඩි නම්.අල්ලපු වැටේ පැනි රස කන්න ඕනි නම් ස්වීට් බඩ්ස් අවන්හලත් පිහිටලා තියනවා

බඩජාරි මෙනු පත

sweetberry3

මෙතන ස්මූදි වර්ග පලතුරු බීම,ශෙක්ස් සෝඩ වර්ග ෆොලෝට් සහ චොකලට් වර්ග ගන්න පුලුවන්.හොඳම දේ ස්මූදි එකක් හරි පලතුරු බීම එකක් හරි රස බලන එක.අනික් වත් හොඳයි.ස්මූදි වර්ග රාස්බෙරි බ්ලැක් බෙරි ස්ට්‍රොව්බෙරි බ්ලූබෙරි කෙසෙල් අඹ රසට ගන්න තියනවා.රාස්බෙරි ස්මූදි එකක් 280. ඒ සාමානය ප්‍රමානය ලොකු වීශුරුවක් 430ක් වෙනවා.බ්ලැක්බෙරි සහ බ්ලූබෙරි ස්මූදිත් ඒ ගනන් සීමාවේ තියෙන්නේ.හොඳින් උකුවට අදාල රස කදිමට එහි ඇතුලත්.බෙරි වර්ග බොහොමයක් ඇඹුල්.ඒ එහි ලාක්ශනික රස .මේ ස්මූදි වලත් ඒ අමුතු ඇඹුල් රස යහමින් තියෙනවා.වෙනසකට උත්සහ කරන්න හොඳයි.

sweetberry5

මෙහි ඇති කබෝනේට් වර්ගත් හොඳ වෙනස් මෙනු එකක්. රාස්බෙරි බ්ලැක්බෙරි ස්ට්‍රොව්බෙරි සහ රාස්බෙරි රසයෙන් සෝඩා පිරිනමනවා.ඒ හැම එකක්ම සාමාන්‍ය ප්‍රමානය 200යි.ඒ වගේම චොකලට් බීම එකත් ඉතා රසවත්. මේ ගොඩක් බීම වර්ග අපිට සුලභ නැති රසයන්.

බෙරි රසයන්ගෙන් වගේම වැනිලා චොකලට් කෙසෙල් අඹ වගේ රසයන්ට ශේක් වර්ග රස බලන්නත් මෙහි පුලුවන්.ඒ සියල්ලම 200-300ත් අතර මිල සීමාවේ තම යන්නේ.

සේවාව

මෙතන ඉතා කුඩා තැනක්. ඒ නිසා සේවාව ගැන විශේශයෙන් කියන්න දෙයක් නෑ.ඉකමන් .ඒ ඉතා කුඩා තැනක් නිසා.කොහොම උනත් ගෙනිහින් රස විඳින්න පුලුවන් නම් වඩා හොඳයි.ඔවුන් සතුව ඩිලිවරි පහසුකමුත් තියනවා.කොලඹ අවට නම් 077 020 3040 නම්බරයට කතා කරලා ඒ ගැන විස්තර දැනගන්න පුලුවන්.

මග

මෙතනට කොලඹ ඉඳන් එනවා නම් තිඹිරිගස්යාය හංදිය ඕහු කරලා ඇවිත් ඉසිපතන පාසලට හැරේන හඳියෙන් දකුනු අත පැත්තට ,ඒ කියන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඉස්සරහට එන්න ඕනි.ඒ එනකොට පොඩ්ඩ දුරක් ආවම දකුනු පැත්තට ඩී ෆොන්සේකා පාරේ ආවොත් දකුනු අත පැත්තට වෙන්නට ස්වීට් බෙරි කුඩා අවන්හල දැකගන්න පුලුවන් වේවි.

ඔයාලටත් රසවත් බීම වීදුරුවක රස බලන්න හිතුනොත් ඇවිත් යන්න වටින තැනක් තමයි ස්වීට් බෙරි කියන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *